විපක්ෂ නායක ධුරය පිළිබඳ ලොකු ප්‍රශනයක් කියෙනව – ආචාර්ය හර්ෂ ද සිල්වා සහ නලීන් බණ්ඩාර
මහින්ද මහත්තයට විපක්ෂ නායක ධුරය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියනව නේද?
පුද්ගලිකවම මහින්ද රාජපක්ෂ මහත්තය විපක්ෂ නායකත්වය ගන්න එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ප්රශ්නය තියෙන්නෙ එතුමා නීත්‍යානුකුල මන්ත්‍රිවරයෙක් ද නැද්ද කියන එක. මහින්ද රාජපක්ෂ තමයි පොදු ජන එක්සත් පෙරමුණු නායකයා. ඒක මාධ්‍යය හැම එකකම තියනවා. එහෙම නැත්නම් පොදු ජනයව රැවැට්ටුවා. ඒ කෙදෙන් එකක් ඇත්ත වෙන්න ඕනැ.
කතානායක තුමා පිළිගත් පසුව උසාවියට ගිහිල්ලා විසඳුමක් ගන්නත් බැහැ නේද?
කතානායක තුමා පිළිගත්තෙ යූ.පී.එෆ්. එකේ අයට තමයි වැඩි ආසන සංඛ්‍යාවක් තියෙන්නෙ. ඉතින් ඒ නිසා ඒක පිළිගන්නවා කියලා.99/13 ව්‍යවස්ථාවෙ පැහැදිලිව තියනවා. පක්ෂයකින් නෙරපුවොත් මාසයක් ඇතුළත අධිකරණයට ගිහිල්ලා ස්ටේ ඔඩර් එකක් ගන්න ඕනැ. එහෙම තමයි මෙච්චරකල් වුණේ. කීදෙනෙක් නෙරපලා තියනවද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙනව නම් වෙන පක්ෂයක සාමාජිකත්වය ගත්තොත් මේ පක්ෂයේ සාමාජිකත්වය ඉවත් වෙනව කියල එහෙමනම් ලොකු ප්‍රශ්නයක් තියනවා.
ගොඩක් දෙනෙක් ගෙදර අරින්න පුළුවන්
නලීන් බණ්ඩාර
අපිට නම් ලොකු සතුටත් තියෙන්නේ රටේ අගමැතිවරයා වෙන්න කුමන්ත්‍රණ කරපු මහින්ද රාජපක්ෂ මහත්තයා අද විපක්ෂ නායක ධුරයට තරඟ කරනවා අර්. සම්පන්දන් මහත්තයත් එක්ක.
අපි පැහැදිලිවම දැක්කා මහින් රාජපක්ෂ මහත්තයා, නාමල් රාජපක්ෂ මහත්තයා අතුළු මේ නඩේම පොහොට්ටුවෙ සාමාජිකත්වය ගන්නව. ආණ්ඩුක්‍රම වයවස්ථාවට අනුව යම්කිසි පක්ෂයකින් හෝ පෙරමුණකින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රිවරයකුට පක්ෂයේ සාමාජිකත්වය අහිමි වුණාම ඒ මන්ත්‍රි ධුරය අහිමි වෙනව. මට තේරෙන්නේ විපක්ෂනායකම කම ගන්න දඟලල තමන්ගෙ මන්ත්‍රි ධුරයත් නැතිකර ගන්නයි හදන්නෙ.
එතුමන්ලා කියනවා අපි තවම අයදුම් පත්‍රය තමයි ගත්තෙ සාමාජිකත්වය ගත්තෙ නැහැ තාම කියල.
ඒ ගොල්ලන්ගෙ ප්‍රතිපත්ති නම් කටුස්සන්ගෙ වගේ තමයි වෙලාවෙන් වෙලාවට පාට මාරු කරන කට්ටිය.
පොදු ජන එක්සත් පෙරමුණේ සාමාජිකත්වය ගත් සියලු දෙනාට මේ මන්ත්‍රි ධුරය අභියෝගයට ලක්වෙන පාටක් ද තියෙන්නෙ?
අනිවාර්යෙන් එක්සත් ජාතික සංධානයේ අයට කොන්දක් තියනව නම් විශාල මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් නැති කරල අලුතෙන් පිරිසක් පත්කරගන්න පුළුවන්. අපි දන්නෙ නෑ ඒ හැකියාව එයාලට තියෙනවද කියල.
මනෝජ්
