ව්‍යවස්ථාව වෙනස් කරනවාට කැමතියි, ඒත් නම නිසා අකැමැතියි ලු

ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත්කර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට එකග නමුත් පවතින ව්‍යවස්ථාවට පිටින් ගොස් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරනවාට තමන් විරුද්ධවන බව විපක්ෂ සන්ධානයේ පෙරගමන් කරුවෙකු වූ වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශකර ඇති බව වාර්තාවේ. 72 දී මෙන් පවතින ව්‍යවස්ථාවට පිටින් නොගොස් ව්‍යවස්ථා විධිවිධාන වලට අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතුකරන…

එක්නැළිගොඩ නඩුවේ චූදිතයින්ට දැන් බේරෙන්න බෑ.

රාජපක්ෂ ජනාධිපතිවරයාම කියන ආකාරයට තමාගේ පාලන සමය තුළ පරික්ෂණ නොපැවැත් වූ ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යෑම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය අවසන් අදියරේ පවතන බව වාර්තා වේ. නීති විශාරදයින් දක්වන ආකාරයට දැනට ලැබී තිබෙන සාක්ෂි අනුව එක්නැළිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කළවුන් නීතිය ඉදිරියේ වැරදිකරුවන් වීම වැළැක්වීමට හැකියාවක් නැත. කෙසේ නමුත් පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු වන…

හිටපු ජනපති ආණ්ඩුව සමග ඩීල් එකක

මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ උදවිය කරන ලදැයි කියන බලය අපහරණය කිරීම, දූෂණ, වංචා සහ මිනීමැරුම් පිළිබඳ කෙරෙන පරීක්ෂණ අවසන් අදියරේ පවතින බව යුක්තියට දැනගන්නට ලැබේ. ඇතැම් පරික්ෂණයන්ට අනුව ඔවුන් වැරදිකරුවන් බව ඔප්පුවීමට තරම් කරුණු අනාවරණය වී ඇති බවට ද මේ අතර දැනගන්නට ලැබී ඇත. පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සම කැබිනට් ප්‍රකාශක…

සන්ධානයේ අභයාරාම පාර්ශවය තුනට කැඩේ ! – පිරිසක් ආණ්ඩුවට , පිරිසක් පෙරමුණකට , මහින්ද මද්‍යස්ථවෙයි !

සන්ධානයේ අභයාරාම පාර්ශවය ලෙස හදුන්වනු ලබන විපක්ෂ කණ්ඩායම තැනට බෙදෙන ලකුණු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . ඉන් පිරිසක් ළග දීම ආණ්ඩුවට එකතු වන බව සියලු වාර්තා මගින් තහවුරු කරයි . තවත් පිරිසක් ලබන පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සදහා විපක්ෂ සන්ධානයක් ගොඩ නගමින් සිටිති . මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම්…

නාවික හමුදාව ඇනගනී ! – මුහුදු ආරක්ෂක සංඛ්‍යාව 600න් 117 ට බහියි .

අවන්ගාඩ් සමාගම කරගෙන ගිය මුහුදු ආරක්ෂකයින් සැපයීමේ ව්‍යාපාරය තමන්ට කල හැකි බව කියමින් එය පවරාගත් නාවික හමුදාව යටතේ සපයා ඇති ආරක්ෂකයන් සංඛ්‍යාව දෙසැම්බර 30දා වනවිට 117 දක්වා අඩු වී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . අවන්ගඩ් සමාගම හොදින් කටයුතු කල සමයේ හැමවිටම මුහුදු ආරක්ෂකයින් 600ක් පමණ විවිධ නැවුවල යොදවා සිට ඇත . මේ වනවිට…

නිශ්ශංක සේනාධිපතිට නැවු 180ක් තිබුණා – හිටපු නාවික හමුදපති සෝමතිලක දිසානායක ජනාධිපති කොමිසමට කියයි

තමන් අවන්ගාඩ් සමාගමේ සේවයට යනවිට එහි අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට නැවු 180ක් හිමිව තිබු බවත් ඔහු අවන්ගාඩ් වලින් පමණක් මුදල් ඉපයුවකු නොවන බවත් හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කොට ඇත . අවන්ගාඩ් සමාගමට තරු හතරේ නිලධාරියකුගේ සේවය ලබාගැනීමට සේනාධිපති මහතාට අවශ්‍ය වූ බවත් ඒ අනුව බදවාගත් තමන්ට මසකට ලක්ස තිහක…

ඒකීය ප්‍රශ්නය විසඳන්නට එතෙර සාකච්ඡාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒකීය ව්‍යවස්ථාවක් නොවියයුතු බවට දෙමළ ජාතික සන්ධානය කරන යෝජනාව විසඳා ගැනීමට, ආණ්ඩුක්‍රම විශේෂඥයන්ගේ ඉහළ පෙළේ සාකච්ඡාවක්, ජනවාරි මස අග දී ස්කොට්ලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි යුක්තියට වාර්තාවේ. මේ සාකච්ඡාව සඳහා මුස්ලිම් කොන්ග්‍රසයෙන් රවුෆ් හකීම්, දෙමළ සන්ධනයෙන් ඒ. එම් සුමන්තිරන්, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඇතුළු ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිත…

හොර අලි පූජා කිරීමට විජේදාසත් එකතු වෙලා ලු

නීති විරෝධි ලෙස කැළයෙන් අල්ලා ගන්නා ලද අලි පැටවුන් සන්තකයේ තබාගැනීම හේතුවෙන් උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ හා විනිසුරු තිළින ගමගේ අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ බව මාධ්‍ය අනාවරණය කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ අවසන්කර නීතිපති දෙපාර්තමේන්තුවට ලිපි ගොනු යවා ඇතිබවට ද වාර්තා පළ වී ඇත. කෙසේ නමුත් මේ අලි පැටවුන් දෙදෙනා වගඋත්තර කරුවන්ට පූජා කිරීමට…

තාජුඩීන් නඩුවේ විනිසුරු මාරුව අවලංගුයි

ඉතාමත් හොඳින් විභාග වෙමින් පැවති, රගර් ක්‍රිඩක වසීම් මොහොමඞ් තාජුඩීන් ඝාතන නඩුව විභාග කළ, විනිසුරු නිශාන්ත පෙරේරා මහතාගේ ස්ථාන මාරුව අවලංගු කරඇති බව යුක්තියට වාර්තා වේ. අධික බීමත්ව රිය පැදවීමේන් ඇති වූ අනතුරක් හේතුවෙන් තාජුඩීන්ගේ මරණය සිදු වූ බවට රාජපක්ෂගේ පාලන සමයේ නිගමනය වී තිබුණි. කෙසේ නමුත් සැකයට භාජනය වී තිබූ ඒ මරණය හිතාමතා කළ…

අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රදීප් ජයතිලක

අධිකරණ සේවා කොමිසමේ වැඩබලන ලේකම්වරයා වෙනුවට, නීතිඥ ප්‍රදීප් ජයතිලක මහතා ස්ථිර ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිත බව විශ්වාස කටයුතු මාර්ගයෙන් යුත්තියට දැනගන්නට ලැබී ඇත. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය නීති විරෝධී ලෙස ඉවත් කිරීමට විරෝධය පලකිරීම හේතු කොටගෙන අධිකරණ කොමිසමේ හිටපු ලේකම්වරයාව ද ඉවත් කෙරෙන තැනට රාජපක්ෂ රෙජීමය ක්‍රියා කළේ ය. දැන් සිටින වැඩ බලන ලේකම්වරයා පත්වූයේ එම…

එක්නැලිගොඩ ඝාතන සැකකරුවන්ගේ කටවල් වහන්න මහින්ද පිලෙන් මෙහෙයුමක් !

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රදවාගෙන සිටින සැකකරුවන් අතරින් රජයේ සාක්ෂිකරුවන් වීමට කැමැත්තෙන් සිටින පිරිස නිහඩ කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ අභයාරාම පාර්ශවය  විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇති බව දැනගන්නට ඇත . ඇතැම් දේශපාලනඥයන් සැකකරුවන්ගේ පවුල්වල උදවියට බැගෑපත්වෙමින් ඉල්ලා සිට ඇත්තේ මෙම ඝාතනයට උපදෙස් හා නියෝග ලබාදුන් ඉහල බලවතුන් ගැන අධිකරණයේදී හෙළි නොකරන ලෙසයි…

ගොඩබිමෙන් ඉන්දියාවට යෑම සිහිනයක් නොවේ !

අඩක් ගිලුණු හුණුගල් දාමයක ඇති දූපත් දෙකක් වන ශ්‍රී ලංකාවේ මන්නාරම හා ඉන්දියාවේ රාමේෂ්වරම් යා කිරීම ආසියානු කලාපය එකට සම්බන්ධ කිරීමේ වැදගත් පියවරක් බව පසුගිය දා ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ ය. දකුණු ආසියානු කලාපයේ සම්බන්ධතාවය පිළිබද දැඩි උනන්දුවක් දක්වන ඉන්දියාව, මුහුද හරහා පාලමක් සහ උමං මාර්ගයක් සෑදීමට කටයුතු සූදානම් කර ඇති බව මධ්‍යම ආණ්ඩුවේ ප්‍රවාහන…