හාල් කිලෝවට රුපියල් 100ක් කියන්නෙ අසාධාරණ මිලක් නෙවෙයි – මහින්ද යාපා අබේවර්ධන

සහල් කිලෝවක් සඳහා රුපියල් 100ක් යනු ඉතා අසාධාරණ මිලක් යැයි තමන් විශ්වාස නොකරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.  “සහල් කිලෝ එකක මිල රුපියල් 100ක් කියන්නෙ මංදා මගෙ පෞද්ගලික මතය ඉතා අසාධාරණ මුදලක් කියලා අපි විශ්වාස කරන්නෙ නෑ. මොකද වී ගොවියාට සාධාරණ මිලක් ලැබෙන්න ඕනෙ.  ඉතිං ඒනිසා ඊළඟ සැලැස්ම අපෙ තියෙන්නෙ වී…

හාල් මිල වැඩි වුණේ රජයේ වරදින්. ප්‍රශ්නය මගේ මෝල නම් ඒක පවරාගන්න – ඩඩ්ලි

සහල් මිල ඉහළ ගියේ රජයේ ක්‍රියාකලාපය නිසා බවටත් එසේ තිබියදී ඇතැම් දේශපාලකයින් එහි වරද අසාධාරණ ලෙස තමන් පිට පටවමින් සිටින බවටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු, කෝටිපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා චෝදනා කරයි.  එසේම සහල් මිල ඉහළ යාමේ එකම හේතුව තමන් සතු අරලිය සහල් ව්‍යාපාරය යැයි විශ්වාස කරන්නේ නම් තමන්ට සාධාරණ මුදලක් ගෙවා…

ජනපති නියමයෙන් සුධර්මන්ගේ තනතුර අහෝසියි !

ස්වාධීන රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානියා ලෙස පත්කළ සුදර්මන් රදලියගොඩ වහාම ක්‍රියාත්මක වන පරිදි අදාලා තනතුරින් ඉවත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝගයක් මත මෙම ඉවත් කිරීම සිදුකර තිබේ. පසුගිය දෙසැම්බර් 27 වැනිදා සුදර්මන් රදලියගොඩ මහතා අදාල තනතුරට පත්කළ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල විය. අබලි යකඩ ගනුදෙනුවක්…

නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් යටතේ පොලිස් මාධ්‍ය ඒකකය යළි පිහිටුවයි

නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයකු යටතේ    පොලිස් මාධ්‍ය ඒකකය ඊයේ  (1) සිට යළි  පිහිටුවා  ඇති බව පොලිස් මුලස්ථානය කියයි. ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින්  නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  ලෙස    පොලිස් අධිකාරි ජාලිය  සේනාරත්න මහතා පත්කර ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි. නව මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊයේ  පෙරවරුවේ සිය ධුරයේ වැඩ බාර ගත්…

බැඳුම්කර නඩුවත් හකුලා ගනී !

බලයට පත් වූ වහාම බැදුම්කර හොරුන්ට දඩුවම් දෙන බව කියා බලයට පැමිණි පොදුජන පෙරමුණු ආණ්ඩුව බැඳුම්කර නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බව ප්‍රථම වතාවට ඊයේ පිළිගත්තේය . පුවත්පත් සාකච්චාවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ සිංගප්පුරු රජය අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට භාරදෙන තෙක් බැඳුම්කර නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බවයි . කෙසේ වෙතත් නීතිවේදීන්ගේ මතය…

රාජිතට ඇප ලැබුණේ චෝදනාවල අඩුපාඩු නිසා මිස ඩීල් එකක් නිසා නෙවෙයි – ඇමති WDJ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව ඇප මත නිදහස් කළේ අධිකරණය විසින් බවත් එසේ ඇප නියම වීමට හේතුවී තිබුණේ ඔහුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍රිකාවල තිබුණු අඩුපාඩු මිස දේශපාලන හිතවත්කමක් නොවන බවත් ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්. ඩී. ජේ. සෙනවිරත්න මහතා අවධාරණය කරයි.  “රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීම දේශපාලන වුවමනාවන් මත සිදුකළ එකක්…

රාජිත හොරෙක් නොවෙයි.. ආණ්ඩුව පාණ්ඩුවක් කරගන්න එපා..- මුරුත්තෙට්ටුවේ හිමි..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා හොරෙක් හෝ මංකොල්ලකාරයෙක් නොවන බව නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. තමන් වහන්සේ රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් බැලීමට ඔහු නේවාසිකව සිටින රෝහල වෙත ගියේ මනුෂ්‍යත්වය සලකා බවද උන්වහන්සේ සඳහන් කළහ. තමන් ගිය ගමනට විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බවද උන්වහන්සේ පැවසූහ. ඊට…

පසුගිය වසරේ දී රුපියලේ අගය ඉහළට

ඉකුත් වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව පසුගිය වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙන අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 0.8කින් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ඉකුත් වසරේ ජනවාරි 1 වැනිදා…

පැවති සෑම ආණ්ඩුවක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවයයි – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

පැවති සෑම ආණ්ඩුවක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවට තම ධූර කාලයේ දී තිත තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කෙළේය. මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (31) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ සඳහන් කෙළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. ජනතා යහපත උදෙසා රාජ්‍ය ආයතන…

නව රජයේ පළමු විදේශ ආයෝජනය යහපාලන වැඩක් – එදා විපක්ෂය විරුද්ධයි

තවත් කබරයෙක් තලගොයෙක් වෙයි !!! නව රජය ලබාගත්  පළමු විදේශ ආයෝජනය ලෙස ප්‍රචාරය කරන කොළඹ ගාලු මෝදර පිටිය  අසල මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩුව 2018 වසරේ අනුමත කරන ලද්දක් බවත් ඒ සදහා සියලු ගිවිසුම් වලට එම කාලයේ එළඹ තිබු බවත් වාර්තා වෙයි . එමෙන්ම එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු පක්ෂය මෙම ව්‍යාපෘතියට බරපතල ලෙස විරුද්ධ…

MCC ගැන ජනාධිපතිවරණයට කලින් කියපුවා විතරක් සලකන්න ජනපතිට දැන් බෑ – මහාචාර්ය චන්න ජයසුමන

මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරණයට පෙර තමන් ඇතුළු පාර්ශ්ව පැවසූ කරුණු මත පමණක් පදනම් වෙමින් තීන්දු තීරණ ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන් හැකියාවක් නොමැති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.  ඒ අනුව එම ගිවිසුම කුණු කූඩයට දැමිය යුතුය යන ස්ථාවරයෙහි එදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියත් වගකිවයුතු ජනාධිපතිවරයකු ලෙස රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධ ක්‍රමානුකූල…

2015 ට පෙර මහ බැංකුවේ බිලියන 19ක බැඳුම්කර වංචා හෙළිකළ වෝහාරික වාර්තා රහසි ගත වෙයි !

2015 ට පෙර කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවී ඇති බැඳුම්කර වංචා මගින් රුපියල් බිලියන 19ක වංචා  ගැන පසුගිය ඔක්තෝබරයේ භාරදුන් වෝහාරික විගණන වාර්තා මගින් කරුණු තහවුරු කොට ඇතත් නීතිපතිවරයාගේ උපදෙස් මත එම වාර්තා ප්‍රසිද්ධ කිරීම නවතා  ඇත . මෙම වාර්තා පහක් මගින් 2002 හා 2015 අතර කාලයේ සිදුවී ඇති බිලියන 19ක වංචා තහවුරු කොට…