පොලී ව්‍යූහය සාමාන්‍යකරණය වේවි. අපේක්ෂා සහගතව පසුවන්න – මුදල් මණ්ඩලය ඉල්ලයි 

  මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය සිකුරාදා (03) ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 100කින් ඉහළ නැංවීමට තීරණය කළේය. මෙම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ඉහළ මට්ටමක පවතින වෙළෙඳපොළ පොලී අනුපාතික අතර පරතරය අඩු කිරීමට උපකාරී වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියට සමගාමීව අවදානම අඩුවීම පිළිබිඹු කරමින්, වෙළෙඳපොළ පොලී…

ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජනාධිපති අමතයි

අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ. ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය දක්වන ශක්තිමත් වැඩපිළිවෙළක් සඳහා ශ්‍රී ලංකාව ගන්නා පියවර සම්බන්ධයෙන් සහාය පළකරන බව ඇය එම සාකච්ඡාවේදී අවධාරණය කර ඇති බව වාර්තා වේ. සියලුම ද්වී පාර්ශවික නිල සහ පෞද්ගලික ණයහිමියන් සඳහා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වෙනසක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පක්ෂය සඳහා වැඩබලන මහ ලේකම්වරයෙකු පත්කර තිබේ. මෙලෙස වැඩබලන මහ ලේකම් ධුරය සඳහා පත්කර ඇත්තේ එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතාය. ඒ මහතා මධ්‍යම පළාත් හිටපු මහ ඇමතිවරයෙක්ද වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ඒකනායක මහතා එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරය…

අයි එම් එෆ් ඩොලර් බිලියන 2.9 ත් සමග තවත් බිලියන තුනක් එයි

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක් වන මුල්‍ය පහසුකම අනුමත වීමත් සමග තවත් බිලියන තුනක මුදලක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මේ වන විට ගිවිසගෙන ඇති බව වාර් ත වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග කළ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ලෝක බැංකුව,…

රජයේ වියදම් අඩු කරන්න ආයතන සියයක් වසා දමයි.

  රජයේ වියදම් කළමනාකරණයේ පියවරක් ලෙස රාජ්‍ය ආයතන සියයක් වසා දැමීමට තීරණය කොට ඇති බව වාර් තා වෙයි. ඵලදායීතාවය අඩු ලෙස හඳුනාගෙන ඇති ආයතන මෙලෙස වසා දැමෙනු ඇත. මෙම ආයතනවලින් කෙරෙනා කාර්යයන් රජයේ වෙනත් ආයතන මගින් ඉටු කළ හැකි බවට හඳුනාගෙන තිබේ. වසා දමන ආයතනවල කාර් ය මණ්ඩල, සම්පත් මෙන් ම කාර් යයන් ද වෙනත…

මැතිවරණයට ජුනි මාසයේ දිනයක් ?

  පළාත් පාලන මැතිවරණය සඳහා ජුනි මාසයේ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග කියයි. ඡන්දය පව්වත්වෙන දිනයක් මේ සතියේ ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කොට ඇති අතර ඒ සඳහා අදාළ සියලු පාර්ශවයන්ගේ රැස්වීමක් හෙට (7 දා ) පැවැත්වීමට නියමිත ය. ගැටලුවකින් තොරව ඡන්දය පැවැත්වීමට සම්මුතියක් ඇතිකර…

රුපියල නවත්තන්න මහ බැංකුව ඩොලර් මිලියන 300 මිලට ගනී ; බඩු මිල අඩුවන බවත් කියයි

  රුපියල පාලනයකින් තොරව ශක්තිමත් වීම වැළක්වීමට මහ බැංකුව මේ වන විට ඩොලර් මිලියන 300 ක් මිලට ගෙන ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ විනිමය අනුපාතය පාලනයකින් තොරව කුමන අතට වෙනස් වුවත් එය ආර්ථිකයට යහපත් නොවන නිසා මෙම පියවර ගත් බව යි. එබැවින් රුපියල වේගයෙන් ශක්තිමත්වීමක් පෙන්නුම් කළ,…

මුදල් කමිටු සභාපති වජිර අබේර්වධන ?

  රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩ බලන සභාපති ලෙස වජිර අබේර්වධන මහතා පත් කිරීමට ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. එම තනතුරට පත්කළ මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වීම නිසා මෙම තීරණය ගැනීමට යන බව කියති. මයන්ත දිසානායක මහතාට එල්ල වූ ර්තජන නිසා ඉල්ලා අස්වන බව තමන්ට දැනුම්…

රදවාගන්න මුදල් නෑ ; මැතිවරණය අවලංගු කරන්න නිරීක්ෂක සංවිධානයක් ඉල්ලයි

  අධිකරණය නියෝග කොට ඇති පරිදි නිදහස් කිරීමට රජය කිසිදු මුදලක් රඳවාගෙන නැති බවත්, දැන් කළ යුතු වන්නේ මැතිවරණය වලංගු කිරීම බවත්, මැතිවරණ නිරීක්ෂන ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේ ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත 2023 පළාත් පාලන මැතිවරණය අවලංගු නොකර සිටිමේ අවධානම පෙන්වාදිම….

|

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 1500 ක්

  ශ්‍රී ලංකාවට ඩොලර් මිලිය 1500 ක් ( බිලියන් 1.5 ක් ) පධනයක් ලෙස ලබා දීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව වාර් තා වෙයි. දිළිඳු සහන සඳහා සහ වෙනත් වියදම් කිහිපයක් සඳහා මෙම මුදල ලැබෙන බව කියති. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය අනුමත වූ පසු මෙම මුදල් ලැබෙන බව වාර්තා වෙයි.

දිනක් ර්වජන කරන්න බැරිව අඛණ්ඩ වැඩ ර්වජන කරන්නේ කොහොමද ? 8 දා ර්වජනය කල් දමයි

  ලබන 8 දා සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ ර්වජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති එකතුව විසින් කලින් ප්‍රකාශ කොට තිබුන ද , මේ වනවිට එය දින නියමයකින් තොරව කල් දමා ඇති බව වෘත්තීය සමිති ආරංචි මාර්ග කියයි. මාර්තු 1 දා සංකේත ර්වජනයට තම සාමාජිකයින් සම්බන්ධ කර ගැනීමට මෙම සමිතිවලට නොහැකි වීම නිසා මෙම තත්ත්වය…

මැතිවරණයේ මුදල් දෙසැම්බරයේ දිය හැකිද ? අධිකරණ තීන්දුව ගැන ආණ්ඩුවට ප්‍රශ්නයක්!

  පළාත් පාලන ඡන්දය සඳහා 2023 අයවැය මගින් වෙන් කළ මුදල් රඳවා ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ටාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය අනුව එම මුදල් මෙම වසර තුළ මුදා හැරීම ප්‍රමාණවත් ද? යන ප්‍රශ්නයක් මුදල් අමාත්‍යංශයේ සාකච්ඡාවට ලක් වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. එම මුදල වෙන් කොට ඇත්තේ මුළු වසර සඳහාම වූ අයවැය ලේඛනය මගින්…