ජනපති පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට

එලැඹෙන වසරේ 2019 මාර්තු මස ජනාධිපතිවරණයක් පැවැත්විමට සිරිසේන ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති සිරිසේන එහිදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි පැවසේ. වාර්තා වන අන්දමට මේ සඳහා වන මූලික වටයේ සාකච්ඡා සඳහා ජනාධිපති සිරිසේන වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක සහ ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මැදිහත් වි ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැදිහත් වී ඇත. එමෙන්ම එජාපයේ කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරා, ප්‍රචාරක වාසියක් ලබා ගැනීමට ද ජනාධිපති උපදේශකයින් සැලසුම් කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *