ප්‍රකට ලේඛක සිරිගුනසිංහයෝ දිවිගමනින් සමුගනිති .

ප්‍රකට කවියකු හා නවකතාකරුවකු වූ සිරි ගුණසිංහ මහතා අද(25) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 92වැනි වියේ පසුවිය. 1925 පෙබරවාරි 18 වැනිදා ගාල්ලේ උපන් ගුණසිංහ මහතා සිංහල කවියකු, නවකතාකරුවෙකි, කලා ඉතිහාසඥයකු, කලා විචාරකයකු ලෙස සුවිශේෂී කාර්ය භාරයක් කළ අයෙකි. ඔහු සිංහල භාෂාවේ ද්විරූපතාව අවම කරමින් කට වහරේ ව්‍යාකරණය ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා යොදාගැන්මේ පුරෝගාමියෙක්…

ජනපති නිවාස වටලා කුඩු කරන බවට 119 ට ඇමතුමක් !

ජනාධිපති නිල නිවෙස වටලා කුඩු කරන බවට ලද තර්ජනාත්මක දුරකථන ඇමැතුමක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (24දා) දක්වා සිටියේය. පොලිස් හදිසි ඇමැතුම් අංශයට (119) ලද එම තර්ජනාත්මක දුරකථන ඇමැතුම පිළිබද එම අංශයේ ස්ථානාධිපතිවරයා කුරුදුවත්ත පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ. පෙරේදා (23දා) දින පොලිස්…

ජාතිවාදී කුමන්ත්‍රණ වැලැක්වීමට පොලීසියට විශේෂ බලතල –

ජන වර්ග අතර සමඟියට බාධාවන ආකාරයේ සිදුවීම් සඳහා වගකිය යුත්තන්ට එරෙහිව පවතින නීතිය ප්‍රකාරව කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. එවැනි සිදුවීම් තම බල ප්‍රදේශය තුළ ඇති නොවීමට වගබලා ගන්නා මෙන් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දෙන ලෙස පොලිස්පතිවරයාට නියම කිරීමට ද අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය විය. ඇතැම් පාර්ශවයන්ගේ…

අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරී මාරුවක්- අමාත්‍ය ලක්ෂමන් යාපා

ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත රාජ්‍ය ආයතන කිහිපයක අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරී මාරුවක් සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි. අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය. රජය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා මෙවැනි වෙනස් වීම් වෙත ජනාධිපතිවරයා අවධානය…

|

කැබිනට් මණ්ඩලය වෙනස් වෙයි ! මංගලට මුදල් හා ජනමාධ්‍යය – රවීට විදේශ

යහපාලන රජයේ පළමු කැබිනට් සංශෝධනය මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී සිදුවිය.එම සංශෝධනයේදී අමාත්‍යවරු දිවුරුම් දුන් ආකාරය මෙසේය. මංගල සමරවීර – මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය රවී කරුණානායක – විදේශ කටයුතු අමාත්‍යංශය මහින්ද සමරසිංහ – වරාය සහ නාවුක කටයුතු ගයන්ත කරුණාතිලක – ඉඩම් හා පාර්ලිමෙන්තු අර්ජුන රණතුංග – ඛනිජ තෙල්…

ශ‍්‍රී ලංකාව තහනම් කළ ග්ලයිෆොසේට් වල් නාශකයට යුරෝපා සංගමයේ අවසරය තව වසර දහයකට දික්කරයි

මොන්සාටෝ සමාගම රවුන්ඞ් අප් නමින් ඉදිරිපත් කරන ග්ලයිෆොසේට් වල් නාශකයට දී ඇති අවසරය තමත් වසර දහයකින් දිගුකිරීමට යුරෝපා කොමිසම යෝජනා කොට ඇත. මෙම වල් නාශකයේ සෞඛ්‍ය ආරක්‍ෂිත බව පිළිබඳව පරිසරවේදීන් මතු කර තිබූ විරෝධය නිසා යුරෝපා රසායනික නියේජිතායතන විසින් කළ පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල මත මෙම තීරණය ගෙන ඇත. ග්ලයිෆොසේට් වල් නාශකය ගැන විරෝධය එල්ලකොට තිබුණේ එමගින්…

කැබිනට් සංශෝධනය සඳුදා (22) ??

ලබන සඳුදා දිනයේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය සිකුරාදා දින කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවීමට නියමිතව තිබුණද විවිධ මත ගැටුම් හේතුවෙන් එය කල් දැමීමට තීරණය කෙරුණි. ඒ අනුව එළඹෙන සඳුදා දින දැනට අමාත්‍යධූර දරන සියලු අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි. මේ…

|

කොටස් වෙළෙඳපොළට බිලියන 18ක විදේශ ආයෝජන

මේ වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළට රුපියල්  බිලියන 18ක (මිලියන 18000ක ) විදේශ  ආයෝජන ලැබී ඇති බව වාර්තා වෙයි . මැයි මාසයේදී පමණක් ලැබී ඇති විදේශ ආයෝජන ප්‍රමාණය බිලියන 1.5(මිලියන 1500)කි .

චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්‍ෂණ සහයෝගීතාවට යුවාන් මිලියන 400 ක්..

චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්‍ෂණ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා යුවාන් මිලියන 400 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීම සඳහා වූ ගිවිසුමට 16 වන දා සන්ධ්‍යාවේ චීනයේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී අත්සන් තැබිණි. චීන අග්‍රාමාත්‍ය ලී ක’ඡියාන් (Li Keqiang) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී මෙම…

දුම්රිය සේවය, පටු අරමුණු දිනා ගැනීම වෙනුවෙන් ඉත්තෙකු කර ගන්න එපා! – ජාතික දුම්රිය සේවක සංගමයෙන් විශේෂ නිවේදනයක්!

දුම්රිය වෘත්තීය සමිතිවල එකමුතුවක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන ‘දුම්රිය වෘත්තීය සමිති සන්ධානය’ නමැති සමිතියක් විසින් පසුගිය සමයේ දිගින් දිගටම දුම්රිය දෙපාර්තමේන්තුවේත්, එහි පාලනාධිකාරියේත්, ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘතිත් අපකීර්තියට පත් කිරීම් චේතනාවෙන් විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කර ඇති බව දක්නට ලැබිණි. දුම්රිය දෙපාර්තම්න්තුවේ සේවයේ නියුතු සේවකයින් ලෙසත් දුම්රිය වෘත්තීය සමිති…

මහ ඇමැති මාරුව! කැහැපට ගැසුවාට නීතිය හරහට

පළාත් සභාවේ බලය හරිහැටි අර්ථකතනය කළහොත් එය දකුණු අතින් ලබාදී වමතින් යළි ලබා ගැනීමක් ලෙස පෙන්වා දිය හැකිය. පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිවරයා පක්ෂයක් නියෝජනය කරන්නේය. ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවිට එය ප්‍රතික්ෂේප කිරීමේ බලය ආණ්ඩුකාරවරයාට ඇති සේම එම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් බලපෑම් කරන්නටද මන්ත්‍රීවරුන්ට හැකියාවක් නැත. මධ්‍යම රජ‍ය යටතේ තිබූ බලය පළාත් මට්ටමට විමධ්‍යගත කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා ස්ථාපිත කර මේවන විට දශක තුනකට ආසන්න…

සයිටම් අර්බුදයට පිළිගතහැකි විසඳුම් වෙත ගමන් කරන ලකුණු – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

සයිටම් ආයතනයේ අර්බුදය විසඳීම සඳහා වර්තමානය වන විට දේශපාලන අධිකාරිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පිළිගත හැකි ආකාරයේ විසඳුමක් ලබාදෙන දිශාවට ගමන් කරමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. සයිටම් සංකීර්ණ අර්බුදයේ එකම පාර්ශ්වකරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නොවන බව ද ඒ මහතා අවධාරණය කළේය. වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුන්…