|

කොළඹ කොටස් වෙළෙඳපොළෙ විශාල වර්ධනයක්

පසුගිය දිනවල සුළු වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළේ අද දිනය තුළ විශාල වර්ධනයක් පෙන්නුම් කළ බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. ඒ අනුව nකලකට පසු අද (02) දිනයේ දී අද දිනයේ රු. බිලියන 2 සීමාව ඉක්මවූ දෛනික පිරිවැටුමක් වාර්තා වී ඇත.  අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 138.95 කින් ඉහළ…

|

ලෝක බැංකු රතු එළියේ පණිවුඩය – මහාචාර්ය ඕ ජී දයාරත්තන බණ්ඩා

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව විදේශ සංචිත ශුන්‍ය මට්ටමට ළඟාවීමට ආසන්නය. එනම්, වියදම් කළ හැකි විදේශ සංචිත නොමැති තරම්ය. මේ තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය ආනයන සඳහා වන ගෙවීම් සිදු කිරීම දුෂ්කර වී ඇත. අපනයන සහ විදේශ සංක්‍රාම හරහා ලැබෙන විදේශ විනිමය හැරුණුවිට ආනයනවලට අවැසි මුදල් සපයා ගන්නේ සංචිතවලිනි. එහෙත් තවදුරටත් ඒ වෙනුවෙන් නිදහස් කිරීමට තරම්…

|

නාස්තිකාර පාලනයේ වින්නැහිය – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන

  දොළොස් වැනි සියවසේ මැද භාගයේ දී පසුකාලීනව පළමු පරාක්‍රමබාහු රජ බවට පත් පරාක්‍රමබාහු කුමරා දක්ෂිණ දේශයේ රජකමට පත්වූ විට සිත්තැවුලට හේතුවන අත්දැකීමකට මුහුණ පෑවේය.  දළවශයෙන් දක්ෂිණ දේශය යයි හැඳින්වූයේ මෙකල බටහිර සහ වයඹ පළාත්ය. චූලවංශයේ දක්වා ඇති පරිදි කුමරා ඔහුගේ භාණ්ඩාගාරිකගෙන් (මේ වන විට භාණ්ඩාගාර ලේකම් හා සමාන) විමසා සිටියේ ප්‍රමාණවත් සම්පත් භාණ්ඩාගාරයේ තිබේද…

|

ජනතාව කබලෙන් ලිපට දැම්මේ කවුද? – මහාචාර්ය සිරිමල් අබේරත්න

මහජන විරෝධයේ සාමකාමී බවත් විනයානුකූල ස්වාභාවයත් කෙමෙන් වියැකී යද්දී ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 2022 ජුනි මාසයේ සියයට 54.6 දක්වා ඉහළ ගිය බව වාර්තා වූයේය. එය සියලුම ආසියානු රටවලින් ඉහළම අනුපාතයේ වූ උද්ධමනයයි. සමස්ත ලෝකය ඇසුරෙන් බැලුව ද ශ්‍රී ලංකාව පසු වන්නේ ඉහළම උද්ධමනය පවතින රටවල් 10 අතර ය. ඒ සියලුම රටවල උද්ධමන වේගය සියයට 50කට…

|

මේක අත්හදා බැලීම් කරන වෙලාවක් නෙවෙයි – ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

    ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. එසේම විවිධ පාර්ශ්ව ඉන් මිදීමට යෝජනා ඉදිරිපත් කරයි. ඒ අනුව වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ දිනමිණ කළ විශේෂ කතාබහකි මේ. – උද්ධමනය අපට විතරක් පාලනය කරන්න බෑ – බදු ප්‍රතිපත්තිය වෙනස්…

|

61 දී ශ්‍රී ලංකාවට වැරදුණු තැනින් පටන්ගත් සිංගප්පූරුව – කොළඹ නැව් ගතකරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ

ඉන්දියන් තෙල් සමාගමට අනුබද්ධ ඉන්ධන පිරවුම්හල්වල ඛනිජ තෙල් ඇතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල්වල ඉන්ධන නොපවතී. එය එසේ වන්නේ ඛනිජ තෙල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් නැති නිසාය. ඒ තරගකාරීත්වය නිර්මාණය කිරීම සඳහා කුමක් කළ යුතු දැයි අප විමසුවේ නැව්වලින් භාණ්ඩ ප්‍රවාහනය කරන වෙළෙඳ ප්‍රජාවගේ සංවිධානය වන කොළඹ නැව් ගතකරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ…

|

සංස්ථා පාඩු ජනතා කරපිට පැටවීමේ විපාක – මහාචාර්ය සිරිමල් අබේරත්න

දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව තුළ ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීමට සමාගම් වැඩි ගණනකට අවසරදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බව අපට අසන්නට ලැබිණි. ඒ අනුව ඉන්ධන ආනයනය කිරීමට කැමැති කොම්පැනිවලට එසේ ආනයනය කොට දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඉඩ සැලසේ. මූලධර්මයක් ලෙස ගත් විට විවිධ සමාගම් දේශීය වෙළෙඳපොළට පිවිසීම ඔස්සේ, වෙළෙඳපොළ මිල, ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාව අතින්…

|

තෙල් ජනසතුවේ චූන් එක – රසික ජයකොඩි

  ලංකාවේ ආර්ථිකය විනාශ මුඛයට යන්න එක ප්‍රධාන හේතුවක් වූයේ ලංකාවේ මිනිසුන්ට වාමාංශික ප්‍රතිපත්ති සමග බැඳුණු ඉතා ම අතාර්කික, රොමෑන්තික ආසාවක් තිබීමයි. 1950-60 දශකවල ජීවත් වූ මිනිසුන්ට මේ රොමෑන්තික ආසාව විශාල ආශ්වාදයක් ගෙනදුන්නත් ඉතිහාසය දෙස නැවත හැරී බලනකොට පෙනී යන්නේ ඒ නිසා ලංකාවට සිදු වූයේ අති විශාල අනර්ථයක් බවයි. මේ සඳහා හොඳ ම උදාහරණයක් වූයේ…

|

ධනේශ්වර  විප්ලවය ඉදිරියට ඇදෙමින් පවතී ? – කීර්ති ගොඩිගමුව

  ගෝඨාභය  රාජපක්ෂ බලයට පත්කිරීම තුලින් ජනතාව බලාපොරොත්තු  වූයේ  ඔහු විසින් සංකල්පගත කරන ලද සිහින ලෝකයට  පිවිස එහි වාසය සඳහා අවස්තාවක් උදාකර ගැනීමයි. මෙම බලාපොරොත්තු ව වූ කලී 2005 න් ඇරඹි රාජපක්ෂ විධික්‍රමය මඟින් පීලි පන්නනු ලැබූ එවකට වැඩෙමින් තිබුනු ධනේශ්වර  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වෙනුවට ආදේශකයක්  වශයෙන් ඔහු විසින්ම හඳුන්වා දෙනු ලැබූ ගජමිතුරු ධනවාදයේ   දෙවන අදියර…

|

විදුලි පාඩු උපත කොහේද? – ආචාර්ය නිශාන්ත නානායක්කාර

  රටේ පවතින විදුලි අර්බුදයෙහි ප්‍රධානතම වගඋත්තරකරුවා විදුලිබල මණ්ඩලය බවට චෝදනා නැගෙයි. එසේම විදුලි බල මණ්‍ඩලය රටේ ආර්ථිකය වනසන රාක්‍ෂයන් අතරින් එකකු බවට ද ඇත්තේ ප්‍රබල මතයකි. නැගෙන ඒ චෝදනාවලින් මණ්ඩලය ගලවාගන්නේ කෙසේද යන්න මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි. මේ සාකච්ඡාව සඳහා අද අප සම්බන්ධ කරගන්නේ මොරටුව විශ්‍ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ හිටපු ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්යවරයකු වන…

|

රාජ්‍ය ව්‍යවසා වල ඇති අවුල කුමක් ද? – නිශාන්ත කමලදාස

රාජ්‍ය විසින් ව්‍යාපාරික කටයුතු නොකළ යුතු ය යන්න ධනවාදී ආර්ථික විද්‍යාර්ථීයන් දරන මතයකි. ධනවාදය ගැනත් පොදුවේ ව්‍යාපාරිකයන් ලබන ලාභ ගැනත් අපට ඇත්තේ සොඳුරු හැඟීමක් නොවේ. අප උගෙන ඇත්තේ ලාභය අපුල දෙයක් හැටියට ය. බිස්නස් පවක් හැටියට ය. ඒවා අප ගැට ගසා ඇත්තේ නිහීන කෑදර කමත් සමග ය. ඒ නිසා ඉහත මතය ද අපට දිරවා ගන්නට…

|

ආයෝජකයන් වෙනුවෙන් අවදානම් ගැනීමේ ආණ්ඩුවේ සූදානම පෙන්වූ විදුලිබල පනත – අජිත් පැරකුම් ජයසිංහ

    අපට ඕනැ කොන්දේසිවලට ආයෝජකයන් ගෙන්න ගන්න පුළුවන් රටක් නෙමෙයි වර්තමාන ලංකාව (එහෙම කාලයක් තිබුණා ඉස්සර). අයෝජකයන්ට ඕනැ විදියට තමයි කරන්න වෙන්නෙ. ඒක තමයි ආයෝජන ගැන සරලම කතාව. ඊයෙ අලි සබ්‍රි පාර්ලිමේන්තුවෙදි කරපු කතාවෙ මේ කොටස අහන්න: “බොරු ජාත්‍යාලයක් මවාගෙන දේශප්‍රේමයක් මවාගෙන මේ බොරුවක් කියන්න උත්සාහ කරනවා. ඔබ හිතනවාද ලෝක පූජිත සමාගම ලංකාවේ මෙගාවොට්…