යාපනය ගුවන් තොටුපොළේ වියදම් වසරකින් උපයා ගන්නවා – අගමැති

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ කටයුතු වසරක් තුළ නිම කොට කලාපය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17දා) යාපනයේ දී පැවසීය. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා මහා පරිමාණයෙන් මුදල් වැය නොකළ බවත් ඒ සඳහා වැය වූ…

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම හෙට (17)

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින්  යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීම හෙට (17) සිදු කෙරේ.  ඒ හෙට උදෑසන නවයට ආරම්භ වන රාජ්‍ය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙ සිදු කෙරේ.  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,  ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා,  ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු…

එ.ජා.ප. වැඩ පිළිවෙළට ලෙඩ දැමූ මෛත්‍රීගේ ආර්ථික සභාව අහෝසි කරයි

එකසත් ජාතික පක්ෂ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වැඩ සටහන් නවත්වා ආර්ථිකය මෙහෙයවීමට යැයි කියමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිහිටවා තිබු ජාතික ආර්ථික සභාව අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (15දා) තීරණය කළේය. ආර්ථිකයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හා විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කැබිනට් අනු කමිටුවක් ක්‍රියාත්මක කොට තිබුණද එහි ක්‍රියාකාරිත්වයට  දිගින්…

මට හූ කියන්න ආවොත් ඒ අයට ගාණට සලකයි. පොලු තියාගෙන කට්ටිය ඉන්නවා – දයාසිරි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවට තමන් ගොඩවන විට තමන්ට “හූ” තැබීමට කිසිවකු තැත් කළහොත් ඔවුන්ට පහර කෑමට සිදුවිය හැකි බවටත් එසේ හූ කියන්නන්ට පහරදීම සඳහා පොලු රැගත් කණ්ඩායම් වේදිකාව ඉදිරිපසින්ම යොදවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.  “මට හූ කියන්න කවුරුත් කුරුණෑගල එන්නෙ නෑ. කුරුණෑගල හූ කියන්න ආවොත් ඒ ගොල්ලොන්ට හරියට…

මහින්දගේ කතාව බොරු. අලුත් ජනපති දිවුරුම් දෙනවිට කැබිනට් මණ්ඩලය අහෝසි වීමක් නෑ.

නව ජනාධිපතිවරයකු දිවුරුම් දෙන අවස්ථාවේදී එතෙක් පැවති කැබිනට් මණ්ඩලය අහෝසි වන බවත් නව කැබිනට් මණ්ඩලය පත් කෙරෙන්නේ නව ජනාධිපතිවරයාගේ අභිමතය අනුව බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15) ප්‍රකාශ කළේය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ කොළඹ, ශැංග්‍රිලා හෝටලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොහොට්ටුවට සහාය දෙන පක්ෂ නායකයින්ගේ සභභාගීත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ…

විශේෂ හෙළිදරව්ව: නාවික හමුදාව විසින් තරුණයන් 11 පැහැරගෙන යනු ලැබීම ගෝඨාභය දැන සිටියේය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැර කල්ලියක් විසින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කැරැවූ ක්‍රියාන්විතය ගැන ගෝඨාභය රාජපක්ෂ හොඳින්ම දැන සිටි බවත්, එකී සන්නද්ධ කල්ලිය මැඩලීමට ඔහු කිසිවක් නොකළ බවත්, දැන් හෙලිදරව් වී තිබේ. පසුගිය බදාදා (9) පොලිස් අපරාධ විමර්ශන අංශය (සී.අයි.ඩී.) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට “බී” වාර්තාවක් ඉදිරිපත් කෙළේය. එම “බී” වාර්තාව පදනම්ව තිබුණේ,…

තීරණාත්මක මොහොතේ ශ්‍රීලනිපය රැකීමට 94දී මෙන් කැපවෙනවා – චන්ද්‍රිකා

උද්ගතව ඇති තීරණාත්මක මොහොතේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම උදෙසා තමන් 1994 වසරේදී ක්‍රියාකළ ආකාරයෙන්ම පෙරට එන බවත් දිවිහිමියෙන් ඒ සඳහා කැපවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි. ඒ මහත්මිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.  ”මා ආදරණීය සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනි ! මිත්‍රවරුනි ! අප සියලු දෙනාගේ ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…

ජාතික ආරක්ෂාව සරත් ෆොන්සේකාට බාරදුන්නොත් ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ – ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක

ජාතික ආරක්ෂාවේ වගකීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට බාරදීම හොඳ පියවරක් බව ජාතික ජනතා බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය. ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළම වගකීම සරත් ෆොන්සේකා මහතාට පවරණ බවට නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතරු ලෙස ඒ මහතා මේ බව ප්‍රකාශ…

මහින්දගේ කාලේ රැකියා දුන් හැටි අනුමත කරන්න බෑ – ගෝඨාගෙන් තද විවේචනයක්

2005 – 2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ රජයේ රැකියා ලබාදුන් ආකාරය කිසිදු තේරුමක් නොමැති බවත් එවන් ක්‍රියා අනුමත කළ නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.  “මම ආරක්ෂක ලේකම් වශයෙන් ඉන්නකොට එක දවසක් මට ලිපියක් එනවා ‘උපාධිධාරීන් 800ක් ඔබේ අමාත්‍යාංශයට බන්දනවා’ කියලා. උපාධිධාරීන් 800කින් මං මොනවා කරන්නද අමාත්‍යාංශය තුළ…

ශ්‍රීලනිප බහුතරයකගේ ඡන්දේ පොහොට්ටුවට නෑ – කුමාර වෙල්ගම

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බහුතරයක් මෙවර ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය නොදෙනු ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියයි. පවතින දේශපාලන වාතාවරණය යටතේ තමාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමෙී මාධ්‍ය හමුවක දී කුමාර වෙල්ගම මහතා මෙී අදහස් පළ කළේය .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් යැයි කියා ගන්නා පිරිසක් පක්ෂයට කළ මෙි අකටයුත්ත…

මම දිවිහිමියෙන් සජිත්ව ජනාධිපති පුටුවේ වාඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නවා – ඇමති වජිර අබේවර්ධන

“ගාල්ලේ ජනාධිපතිවරණ සටනට එක රුපියලක් ඕන නැහැ. ඔබේ පියා එදා මට කරපු උදව්වට මම දිවිහිමියෙන් ඔබව ජනාධිපති පුටුවේ වාඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මම සජිත්ට කිව්වා. ඒ ගැන ඔබත් කිසිදු සැකයක් තියා ගන්න එපා.” යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.     අමාත්‍ය වජිර අබේවර්ධන…

බැංකු පාලනයට නව පනතක්

බැංකුවල ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සඳහා නව පනතක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. සංවර්ධනය සඳහා වඩා හිතකර බැංකු කළමනාකරණයක් ඇති කිරීම සඳහා මෙම පියවර ගන්නා බව කියති. මේ වසරේ අග වන විට නව පනත පිළිබඳ මූලික කෙටුම්පත සකස් කොට අවසන් කරන බවත් ලබන වසරේදී එය පනතක් ලෙස නීතිගත කිරීමට කටයුතු කරනබවත් මහ බැංකුව…