ෆවුසිව මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රීලනිපය තීරණය කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනීප මූලස්ථානය ඊයේ  (21) රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ෆවුසි මහතා මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට අද  (22) දිනයේ ලිපියක් මගින්…

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද(22) දිවුරුම් දීමේ ජාතික උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.    ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය.    ඒ අනුව මෙලෙස දිවුරුම් දෙනු ලැබු නව අමාත්‍ය මණ්ඩලය වන්නේ,   01. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය   02….

විපක්ෂ නායක රනිල් – එජාපය තීන්දු කරයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම තීරණය පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිඛිතව දන්වා තිබේ. එජාප ලේකම්වරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස තෝරා ගැනීමට එජාපය තිරණය කර ඇති බවයි. ඒ නිසා…

මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ  අද (21) දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම උත්සවයට  හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති. (ඡායාරූප -චතුර එස් .කොඩිකාර ) ලංකාදීප

ජනපතිවරණ ප්‍රතිඵල ගැන එජාපයෙන් පූර්ණ විශ්ලේෂණයක්

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ විශ්ලේෂණයක් ලබන සඳුදා  සහ  අඟහරුවාදා යන දෙදින පුරා සිදු කෙරේ. ජනාධිපතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණය සිදුකරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ජනාධිපතිවරණ ප‍්‍රතිඵල පූර්ණ ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසු  සිංහල බෞද්ධ ඡන්ද පදනම දිනාගත හැකි  පක්ෂයේ   පූර්ණ ප‍්‍රතිව්‍යුහගත කිරීම කඩිනම්න් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්සයේ මහලේකම් අකිල …

අද පත් කළ නව ආණ්ඩුකාරවරු

ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වන පරප්පාඩු සඳහා නව ආණ්ඩුකාරවරුන් අද පත් කොට ඇත . ඒ අනුව දකුණු පළාතට – විලී ගමගේ, බස්නාහිර පළාතට – විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල, ඌව පළාතට – රාජා කොල්ලුරේ, මධ්‍යම පළාතට – ලලිත් යූ. ගමගේ, සබරගමුව පළාතට – ටිකිරි කොබ්බෑකඩුව, වයඹ පළාතට – ඒ.ජේ.එම්. මුසාමිල් යන මහත්ම මහත්මීන් පත් කොට…

ඩි.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝඨාභය නිදහස්

මැදමූලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළ නඩුවේ සියලු චෝදනා වලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිදහස් කර තිබේ.   විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද(21) මෙම නියෝගය ලබා දුන්නේය.   ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව අදාළ නඩුව අද සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන්…

මහින්ද ඇතුළු නව කැබිනට් මණ්ඩලය හෙට හවස දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හෙට හවස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය . ඒ සමග නව කැබිනට් මණ්ඩලයද දිවුරුම් දෙන බව වාර්තා වෙයි .

’මංගල, කබීර්, මලික් හැදුවේ මගේ පිහිටෙන් ගොඩයන්න’’ – සජිත්

සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප ජ්‍යෙෂ්ඨයෙක් අතර ඊයේ (19) ප්‍රේමදාස මහතාගේ කොළඹ නිවසේද පැවති සකාච්ජාවේදී ප්‍රේමදාස මහතා කරුණු රැසක්  අනාවරණය කර තිබේ. විශේෂයෙන් ජනාධිපතිවරණය පරාජය වීමට බලපෑ කරුණු රැසක් පිළිබඳව දෙදෙනා සාකච්ජා කර ඇති බවයි වාර්තා වුණේ. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සඳහා ආරම්භක මැදිහත්කරුවන් ලෙස පෙනී සිටි මංගල සමරවීර, කබීර් හෂීම්,…

සියලු ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපති දැනුම්දෙයි

සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇත.   ඒ අනුව, පළාත් ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත අද(20) දිනයේදීම යැවූ බව ආණ්ඩුකාරවරු කිහිපදෙනෙක්ම සඳහන් කළහ.   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට මාස  කිහිපයකට ඉහතදී පළාත් නවය සඳහා ආණ්ඩුකාරවරුන් නවදෙනෙකු පත්කරන ලදී.   ඒ අනුව, ඒ.ජේ….

හිටපු අගමැති දි.මු. ජයරත්න අභාවප්‍රාප්ත වෙයි

මෙරට විසූ කෘතහස්ථ දේශපාලනඥයකු වූ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා ඊයේ (19) අභාවප්‍රාප්ත විය. මිය යන විට 88 වැනි වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සමාජිකයකු වන අතර එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ද වෙයි. දි.මු. ජයරත්න මියයන තෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ අයෙක් විය. වෘත්තියෙන්…

අගමැති රනිල් ධුරෙයන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ, සිය තීරණය ජනාධිපතිවරයාට ද ලිඛිතව දැනුම් දෙන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගත් බවයි ඔහු එහිදී තවදුරටත් සදහන් කලේ.