හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. දිගු කලක් දේශපාලනයේ නියැලී සිටි මංගල සමරවීර මහතා රජුන් තනන්නකු ලෙස ප්‍රකටව සිටියෙකි. එසේ වුව ද, පසුගිය මහ මැතිවරණයේ දී නාමයෝජනා භාර දී සිටි ඒ…

කොවිඩ් වාර්තා තව ඉහළට ; මරණ 194 යි ; නව ආසාදිතයින් 4353 යි

රජය අද නිකුත් කළ නිල වාර්තාවලට අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 194 ක් වශයෙනි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,560 ක් ලෙස වාර්තා වී ඇත. හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,353 ක් ලෙස සටහන් කරමින් නැවතත් දිනක වැඩිම ආසාදිත සංඛ්‍යාවේ වාර්තාව අලුත් කොට තිබේ. මෙරටින් වාර්තා වී ඇති…

ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ! විමල් ලා විදේශ බළල් අත් වෙලා – පොහොට්ටුවෙන් ප්‍රහාරයක්

ආණ්ඩුවේ ම කණ්ඩායමක් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් , එය කුමන්ත්‍රණයක් ලෙස පෙනීයන බවත්, එම කුමන්ත්‍රණකාරී පිරිස විදෙස් බළල් අතක් ලෙස ක්‍රියා කරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේ ය. බත්තරමුල්ලේ නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේ දී ගාමිණී ලොකුගේ ඇමතිවරයා ප්‍රකාශ…

කැබිනට් සංශෝධනයේ දෙවන වටයක් එයි ; ලොකු වෙනස්කම් එහිදී !

පසුගිය දා සිදු කළ කැබිනට සංශෝධනයේ අරමුණ වුයේ හදිසියේ කළ යුතු බව ජනාධිපතිවරයා කල්පනා කළ තනතුරු වෙනස්කම් කිරීම බවත්, කැබිනට මණ්ඩලයේ බරපතළ වෙනස්කම් ඉදිරියේ දී කිරීමට ජනාධිපතිතුමා අදහස් කර සිටින බවත් ආණ්ඩුවේ තතු දත් ආරංචි මාර්ග කියයි. කැබිනට් සංශෝධනයේ දී වෙනස්කම් ගණනාවක් කිරීමට මුල දී අදහස් කොට තිබුණ ද මෙය එයට අවස්ථාව නොවන බව ආණ්ඩුවේ…

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා ප්‍රශ්න කිරීම ගැන මාධ්‍ය සංවිධාන පොලිස්පතිට ලියයි

විවිධ හේතු දක්වමින් මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමත්, ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ ප්‍රවෘත්ති මුලාශ්‍ර පිළිබඳව ප්‍රශ්න කිරීමත් සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිතුමා වෙත ලිපියක් යවමින් තම විරෝධය ප්‍රකාශ කරයි. එම ලිපිය මෙසේ ය. චන්දන වික්‍රමරත්න මහතා, පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.   පොලිස්පතිතුමනි, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා ප්‍රශ්න කිරීම ඇතුළු…

වී මිල දී ගැනීමට ආණ්ඩුවෙන් ලෙඩ දමයි ! මෝල් හිමියන්ට ණය දීම බැංකුවලට තහනම් !!

යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ වී තිබුණ ද රාජ්‍ය බැංකුවලින් ණය ලබා දීම නවතා  දමා තිබීම හේතුවෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිල දී ගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි. මේ නිසා වී මිල දී ගැනීම මුදල් ඇති මහා පරිමාණ මෝල් හිමියන්ගේ ඒකාධිකාරයක් වී ඇති බවත්, මෝල් හිමියන් නොවන ව්‍යාපාරිකයින්…

එක දිනක කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 4000 ක් පන්නා ඉහළ ම වාර්තාව තබයි

රජය අද නිකුත් කළ නිල වාර්තා අනුව එක් දිනක හඳුනාගත් වැඩි ම ආසාදිත සංඛ්‍යාව ලෙස  4,282 ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ද 389,978 ක් දක්වා ඉහළ ගොස් තිබේ. රජය අද නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 183 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී…

රට වහන්නයි කීවාට ජනාධිපතිගෙන් විමල්ට, වාසුට, ගම්මන්පිලට බැනුම් !

  කොවිඩ් වසංගතය තවත් පැතිරීම වැළක්වීම සඳහා රට වසන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලන ලිපියකට අත්සන් තැබූ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇමතිවරුන්ට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා බැන වැදී ඇති බව වාර්තා වෙයි. ඔවුන් තිදෙනාට වෙන වෙන ම දුරකථන ඇමතුම් දෙමින් ජනාධිපතිවරයා මෙම බැන වැදීම සිදු කර තිබේ. ආණ්ඩුවේ පක්ෂ දහයක නායකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලියන…

ආණ්ඩුවේ අද නිල වාර්තා ; කොවිඩ් මරණ 198 යි ; ආසාදිතයින් 3884 යි

තවත් කොවිඩ් මරණ 198 ක් ආණ්ඩුව අද නිල වශයෙන් වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වාර්තා අනුව 7,183 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද නිල වශයෙන් වාර්තා කළ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,884 කි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 385,686 ක් ලෙස වාර්තාවල දක්වා තිබේ.

අපේ “සිහින” ජනාධිපතිගේ ජාතිය ඇමතීම – නිශාන්ත කමලදාස

අප මේ ගත කරන්නේ ඉතාම අමාරු කාලයක් හරහා. ඔබ මේ කාල වකවානුව තුළ අත් විඳින දුෂ්කරතා සියල්ල මා දන්නවා. ආදායම් අහිමි වීම මෙන් ම ඥාති මිත්‍රාදීන් අහිමි වීම හා ඔවුන්ට අවශ්‍ය ම අවස්ථාවේ පිහිටක් වීමට බැරි වීම ඒ අතර ප්‍රධාන බවත් මා දන්නවා. රෝගය සීග්‍රයෙන් පැතිරෙමින් පවතින බවත් රොහල් පද්ධතියට දරන්නට අපහසු තරමට එය වර්ධනය…

කළ යුතු හොඳම දේ නොකළ යුතු හොඳම විදිහට කිරීම – අනුර කේ එදිරිසූරිය .

අවසානයේ ආණ්ඩුව අගෝස්තු 20 රාත්‍රි 10.00 සිට 30දා දක්වා රට වසන්නට තීරණය කළේය . රට වසන බවට ප්‍රවෘත්තිය රටට ලැබුණේ 20දා සවස 2.30ට පමණය. එතෙක් ආණ්ඩුව කියමින් සිටියේ  රට අගුලු දැමීමක් නොකරන බවය . අගුලු දමන්නට කතාකරන්නන් ගේ අවශ්‍යතාව රට ප්‍රපාතයට හෙළීම බවද ආණ්ඩුවේ මතය ව්ය.ආණ්ඩුවේ තීරණයට එරෙහිව යමින් වෙළෙඳසල් වසා දමන්නට කටයුතු කළ වෙළෙඳ…

කැස්ස – අනුරුද්ධ ලොකුහපුආරච්චි

පසු ගිය දවස් දෙක තුනේ පුංචි කැස්සක් තිබුන…වැක්සින් දෙකම අරගෙන තිබුනත් කෝකටත් කියල ගෙදර තිබුන කොවිඩ් ටෙස්ට් කිට් එක එලියට අරගෙන ටෙස්ට් කරල බැලුව…නෙගෙටිව්. මට හතිය තියෙන නිසා නිතරම කොවිඩ් ටෙස්ට් කරන්න වැඩිපුර ටෙස්ට් කිට් ගෙදර තියාගෙන ඉන්නෙ. විනාඩි කීපයක් ඇතුලත ප්‍රතිපලය මටම බලාගන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිල වෙබ් අඩවියේ කොවිඩ් සඳහා වන පිටුවට ගිය…