කොවිඩ් පාලනයට රජය අසමත් වෙලා – ගුණදාස අමරසේකර ජනපතිට ලියයි

කොවිඩ් පාලනයට රජය අසමත් වෙලා – ගුණදාස අමරසේකර ජනපතිට ලියයි

කොවිඩ් 19 දෙවෙනි රැල්ල හරියට පාලනය කිරීමට රජය අසමත් වු බවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා චෝදනා කරයි.   ජනධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත  ලිපියක් යවමින් ඒ මහතා මෙම චෝදනාව කර ඇත . එම ලිපියෙහි කොවිඩ් රැල්ල පාලනය කිරීමට අසමත් වු බව පෙන්වා දෙන අතර මේ වන විට එහි 4වැනි අවධියට ළඟා…

කොරෝනා පොකුර 1899 ට නගී ; අදත් 110ක් එකතු වෙයි !

කොරෝනා පොකුර 1899 ට නගී ; අදත් 110ක් එකතු වෙයි !

මිනුවන්ගොඩින් ආරම්භ වූ කොවිඩ් පොකුර මේ වනවිට 1899 ක් දක්වා ඉහළ  ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද සවස වාර්තා කළේය. අද හවස් වනවිට අලුතින් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 110 කි. මෙම කොවිඩ් පොකුර මේ වනවිට අතුරු පොකුරු ගණනාවක් බවට වර්ධනය වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි. එය පාලනය කිරීම මේ වනවිට විශාල…

20 ගැන විවාදය 21 හා 22 දිනවල ; දවස් දෙකෙන් සම්මත කරන්න යයි

20 ගැන විවාදය 21 හා 22 දිනවල ; දවස් දෙකෙන් සම්මත කරන්න යයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ පාර්ලිමේන්තු විවාදය 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ අද (16) රැස්වු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. මෙම පක්ෂ නායක රැස්වීම හදිසියේ කැඳවා තිබුනේ 20 වැනි සංශාධනය සම්මත කිරීමට දින තීරණය කිරීම සඳහා ය. 22 දා ම එය සම්මත කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත. විපක්ෂය විසින් අවම…

කොරෝනා ආසාදිත මාධ්‍යවේදියකු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මාධ්‍ය හමුවකට ඇවිත් ? පැමිණි මාධ්‍යවේදීන්ට අනතුරු ඇගවීමක්

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වනදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට සැක කෙරෙන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සනාථ කර ඇත. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන්…

දීකිරි ගෙනා රතු හැට්ටකාරී අනුලා බුලත්සිංහල දිවි රංග මඩල හැර යයි

ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වී ඇත. 73 වියේ පසු වූ ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙයි. රතු හැට්ටකාරී , තාරාවෝ එගිලෙති , නෙයිනගේ සුදුව ඇතුළු වේදිකා නාට්‍ය රැසකට මෙන් ම සිනමාවට ද රංගනයෙන්  සහ ගායනයෙන් දායක වූ ඇය ඉහල ම රාජ්‍ය සම්මාන හිමිකරගත් ප්‍රවීනතම ශිල්පිනියකි.

කොවිඩ් 19 ව්‍යාප්තිය තිස්සමහරාමයටත් ගිහින්

හම්බන්තොට තිස්සමහාරාම ප්‍රදේශයෙන් ද කොවිඩ් රෝගියකු  අද වාර්තා වීය. එම රෝගියා කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇත්තේ හම්බන්තොට මහා රෝහලේ දී කරන ලද පී සී ආර් පරීක්ෂණයක් මගිනි. වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා හම්බන්තොට රෝහලට මෙම රෝගියා පැමිණ තිබේ. මොහුට කොවිඩ් ආසාදනය වූ ආකාරය ගැන අනාවරණය කර ගැනීමට මෙතෙක් හැකි වී නැත, හම්බන්තොට මෙතෙක් සලකන ලද්දේ…

කොළඹ දැන් කොවිඩ් අධි අවදානම් කලාපයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොළඹ දැන් කොවිඩ් අධි අවදානම් කලාපයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය ද අධි අවදානම් කලාපයක් බවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි . එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කීවේ කොවිඩ් අධි අවදානම් කලාප හරියට හඳුනාගෙන නියම වෙලාවට හුදෙකලා නොකළ හොත් කොවිඩ් සමාජීය වශයෙන් පැතිරෙන තත්ත්වයට පත්වීමෙන් රට ම අවදානමට ලක්වන බව යි. කොවිඩ් ව්‍යාප්තිය ගැන…

කොවිඩ් 19 පොකුර 1789 ට නගී ; කොළඹ නගර සභාවත් වසයි ; තොරතුරු දෙන නිලධාරීගේ කටවල් වසයි

කොවිඩ් 19 පොකුර 1789 ට නගී ; කොළඹ නගර සභාවත් වසයි ; තොරතුරු දෙන නිලධාරීගේ කටවල් වසයි

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ සංඛ්යවා අද සවස් වනවිට 1789 ක් දක්වා ඉහල ගිය බව වාර්තා වෙයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වී ඇති සංඛ්‍යාව 85 කි . කොවිඩ් රෝගීන් හමුවීම නිසා දිවයින පුරා විවිධ ආයතන රාශියක් වස දම ඇති අතර අද දහවල් කොළඹ නගර සභාව ද වසා දමා තිබේ. කොළඹ නගරයේ ද අනතුරුදායක බව…

එල්ලවන බලපෑම වැඩිවෙනවා ; මාධ්‍ය ප‍්‍රකාශක වුනත් මට මාධ්‍ය සාකච්චා තහනම් කරලා ; විශ්‍රාම ගන්න සූදානම්- ජයරුවන් බණ්ඩාර

තමනට එන්න එන්නම එල්ලවන බලපෑම වැඩි බව වැඩි වෙන බව බවත්, එනිසා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමේ තීරණය ගැන ඉක්මනින්ම කල්පනා කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ  කරයි. මාධ්‍ය ප්‍රකාශක වුව ද, ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම තහනම් කර ඇති බවත්, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමට තමනට නොහැකි බවත් ඔහු පවසයි….

ස්වාධින කොමිසන් සභා රැකගන්න  – ජාතික ක්‍රිස්තියානි සභාවෙන් නිවේදනයක්

ස්වාධින කොමිසන් සභා රැකගන්න  – ජාතික ක්‍රිස්තියානි සභාවෙන් නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට යන ආකාරය ගැන සිය කනස්සල්ල ප්‍රකාශකරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි සභාව  19 වැනි සංශෝධනය මගින් හඳුන්වාදුන් ස්වාධින කොමිසන් සභා ක්‍රමය ආරක්ෂා කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. වගවීමක් සහිත ආණ්ඩුකරණයක් සඳහා ස්වාධින කොමිසන් සභා ක්‍රමය අත්‍යවශ්‍ය බව ද ක්‍රිස්තියානි සභාව කියයි. 20 වැනි සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්…

20 මැතිසබයට ගේන්න පක්ෂ නායක රැස්වීමක් හදිසියේ කැඳවයි !

20 මැතිසබයට ගේන්න පක්ෂ නායක රැස්වීමක් හදිසියේ කැඳවයි !

  20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දින නියම කිරීම  සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හදිසියේ කැඳවීමට යන බව තතු දත් ආරංචි මාර්ග කියයි . මෙම රැස්වීම හෙට ( 16 දා ) පැවැත්වීමට ඉඩ ඇති බව ද කියති . 20 වැනි සංශෝධනය විවාදයට ගැනීමට ඉදිරි සතියේ දින කිහිපයක් යොදා ගැනීම මෙම පක්ෂ නායක…

රිෂාඩ් බදියුදීන් අත් අඩංගුවට ගන්න ආණ්ඩුව නියෝගයක් දී නැහැ – ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු

හිටපු ඇමති රිශාඩ් බදියුදීන්  මහතා අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුව කිසිදු නියෝගයක් කර නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග ඇමති ජොන්ස්ටන්  ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. මෙය පොලිසිය ස්වාධිනව ගත්  තීරණයක් බවත් තම ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීම ගැන බදියුදීන් මහතාට චෝදනා එල්ල වී ඇති බවත් , ඒ ගැන  පොලිසිය කරන පරීක්ෂණ අනුව ඔහු අත් අඩංගුවට ගැනීමට…