|

ජාත්‍යන්තර ණය ගෙවන්න වසර පහක සහන කාලයක් ! වසරක ගෙවීම අඩකින් අඩුවෙයි !! – ජනාධිපති

  මෙරට විදේශ ණය ගෙවීමේ දී 2023 සිට 2027 දෙසැම්බර දක්වා වසර පහක සහන කාලයක් ලැබෙනු ඇතැයි ද, වසරකට ගෙවන ණය ප්‍රමාණය අඩකින් අඩු වනු ඇතැයි ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එමෙන් ම ණය ගෙවීම සඳහා 2042 දක්වා කාලය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද…

|

වැට් බදු නිදහස් කරන භාණ්ඩ ගැන ජනපති හෙළිකරයි

ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. හැකිළී තිබුණ ආර්ථිකය මේ වනවිට යථාතත්ත්වයට…

|

ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම් අත්සන් කරන්න බලා ඉන්න වෙලා – මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

  පැරිස් සමාජය සහ ඉන්දියාව ඇතුළු නිල ණය හිමියන් සමඟ අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්  අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකාවට පෞද්ගලික ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟත්වය ලැබෙන තෙක් බලා සිටීමට සිදු විය හැකි බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි. පැරිස් සමාජය සහ ඉන්දියාවෙන් සැදුම්ලත් නිල ණය හිමි කමිටුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත…

|

ඩොලර් බිලියනයේ තෑග්ග (දෙවන කොටස) – ඉකොනොමැට්ටා

නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඉදිරි වසරේදී ඇතුළු වන සිසුවෙකු විසින් එහි අධ්‍යාපනය ලබන වසර හතරක කාලය තුළ ගාස්තු ලෙස ඩොලර් 287,122ක මුදලක් ගෙවිය යුතුව තිබුණා. රූත් ගොටස්මන් විසින් එම වෛද්‍ය විද්‍යාලයට ඩොලර් බිලියනයක ධන පරිත්‍යාගයක් කිරීම නිසා ඉදිරි වසර තුළ හා ඉන් පසුව මෙම වෛද්‍ය පීඨයට ඇතුළු වන සිසුන් විසින් දැන් මෙම…

|

ඩොලර් බිලියනයේ තෑග්ග (පළමු කොටස) – ඉකොනොමැට්ටා

රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුසිසුවියන්ට පාඨමාලා ගාස්තු නොගෙවා නොමිලයේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ලංකාවේ පසුබිමේ…

බැංකු පොලී අඩු වී මාස 18 ක් 20 ක් පවතීවි ; ඩොලරයේ අගය එකවර බහින්න ඉඩ දෙන්නේ නැහැ – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

  උද්ධමනයේ සියයට 5 ක ඉලක්කය දිගුකාලීනව පවත්වා ගෙන යා හැකි බවත්, ඒ අනුව අඩුවන බැංකු පොලී තත්ත්වය අඩු වශයෙන් මාස 18 ක් 20 ක් පවතිනු ඇති බවත්, පොලී අනුපාත ඉක්මනින් යලි වැඩි වීමේ අවධානමක් නැති බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ…

|

ජනවාරි මාසයේ අලුත් සමාගම් 1,995 ක් ලියාපදිංචි කරලා – මහ බැංකු අධිපති

  සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ වාර්තා අනුව මෙම ජනවාරි මාසයේ අලුතින් සමාගම් 1,995 ක් ලියාපදිංචි කොට ඇති බවත්, එය ආර්ථිකයේ වර්ධනයක් සිදුවන බවට සඥාවක් බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ව්‍යාපාර වැසීම ගැන සමහරු කතා කළත්, ඇතැම් ව්‍යාපාර වැසී යෑම සහ අලුත් ව්‍යාපාර ආරම්භ වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්, මහ බැංකු අධිපතිවරය…

|

වැට් බලපෑම අවම යි ; උද්ධමනය 5.9 % දක්වා පහතට

    ජනවාරි මාසයේ වැට් බදු වැඩි කිරීමත් සමග මෙරට උද්ධමනය විශාල ලෙස ඉහළ යනු ඇතැයි ඇතැම් පිරිස් කළ පුරෝකථන බොරු කරමින් පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 5.9 දක්වා පහත වැටී ඇත. ජනවාරි මාසයේ එය පැවතියේ සියයට 6.4 ක් වශයෙනි. ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත්කළ දත්ත අනුව පෙබරවාරි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය වාර්තා වී…

|

දිනෙන් දින වැඩි වන ණය බර – මහාචාර්ය ඕ ජී දයාරත්න බණ්ඩා

මෙරට ණය අර්බුදය සම්බන්ධයෙන්  සමාජය තුළ පෙරටත් වඩා සාකච්ඡාවක් මතුවෙමින් ඇති බව පෙනේ. මෑත කාලයේ විවිධ ආණ්ඩු ලබාගත් ණය සැලකිල්ලට ගතහොත් පසුගිය වසර විස්සක කාලය තුළ එනම් 2004 වසරේ සිට මේ දක්වා විශාල ණය කන්දරාවක් ගොඩගැසීම ණය අර්බුදය උග්‍ර අතට පත්වීමට හේතුවකි. එම ආණ්ඩු දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ඩොලර් බිලියන 70කට වඩා මේ වසර විස්ස…

|

මහ බැංකුව මැදිහත් නොවුණා නම් ඩොලරය රුපියල් 200 ට වැටෙන්න තිබුණා – මහ බැංකු අධිපති

  මහ බැංකුව මැදිහත් වී වෙලේන්දපොලෙන් ඩොලර් මිල දී නොගත්තා නම් දැනට රටට ලැබෙන ඩොලර සැපයුම අනුව ඩොලරය රුපියල් 200 ක් තරම් පහත වැටීමට ඉඩ තිබු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී යු ටියුබ් නාලිකාව ප්‍රකාශ කරයි. මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවට…

|

ඩොලරය රුපියල් 310 න් පහළට

  රුපියලේ හුවමාරු වටිනාකම තවදුරටත් ශක්තිමත් වෙමින් අද උදේ වනවිට ඩොලරයේ හුවමාරු අගය රුපියල් 310 න් පහළට පැමිණි බව වාර්තා වෙයි. වෙළෙඳපොලේ අද උදේ ඩොලරයේ හුවමාරු අගය සටහන් වුයේ රුපියල් 309.90 – 310.00 වශයෙනි. ඩොලරයේ අගය රුපියල් 280 සහ 300 අතර පවත්වාගැනීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බව…

|

ආහාර මිල , ඉන්ධන , විදුලි ගාස්තු ලබන මස අඩු කරනවා – ජනාධිපති කැබිනට් මණ්ඩලයට කියයි

    රජයේ මුල්‍ය තත්ත්වය ශක්තිමත් වී ඇති බැවින් ආහාර මත බදු, විදුලි ගාස්තු, ඉන්ධන මිල ලබන මාසයේ සිට අඩු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කොට ඇත. රුපියලේ අගය ඩොලරයට රුපියල් 280 – 300 මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත්, එවිට බදු මිල තවත් අඩුවනු ඇති බවත්, ජනාධිපතිතුමා පවසා තිබේ.