ජනපති සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක්

ජනපති සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහත සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මොවුන් සිය ගැටලූ සහ ඉල්ලීම් දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ. මේ රටේ සෑම ජන කොටසකගේම ගැටලූ පිළිබඳ මනා අවබෝධයක් තමාට තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ඉතා විවෘතව සහ සාධාරණ ලෙස එම ගැටලූවලට විසඳුම් ලබාදීමට තමන් ඇතුළු රජය…

සයිටම් අහෝසි කරන්න රජය තීරණය කරයි

සයිටම් අහෝසි කරන්න රජය තීරණය කරයි

මාලබේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත්, ඒ වෙනුවට ලාභ නොලබන නව ආයතනයක් බිහි කර දැනට අධ්‍යාපනය ලබන සුදුසුකම් සහිත සිසුන් එයට අනුයුක්ත කිරීමටත් රජය තීරණය කර තිබේ. රජය මෙම තීරණය ගෙන ඇත්තේ සයිටම් ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවේ යෝජනා සැලකිල්ලට ගනිමිනි. එම යෝජනා අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා හිමිකාරීත්වය දරන…

ගෝඨාගේ ‘වියත් මඟ‘ ත්‍රස්තවාදී මගට

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත් මග‘ නමැති සංවිධානයේ ප්‍රධානියකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් කල බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ  ද විරෝධය එල්ල වී ඇත. නව ව්‍යවස්ථාව විසින් රට බෙදන බවත් ඊට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බවත් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතු බවටත් කමල් ගුණරත්න මහතා කළ…

මිනී මරන්න කතා කරන කමල් ගුණරත්නලා යුද්ධ කළ හැටි හිතාගන්න පුළුවන් – ක්‍රීඩා ඇමැති සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර

රටේ ප්‍රගමනය වෙනුවෙන් සකස් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළහොත් මරාදැමිය යුතු යැයි කමල් ගුණරත්න මහතා කරන ප්‍රකාශ දිහා බැලූ විට ඔවුන් යුද්ධය කළ හැටි පවා හිතාගන්න පුළුවන් බව ක්‍රීඩා ඇමැති සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කෙළේය. රණවිරුවන්මෙවැනි ප්‍රකාශ කිරීම තුළින් ජාත්‍යන්තරයෙන් පැමිණෙන චෝදනාවලින් බේරා ගැනීමට හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නේය. රජයේ ප්‍රවෘත්ති…

නාමල් ඇතුළු 6ක් අත්අඩංගුවට..

මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව ඔක්තෝබර් හයවෙනිදා (06) හම්බන්තොට නගරයේ ගෙන ගිය උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කළ කැඳවීමක් අනුව අද හම්බන්තොට පොලිසියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුණි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණි ඩී. වී. චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද…

අතුරුදන් පනත ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත සාර්ථකව නීති ගත කිරීමට නායකත්වය දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ උතුරේ මෙන්ම දකුණේ ද විශාල පිරිසක් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වී ඇතැයි ද , ඉන් ලංකාවේ සමාජයට විශාල බලපෑමක් ඇති වීයැයි ද…

බැසිල්-ගෝඨා විරසකය උග්‍ර වෙයි

 ශ්‍රී ලංකා යුද හමුදාවේ ඇතමුන් ‘අපරාධ’ කළ බව පිළිගනිමින් බැසිල් රාජපක්ෂ මහතා යාපනයේදී කළ කතාව නිසා ඔහු හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර කලක් තිස්සේ පැවැති ආරවුල වඩාත් උත්සන්න වී ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. එකල ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙය සෘජුවම තමන්ට පහරගැසීමක් බවයි….

ජනපති අගමැති විශ්වාස කරන්න – මල්වතු මහනාහිමි දිනේෂ්ට කියති

නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය මෙන්ම බෞද්ධාගමට හිමිතැන සුරක්ෂිත වන බවට ජනපති හා අගමැති රටට කර තිබෙන ප්‍රකාශ පිළිබඳව විශ්වාසය තැබිය හැකි බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. රටේ පාලන බලයේ සිටින ප්‍රධානීන් දෙදෙනා එවැන්නක් සිදු නොවන බව ස්ථිරව ප්‍රකාශ කරත්දී තවත් ප්‍රශ්න කරන්නට දෙයක් තිබේ දැයි උන්වහන්සේ එකාබද්ධ විපක්ෂය…

හම්බන්තොට ගොඩගන්න තව කෝටි 9061 ඕනෑ

හම්බන්තොට වරාය ලභදායි තත්ත්වයට පත්කිරීමට නම් එයට තවත් කෝටි 9061 ක (ඩොලර් බිලියන 600ක) මුදලක් ආයෝජනය කළ යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා කියයි. එම මුදල අවශ්‍ය වන්නේ දැනට වියදම් කොට ඇති රුපියල් කෝටි 19300ක (ඩොලර් කෝට් 1400ක) මුදලට අමතරවය. මෙම වරාය ඉදිකිරීම සඳහා ගත් ණය ගෙවීමට දැනට වසරකට රුපියල්…

පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීම සම්බන්ධයෙන් නාවික හමුදාව දුන් තොරතුරු බොරු – සී අයි ඩී

2008-2009 වසරවල පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් නාවික හමුදාව ලබා දී ඇති තොරතුරු අසත්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමේ සිද්ධිය කැඳවූ අවස්ථාවේ ඊයේ(25) අධිකරණයට කියා සිටියේය. මෙම හේතුවෙන් පරීක්ෂණ පමා වන බව ද පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දන්වා සිටියේය. මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ඉල්ලීම් සිදු කරන ලෙසට…

දඩ සිඟා වැඩි සංඝයා වහන්සේලාට දානය බෙදීමෙන් ‍නොසන්සුන්තාවක්

පසුගිය ජනාධිපතිවරණ සමයේ මූල්‍ය වංචා නඩුවේ වරදට සිරගතව සිටිනා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ දඩ මුදල් ගෙවාදැමීම සඳහා කැලණියේ මහා සංඝරත්නය විසින් සංවිධානයකොට තිබූ පිණ්ඩපාත චාරිකාවකට යම්කිසි පිරිසක් කිරිබත්ගොඩ නගරයේදී පාත්‍රවලට ආහාර දැමීමක් හේතුවෙන් නොසංසුන්තාවයක් ඇතිවිය. කිරිබත්ගොඩ නගරය පුරා සිදුවූ මෙම පිණ්ඩපාත චාරිකාවට එක්වීමට…

අධ්‍යක්ෂවරුන් නැතත් නාමල්ගේ නඩුව විභාගයට

රුපියල් මිලියන 30ක් මුදලක් අයතා ලෙස උපයා ගත් බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලැබ සිටින ගවර්ස් කෝපරේෂන් සමාගමේ    අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු  නොමැතිව   නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඊයේ   (18) තීරණය  කළේය. ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඉන්දික ප්‍රභාත් කරුණාජීව මහතා සහ ඔරනෙල්ලා…