මැති ඇමතිවරු දේශපාලන පෙරළියේ අරුත දන්නේ නෑ – ආචාර්ය අතුල විතානවසම්
දිගහැරෙමින් පවතින දේශපාලන ක්‍රියාදාමය එකිනෙකට සම්බන්ධයක් නැති නොපැහැදිළි බවක් පෙනෙන්නට තිබේ. එක් පැත්තකින් ජාතික ආණ්ඩුවක් ගැන කථා කරන අතර තව පැත්තකින් විධායක කාරක සභා ක්‍රමයක් ගැන ද කථා වේ. මීට අමතරව නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන කථාවක් ද අසන්නට ලැබේ. මේවා අතර ඇති සම්බන්ධය පිළිබඳව කැබිනට් ඇමතිවරුන්ටවත් වැටහීමක් නැති ගාන ය. ඇත්තටම අගමැතවරයාට හා ජාණාධිපතිවරයාට මේ පිළිබඳව වැටහීමක් නැති බව කියන්නට බැහැ.
විශේෂයෙන්ම උක්ත සංකල්ප ඉදිරිපත් කළ තැනැත්තා හැටියට රනිල් වික්‍රමසිංහ මහතාට මේවා අතර ඇති සම්බන්ධය පිළිබඳ පැහැදිළි අදහසක් තිබිය යුතු ය. මට පෙනෙන ආකාරයට නම් වික්‍රමසිංහ මහතා නව ගමනකට මුලපුරන්නට උත්සාහ දරන බව නම් පැහැදිළි ය.
විධායක කාරක සභා ක්‍රමය අපිට අළුත් දෙයක් නොවේ. 1931 සිට 46 පමණ වනතුරු ලංකාවේ ක්‍රියාත්මක වූ ඩොනමෝර් ව්‍යවස්ථාවට අනුව රට පාලනය වූයේ විධායක කාරක සභා ක්‍රමය තුළිනි. විවිධ ජාති, ආගම්. පංති පමණක් නොව කුල වශයෙන් බෙදී තිබුණේ වි නමුත් මංත්‍රීවරු කිනම් හෝ කාරක සභාවකට සම්බන්ධ වී තම වගකීම් ඉටු කලහ. ප්රජාතන්ත්රවාදි පාලනය පිළිබඳ කිසිදු අත්දැකීමක් නැති මෙරට නායකයින්ට ඒ පිළිබඳව ප්‍රයෝගික පුහුණුවක් මේ තුළින් ලබා ගන්නට හැකි විය. පසුව පැමිණි කැබිනට් ආණ්ඩු ක්‍රමය සාර්ථකවීම කෙරෙහි මේ පුහුණුව හේතු වූ බව පෙනේ.
ඒ ආකාරයටම තවමත් නොවිසදී ඇති රාජ්‍යයේ ප්රජාතන්ත්රවාදය පිළිබද ප්රශ්නය, ජාතික ප්රශ්නය හා ආර්ථික ප්රශ්නය වැනි බරපතල ප්‍රශ්න විස\ගැනීම නව රජයේ වගකීමකි. එජාපයට මෙවර පහසුවෙන්ම මංත්‍රිවරු කිහිප දෙනෙක් විපක්ෂයෙන් ලබාගෙන එජාප ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකියාව තිබුණි. පිල් බෙදී යහපත් දේටත් විරුද්ධවන අපගේ දේශපාලන ව්‍යුහය සහ සංස්කෘතිය තුළ මේ ප්‍රශ්න විස\ගත නොහැක. මෙය රනිල් වික්‍රමසිංහ මහතා මනා ලෙස තේරුම්ගෙන ඇති බව පෙනේ. විධායක කාරක සභා තුළ කටයුතු කිරීමෙන් අපේ රටට අවශ්‍ය ආණ්ඩුක්රමය පිළිබඳ නීරෝගි සාකච්ඡුාවක් මතුකර ගැනීම පහසු ය. අනික් අතට නව දේශපාලන සංස්කෘතියකට ද මංත්‍රිවරු හැඩගැසේ. අවාසනාවකට මෙන් අගමැතිවරයාගේ මේ අදහස් තේරුම් ගැනීමට තරම් මංත්‍රිවරුන්ට බුද්ධියක් ඇති බව නොපෙනේ. පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් කියන කරන දෙයින් මේ බව මොනවට පැහැදිළි වේ.
සමහර ඇමතිවරු තවමත් සිටින්නේ පැරනි සංස්කෘතිය තුළ ය. එස්. බි. ජාතියේ ඇමති වරු දැන් මෙසේ කියනවා අපිට අසන්නට ලැබේ. ”අපිට දැන් හොඳ අවස්ථාවක් උදාවෙලා තියෙනවා . මේ බලය සම්පූර්ණයෙන් යොදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනවා. ඒක කරලා අති විශාල ආසන ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනවා ” එසේ කීම හොඳ දෙයක් නොවේ. මක් නිසා ද යත් මේ එකතුව පක්ෂ හදන්නට හෝ පක්ෂ තර කරන්නට නොවේ. මේ එකතුව ඊ ළග මැතිවරණයෙන් තමන් දිනන්්නේ කොහොමද කියන්නට හදාගත් එකක් නොවේ. මේ එකතු වුනේ විශාල කර්ත්යවක් ඉටු කරන්නට ය. ඒ කර්තව්‍ය ඉෂ්ඨ කි්රීම මගින් පමණයි දෙගොල්ලන්ටම ඊ ළග මැතිවරණයෙන් දිනනවාද නැත්ද කියන එක තීරණය කෙරෙන්නේ. මිනිසුන් දැන් බුද්ධිමත් ය. මේ වැඩ කොටස ඉටු නොකළේ නම් අපි පරාජය කළා යැයි කියන අර බලවේගය හා සංස්කෘතිය අනිවාර්යෙන් නැවත පැමිණේ. ඒ නිසා මෙතනදි ජාතික කර්තව්‍යක් ඇති බව කවුරුත් සිතාගත යුතු ය. එහෙම කළොත් තමයි අර ජාතිවාදි ෆැසිස්ට් බලවේගය සදාකාලිකව පරාජය කළ හැක්කේ.
ඒක ජාතිවාදි, වර්ගවාදි, ප්රාදේශිකවාදි, 1800 ගනන් වලින් එපිටට ගිය එකක්. ඒකට නැවත පැමිණිමට ඉඩ නොදිය යුතු ය. ඒ අනුව මේ ආණ්ඩුව විවේචනය කළ යුත්තේ ද වගකීම් සහගතව ය. මේ ඇමතිකම් දීමේ දි සමහර දිමනා වල අපුලක් දැණේ. උදාහරණයක් ලෙස එස්. බී. ට ඇමතිකම් දීම ගත හැක. සමහර විට මෙවැනි දේවල් උපායිකව ගතයුතුව ඇත. කෙසේ නමුත් පැරණි තාලයට නටන්නට නොදී මොවුන් ලවා අදාල වැඩය කරවා ගැනීමට නායකයින් වගබලා ගතයුතු වේ. එසේ නැතිව ඇමතිකම් ලබාදී පැරණි ආකාරයට නටන්නට ඉඩ නොදිය යුතු ය.
වසර දෙකක කාරක සභා ක්‍රියාකාරිත්වය තුළ නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීමට පුළුවන. ඒ වසර දෙක තුළ මංත්‍රිවරුන්ට පුණරුත්ථාපනය වීමට ද අවස්ථාවක් සැළසේ. ඒ තුළ ජාතිවාදි දෘශ්ඨියෙන් මිදි රටේ පවතින ඇත්ත ප්‍රශ්න විසදාගැනීමට සුදුසු ප්රජාතන්ත්රවාදි ව්‍යවස්ථාවක් හදාහැනිමට පුළුවන. මම දන්නා විධියට නම් ලෝකයේ මධ්‍යම ආණ්ඩුව සම්බන්ධයෙන් කාරක සහා ක්‍රමය අදටත් යොදා ගෙන නැත. ඒ නිසා අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාවක් කෙටුම් පත්කළ යුතුවේ.
අදත් ප්රජාතන්ත්රවාදි පාලන ආකෘති සංවිධානය කරන්නේ පාලන ආකෘති 3ක් යටතේ ය. ඒ කියන්නේ ජනාධිපති ක්‍රමය. කැබිනට් ක්‍රමය සහ අර්ධ ජනාධිපති ක්‍රමය වේ එය මිශ්‍ර ක්‍රමය ලෙස ද හැඳින්වේ. ඒ ක්‍රමය ලෝකේ රටවල් 50 ගණනක පමණ පාවිච්චි කෙරේ. අපි හොඳින් දන්නා පැරණිම ආණ්ඩු ක්‍රමය තමයි කැබිනට් ක්‍රමය. ඒක බිතාන්‍ය සම්භවයක් තියෙන, එහි උපත ලබා යටත් විජිත රාජ්‍යයන් වල අත්හදා බලන ලද ක්රමයකි. ලෝකයේ බොහෝ රටවල තිබෙන්නේ එම කැබිනට් ආණ්ඩු ක්‍රමය වේ. ඊ ළගට ජනාධිපති ආණ්ඩුක්රමය. ඇමෙරිකාව දකුණු ඇමෙරිකාව. මධ්‍යම ඇමරිකාව යන රටවල ඒ ක්‍රමය බහුලව ක්‍රියාත්මක වේ. ජනාධිපති ක්‍රම ලෝකේ අඩුයි ඇත්තටම. ඊ ළගට තියෙන්නේ අර්ධ ජනාධිපති ක්‍රම. කැබිනට් ක්‍රමයේත්, ජනාධිපති ක්‍රමයේත් අංග ලක්ෂණ දෙකම මිශ්‍රව මේ ක්‍රමය ක්‍රියාත්මක වේ. කෙසේ නමුත් බලය බෙදන ලද පාර්ලිමේන්තු ක්‍රමයක් අපේ මේ බහුවාර්ගික සමාජයට ගැලපෙන බවයි මට නම් පෙනෙන්නේ.
මභින්ද රත්නායක
