අද රෑ තෙල් මිල අඩුකරයිද ?

ලෝක වෙළෙඳ පොලේ ඛනිජ තෙල් මිල අඩු වී ඇති නිසා අද රෑ සිදුකිරීමට නියමිත ගාස්තු සංශෝදනයෙදී තෙල් මිල අඩුවීමට ඉඩ ඇති බව වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි . ශ්‍රී ලංකාවට ගෙන්වන බ්‍රෙන්ට් වර්ගයේ ඛනිජ තෙල් මිල බැරලයක් පසුගිය මාසයේ ඇමෙරිකානු ඩොලර් 72ක් පමණ වූ අතර මේ වනවිට එම මිල 63 දක්වා පහළ බස ඇත . සාමාන්‍ය තෙල්…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ශ්‍රීලංකාවට

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගනු ලැබීය. නරේන්ද්‍ර මෝදී මහතා ඉන්දියානු විශේෂ ගුවන් යානයකින් අද පෙරවරු 11.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය. හමුදා ගෞරවාචාර මධ්‍යයයේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය…

මහබැංකු වංචා ගැන වෝහාරික විගණන හයක්

මහා බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ හා කොටස් වෙළෙඳපොල ගනුදෙනුවලදී සිදුවී තිබෙන වංචා සම්බන්දයෙන් වෝහාරික විගණන හයක් අරඹ ඇති බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි .එයින් පහක් පසුගිය අප්‍රේල් මාසයේ අරඹා ඇත . මෙම ඇතැම් විගණනයන් මස දෙක තුනකදී අවසන් වන බවත් මාස හය හතකදී සියල්ල අවසන් වන බවත් මහ බැංකු අධිපතිවරයා කියයි ….

“සංඝ සභාවේ නිවේදනය අනුව අලුත් වැඩසටහනක් ” – අනුනාහිමි හමුවෙන් පසු අගමැති කියයි

තෛනිකායික සංඝ සභාවේ නිවේදනය අනුව අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවැසුයේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ බැහැදැකිම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් නැගු පැනයකට පිළිතුරු දෙමිනි. පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියෝ මෙසේ පැවසුහ. පාස්කු ඉරුදින එල්ලවූ අන්තවාදී…

ගොටාභයට සිංගප්පුරුවේදී විවෘත හදවත් සැත්කමක්

වෛද්‍ය ප්‍රතිකාර සදහා සිංගප්පුරුව බලා ගිය ගොටාභය රාජපක්ස මහතාට එහිදී විවෘත හදවත් සැත්කමක් සිදුකොට ඇති බව වාර්තා වෙයි . සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී කළ මෙම සැත්කමෙන් පසුව ඒ මහතා සුවය ලබමින් සිටින බව කියති . මේ වනවිට ඒ මහතා දැඩි සත්කාර ඒකකයෙන් ඉවත්කොට  සාමාන්‍ය කාමරයකට යොමුකොට ඇත. ඒ මහතාට මේ වනවිට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදෙන…

රාජ්‍ය ඇමතිකම් එපා ! නීතිය හා සාමය පිලිබඳ කැබිනට් ඇමති ධුරය දෙන්න – එජාපය ජනපතිට දන්වයි

රාජ්‍ය ඇමතිකම් භාරගැනීමට තමන් සුදානම් නැති බවත් තමන්ට අවශ්‍ය වන්නේ නීතිය හා සාමය පිලිබඳ කැබිනට් ඇමති ධුරය බවත් එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී ඇත . නීතිය හා සාමය පිලිබඳ රාජ්‍ය ඇමති ධුරය එජාපයට ලබාදිය හැකි බවට ජනාධිපතිවරයා කළ දැනුම්දීමට ප්‍රතිචාර ලෙස එජාපය මෙම දැනුම් දීම කර ඇත . නීතිය හා…

ඕනෑම රාජ්‍ය නිලධාරියෙක් පාර්ලිමේන්තුවට කැඳවීමේ බලය කිසිවෙකුට අභියෝගයට ලක්කළ නොහැකියි – කතානායකගෙන් ජනපතිට පිළිතුරු

පාර්ලිමේන්තුවෙන් කැදවීමක් ලැබුණ විට රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවත් එ‌‌සේ ‌නොපැමිණෙන්නේ නම් ඔවුන්ට එම නියෝග කඩ කිරිමේ අනිටු ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවන බවත් කතානායක කරු ජයසූරිය පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් පත් කර ඇති ‌තේරීම් කාරක සභාව හමුවේ ආරක්ෂක නිලධාරීන් කැදවීමට අවස්ථාව ලබා ‌නොදෙන බවට ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු ‌දෙමින්…

මුස්ලිම් ඇමතිවරුන්ට බලපෑම්කර ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි – සුමන්දිරන්

භික්ෂුන් වහන්සේලා උපවාස කරමින් ඇමතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීම රටේ පවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි. සුලුතර ප්‍රජාවන්ට අයත් දේශපාලන නායකයන් ඉවත් කිරීමට උපවාස කිරීම අනුමත නොකරන බවත් මේ ආකාරයට ජාතිවාදී ක්‍රියා සිදුකරන්නේ නම් මුස්ලිම් ජනයා වෙනුවෙන් ඔවුන් හා ඒකාබද්ධව කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානය පසුබට නොවන බව…

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ධුරයෙන් ඉවත්කළ බව ජනපති පොලිස් ප්‍රධානීන්ට කියයි.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි  ලබා දුන් සිසිර මෙන්ඩිස් මහතා  එම තනතුරෙන් ඉවත් කල  බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ජයෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවකදීයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව ඉදිරියෙදී බුද්ධි…

“ඇමති තනතුරු යලිත් භාර ගන්න” මහින්ද මුස්ලිම් මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලයි.

ආණ්ඩුවේ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් අද (08) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ. රවුෆ් හකීම්, රිෂාඩ් බදියුර්දීන්, ඒ.ටී.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනෙක්ද, මහාචාර්ය ජී.එල්. පීරිස් හා මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුද මෙම සාකච්ඡාවට සහභාගි වූහ. එහිදී අදහස් දක්වා…

රනිල්, සජිත් ,කරු , තිදෙනාගෙන් කෙනෙක් ජනාධිපති අපේක්ෂක ; අනෙක් දෙදෙනා අගමැති හා කතානායක – එජාප ප්‍රචාරක අංශ ප්‍රධානි හේෂා විතානගේ

එජාප නායක රනිල් වික්‍රමසිංහ ,නියෝජ්‍ය නායක  සජිත් ප්‍රේමදාස ,කතානායක කරු ජයසුරිය  , යන  තිදෙනාගෙන් කෙනෙක් එජාපයේ  ජනාධිපති අපේක්ෂක වන බවත් , අනෙක් දෙදෙනා අගමැති හා කතානායක වනු ඇති බවත්  එජාප ප්‍රචාරක අංශ ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී  හේෂා විතානගේ මහතා ඊයේ ප්‍රකාශ කළේය . පක්ෂයෙන් පිටස්තර කිසිදු අපේක්ෂකයකුට පක්ෂයේ සහය නොලැබෙන බවත් පොදු අපේක්ෂකයකු වෙනවනම් මේ තිදෙනාගෙන්…

සාෆි සීඅයිඩියට ආදායම් තොරතුරු හෙළි කරයි

කුරුණෑගල රෝහලේ ප්‍රසව සහ නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඒ මහතාගේ ආදායම් පිළිබඳ තොරතුරු හෙළි කර තිබේ. සාෆි වෛද්‍යවරයාට කුරුණෑගල පොලිසිය මගින් ප්‍රථමයෙන්ම එල්ල වී තිබූ චෝදනාව බවට පත්වී තිබුණේ ඔහු අති විශාල ධනයක් උපයා ඇති බවටයි. මේ ධනය ලැබී ඇති ආකාරය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් වෛද්‍යවරයා හෙළිදරව් කරමින් මේ වන…