|

මේ වසරේ රජයට රුපියල් බිලියන 3100 ක ආදායම් අපේක්ෂාවක් – නවතම වාර්තාවක් කියයි

  මේ වසරේ ශ්‍රී ලංකා රජයේ ආදායම රුපියල් බිලියන 3000 ඉක්මවා යනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික පුවත් වෙබ් අඩවියක් වන EconomyNext වාර්තා කරයි. එම වාර්තාවේ මෙසේ සඳහන් වෙයි. “2023 වසර අවසන් වන විට රුපියල් බිලියන 3,101 ක වාර්තාගත ආදායමක් ලබා ගැනීමටශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව නිලධාරියෙක් ප්‍රකාශ කළේ  දිවයිනේ ජාතියේ…

19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි. ක්‍රික්බස් වෙබ් අඩවිය පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් එම තීරණය ගත් බවය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හමුවක් මේ වනවිට අහමදාබාද් හිදී පැවැත්වෙයි….

පක්ෂව 122 යි ; විරුද්ධව 77 යි ; අයවැය සම්මතයි

  2024 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ දී දෙවන වර කියවීමේ දී  අද  වැඩි ඡන්දයෙන් සම්මත වී ය. අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77 කි.

නිපැයුම් වැඩි කර බඩු මිල පාලනය කර සියලු දෙනාටම යහපත් ජීවිතයක් උදා කරනවා – ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත

  භාණ්ඩ මිල පාලනය කර නිෂ්පාදනය වැඩි කරමින් සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අරමුණ බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. භාණ්ඩ මිල වැඩිවීම රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපාන කරුණක් බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා ලබන වසරේ පළමු කාර්තුවේ එහි…

|

චීන ණය ගිවිසුම් කොන්දේසි පැරිස් සමාජයට දැනුම් දෙයි

  ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමග ඇති කරගත් එකඟතාවය පිළිබඳව පැරිස් සමාජය ඇතුළු අනෙකුත් ණය හිමියන් දැනුවත් කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. එම ණය  හිමියන් චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අධ්‍යයනය කොට තීරණයකට එලබෙනු ඇතැයි කියති. මේ වසර අග වන විට ණය හිමියන් සමග…

|

ලබන වසරේ ශ්‍රී ලංකාවේ සියයට 3.3 ක ආර්ථික වර්ධනයක් – ෆිච්ට් රේටින්ග්ස් කියයි

  ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 3.3 ක වර්ධනයක් සිදුවනු ඇතැයි යන්න තම පුරෝකථනය බව ලෝක ප්‍රකට ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච්ට් රේටින්ග් ආයතනය කියයි . අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එම ආයතනය නිකුත් කළ වාර්තාවේ එය මෙලෙස සටහන් කර ඇත. The lift from economic growth, which Fitch projects at 3.3% in 2024, will also…

ලෝකයේ ග්‍රෆින් මුළු වෙළෙඳාම ඩොලර් මිලියන 200 යි ; ලංකාවේ මිනිරන් එයට ගන්නෙත් නැහැ – ව්‍යාපාරික ධම්මික පෙරේරා

  ග්‍රෆින් සඳහා ලෝකයේ ඇති සමස්ත වෙළෙඳපොළ ඩොලර් මිලියන 200 ක් බවත්, ග්‍රෆින් හදන සමාගම් ඒ සඳහා ශ්‍රී ලංකාවේ මිනිරන් ලබා නොගන්නා බවත්, තමන් කළ අධ්‍යයනයකින් හෙළි වූ බව ප්‍රකට ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරයි. විදේශීය සමගාමක් සතු , ශ්‍රී ලංකාවේ ප්‍රධාන මිනිරන් නිෂ්පාදන සමාගමක් මිල දී ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වූ…

පාර්ලිමේන්තුවෙන් නොවන්නේ පාර්ලිමේන්තුවේ වැඩ විතරයි – වජිර අබේවර්ධන

    පාර්ලිමේන්තුවෙන්, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු හැර අනෙක් සියල්ලම ඉටුවෙන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේ  225 දෙනා තවම එක් වන්නේ බෙදෙන්න ගහගන්න මිස කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්න අවබෝධ කරගැනීමට නොවේ යැයි ද මන්ත්‍රීවරයා කීය. වත්මන්  අර්බුද වලට හරියට මුහුණ නොදුන්නොත් 225 දෙනාම ගුටි කන තත්ත්වයකට පත්වෙන…

ශ්‍රී පාදය, කතරගම ඇතුළු ආගමික ස්ථාන 2000 කට සුර්ය බලයෙන් විදුලිය

  ශ්‍රී පාදය, කතරගම ඇතුළු ආගමික ස්ථාන 2000 කට සුර්ය බලයෙන් විදුලිය ලබා දීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. ඇමතිවරයා ප්‍රකශ කළේ ඉන්දියානු ආධාර මගින් මෙම කටයුතු සිදු කරන බවයි මේ අතර ආගමික ස්ථාන සඳහා සූර්ය බලයෙන් විදුලිය ලබ‍ා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ මෙම වසර අවසන් වන…

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනතුරු කිසිදු ව්‍යාපෘතියකට මුදල් වෙන් කළ නොහැකියි -ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් කිසිදු ව්‍යාපෘතියකට මුදල් වෙන් කළ නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (15) පැවසීය. සමඟි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය. තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසිය. කුමන රජයක් කවර ආකාරයට…

අයවැයට සහයෝගය දෙන බව මහින්ද කියයි

මෙවර අයවැය ජයග්‍රහණය කරවීම සඳහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු බැවින් අයවැය සදහා සහය පළ කරන බව ඔහු පෙන්වා දෙයි. ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

අයවැයට විවේචන විනා විපක්ෂයෙන් විකල්ප කෝ? – වජිර අබේවර්ධන

  රට පවතින තත්ත්වය තේරුම් නොගෙන පටු අරමුණු මුල්කරගෙන වැඩ වර්ජනවලට යොමු වුවහොත් රට තවත් පහතට වැටෙනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා  පැවසීය. බංකොලොත් වී සෘණ ආර්ථිකයක සහ ප්‍රශ්න ගණනාවක තිබූ රට මේ තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කළේ දේශපාලනඥයකුට එහා ගිය ආර්ථික දාර්ශනිකයකු ලෙස යැයි ද සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ …