රජ පවුලේ අපරාධ ගැන පරීක්ෂණ 58ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය වන බැසිල් රාජපක්ෂ , ගෝටාභය රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ , යෝෂිත රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂගේ මුල්‍ය වංචා හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ 58ක් සිදුවන බව වාර්තාවෙයි .බරපතළ ගනයේ අපරාධ රැසක් එයට ඇතුලත් බව කියති . පසුගිය පාලන සමයේ සිදු වූ මුල්‍ය අපරාධ 496ක් සම්බන්ධයෙන් FCID මගින් පරීක්ෂණ සිදුවන අතර…

චීනයේ IZP ගෘප් මත්තල සංවර්ධනයට එයි

ගුවන් යන නොඑන ගුවන් තොටුපොළක් ලෙස වාර්තා තබා ඇති මත්තල ගුවන් තොටුපල සංවර්ධනය භාර ගැනීමට චීනයේ IZP ගෘප් සමාගම ඉදිරිපත් වී ඇති බව දැනගන්නට ඇත . නව සේද මාවත පිලිබඳ සංකල්පයට සම්බන්ධ කොට මෙම සංවර්ධනය සිදුකරන බව කියති . චීනයේ සහ නැගෙනහිර ආසියාවේ සිට මැද පෙරදිගට අප්‍රිකාවට හා යුරෝපයට කෙරෙන ගුවන් ගමන් වලට සම්බන්ධ මධ්‍යස්ථානයක්…

දුම්රිය විදුලියෙන් දුවන ව්‍යපෘතියේ වැඩ කටයුතු ඇරඹේ

මෙරට දුම්රිය සේවය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියේ මුලික වැඩ කටයුතු පසුගිය සතියේ ආරම්භ වූ බව ප්‍රවාහන අමාත්‍යංශයේ තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . මේ සදහා ප්‍රවාහන අමාත්‍යාශයේ සහකාර ලේකම් වරයකු යටතේ ව්‍යාපෘති කාර්යාලයක් ආරම්භ කොට ඇති අතර මුලික අධ්‍යයන කටයුතු සදහා උපදෙස් ලබාදීමට ප්‍රංශ උපදේශක සමාගමක් තෝරාගෙන ඇත . දේශීය විශේෂඥ පිරිසක් ද අධ්‍යයන කටයුතු…

ලසන්ත ඝාතක කණ්ඩායමේ ලීඩර් සාජන්ට් මේජර් උදලාගම අත් අඩංගුවට ගැනීමත් සමග ගෝඨා පිස්සෙක් වෙලා..! රට වටේට කෝල් දීලා..!

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනයට, මාධ්‍යවේදීන්ට එල්ල කළ ප්‍රහාරයන්ට වග කිව යුතු මිනීමරු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළැයි සැක කෙරෙන යුද හමුදාවේ සාජන්ට් මේජර් උදලාගම නමැත්තා අත් අඩංගුවට ගැනීමෙන් පසු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පරල වී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ගෝඨාභය රාජපක්ෂ අගමැතිවරයාටද, ආරක්ෂක…

ලසන්ත ඝාතනයෙන් පසුව උදලාගමව යුරෝපයට ඇරලා!

රහස් පොලිස් අත්අඩංගුවට පත්වූ යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ සාජන් මේජර් උදලාගම, ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් අනතුරුව ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය සඳහා, යුධ හමුදා බුද්ධි අංශයේ නිර්දේශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් යවා ඇති බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කර සිටී. 2009 වසරේ ජනවාරි මස 08 වන දා පෙරවරු 10.30ට පමන සිදුවූ ලසන්ත ඝාතනය සියැසින් දුටුවන් කිහිප…

ලසන්ත ඝාතන කණ්ඩායමේ නායකයා, යුද හමුදා සාජන්ට් මේජර් අල්ලයි..!

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුකළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ යුද හමුදාවේ සාජන්ට් මේජර් වරයෙකු ඊයේ රාත්‍රී 11 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. ඝාතනය සම්බන්ධයෙන් ලැබී තිබූ පරිවේශනීය සාක්කි මත මෙකී සාජන්ට් මේජර් වරයා අත් අඩංගුවට ගත් අතර මේ වන විට…

මහනුවර මාළිගාව අසලින් ඇති ඒ 26 මාර්ගය විවෘත කරගන්න අපි උසාවි යනවා – වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු, මධ්‍යම පළාත්සභාවේ හිටපු අමාත්‍ය රාජා උස්වැටකෙයියාව.

පසුගිය ආණ්ඩුව යකඩ වැටක් ගහල, දලදා මාළිගාව හිර කඳවුරක් වගේ කෙරුව. මේ ආණ්ඩුවට වහල තිබුණු හැම පාරක්ම විවෘත කරන්න පුලූවන් වුවත්,  මහනුවර ඒ – 26 පාර විවෘත කරන්න තවම බැරිවෙලා තියෙනව. මහනුවර දළදා වීදිය අසලින් වැටී ඇති ඒ-26 මාර්ගය දිර්ඝ කාලයක් තිස්සේ වසා තැබීමෙන් මහජනයාටත්, පරිසරයටත් වන හානිය පිළිබඳව  වරින් වර මාතෘකා වෙනවා. මේ පාර…

මිලියන 33ක් සාපරාධී සාවද්‍ය පරිහරණයට බැසිල් ඇතුළු 4 කට නඩු

දිවි නැඟුම සහනාධාරලාභීන්ට සෙවිල් තහඩු බෙදාදීමේදී දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 33 කට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධි චෝදනා පහක් යටතේ පොදු දේපළ පනත මත පවරා ඇති නඩුව සම්බන්ධව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණයේදී ඊයේ (15) අධි චෝදනා බාර දුන්නේය….

මතභේද අවසන්, විගණන පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට

අධිභාරය පැනවීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉවත්කර, විගණකාධිපතිවරයාට ලබාදීමට එරෙහිව ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් ඇනහිට තිබුණු විගණන පනත, මුදල් ඇමතිවරයා සමග අදාළ පාර්ශවයන් කළ සාකච්ඡාවකින් පසු, අතුරු විසඳුම් යෝජනාවකට එකගවීම තුළ සමථයකට පත් වූ බව පුරවැසි සංවිධාන නියෝජිතයෙක් යුක්තියට වාර්තා කළේ ය. රාජ්‍ය සේවයේ නාස්තිකාරි ලෙස වියදම් කරන මුදල් සම්බන්ධයෙන් අධිභාරයක් පැනවීමේ බලය මෙතෙක්…

භාරත ඝාතන නඩුවේ තීන්දුව සැප්තැම්බර් 8දා

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 8වන දින ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ. මෙම නඩුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 13 දෙනෙක් විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.    

සිල් රෙදි නඩුව අගෝස්තු 3දා

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක් යොදා ගනිමින් මුදල් සාවද්‍ය, සාපරාධී පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්කි විභාගය අගෝස්තු මස 03 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ…

බැඳුම්කර සිද්ධියේ චෝදනාවලින් නිදහස්වන තුරු කිසිදු තනතුරක් භාරගන්නේ නෑ – අර්ජුන් මහේන්ද්‍රන්

මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව එල්ල කර ඇති චෝදනාවලින් නිදහස් කරන තුරු රජයේ කිසිම නිලයක් භාර නොගන්නා බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සඳහන් කරයි. තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මේ වන විට කෝප් කමිටුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සඳහන් කරන මහේන්ද්‍ර මහතා එහි අවසන් තීරණය ලැබෙන තෙක් බලා සිටින බව ද…