මිනුවන්ගොඩ පොකුරේ රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණය ඉතාම අධිකයි. වෛරසය වෙනස් වී ඇත්දැයි සැකයි – GMOA

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරෙන් හමුවන රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණය ඉතාම ඉහළ මට්ටමක පවතින්නේ යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් දැනගන්නට ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.  “පහුගිය කාලය තුළ අපට හම්බු වුණ සියලුම රෝගීන්ට පාහේ අපට මූලාශ්‍රයක් හොයාගන්න පුළුවන් වුණා. නමුත් මේ කාන්තාවට රෝගය වැළඳුණු මූලාශ්‍රය ගැන තවමත් අපට…

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තව 246ක් එකතුවෙයි ; දැන් 567 යි .

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තව 246ක් එකතුවෙයි ; දැන් 567 යි .

මිනුවන්ගොඩින් හමු වූ කොවිඩ් පොකුරට තවත් 246 ක් එක් වී ඇති බව මීට සුළු මොහොතකට පෙර වාර්තා වීය. ඒ අනුව මෙතෙක් සොයාගත් මුළු ආසාදිත සංඛ්‍යාව 567 ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් පොකුර 321 ට නගී; තව ඉවරයක් නෑ

කොවිඩ් පොකුර 321 ට නගී; තව ඉවරයක් නෑ

අද උදේ වරුවේ ලැබුණු වාර්තා අනුව මිනුවන්ගොඩ කෝවි පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 321ක් වූ බව වාර්තා වෙයි. ඊයේ සහ අද ලබාගත් පී සී ආර් වාර්තා රාශියක් ලැබෙමින් පවතින අතර ඒ සියල්ල ලැබුණු විට මෙම සංඛ්‍යා තවත් ඉහල යා හැකි බව කියති.

ඇඟළුම් කම්හලේ සේවකයින් 1800ක් ; 495ක් රට පුරා  ගිහින් – හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

ඇඟළුම් කම්හලේ සේවකයින් 1800ක් ; 495ක් රට පුරා ගිහින් – හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 1400ක් සහ තවත් ඊට අනුයුක්ත වෙනත් සේවා සපයන සේවක සේවිකාවන් 400ක් යන පිරිස අතරින් 495ක් හැර සෙසු සියලුම දෙනා සිටින්නේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බලප්‍රදේශ තුළ බවත් පෙරකී 495 දෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි ලිපින සහිත අයවලුන් වන…

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර දැන් 101 යි ; යාපනයට , මොනරාගලට , කුරුණෑගලටත් ගිහින් !

මිනුවාන්ගොඩ කොවිඩ් පොකුරෙන් සොයාගත් ආසාධිතයන් සංඛ්‍යාව  අද රාත්‍රී වනවිට 101  ක් දක්වා වර්ධනය වී තිබිණි. යාපනයෙන් , මොනරාගලින් හා කුරුණෑගලින් ද මේ වනවිට ආසාධිතයන් වාර්තා වී ඇත. මෙම පොකුර කොතරම් පැතිරී ඇත්දැයි තවමත් සොයාගත නොහැකි බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි. සියලු ආසාදධිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වනවිට පුළුල් පරීක්ෂණ සිදු කරමින් පවතියි.

නායකයෙකු සතුව කෙතරම් බලයක් තිබිය යුතු ද? – නිශාන්ත කමලදාස

නායකයෙකු සතුව කෙතරම් බලයක් තිබිය යුතු ද? – නිශාන්ත කමලදාස

මේ ප්‍රශ්නය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සංවාදයට ලක් වෙමින් තිබෙන මාතෘකාවකි. කළමනාකරණ සාහිත්‍ය තුළ ද මෙය අතිශයින් සංවාදයට බඳුන් වන්නකි. ඒ නිසා ම නිරවුල් මනසකින් මේ දෙස බැලිය යුතු ය. වැරදි ඉගැන්වීම් වලට නොයෑම ට ප්‍රවේසම් විය යුතු ය. නායකයා සතු ව තිබිය යුතු ප්‍රධාන ම අවිය බලය ය. ඒ ගැන විවාදයක් නැත….

දිවුලපිටියෙන් හමු වූ කොරෝනා රෝගී කත ලොකු පොකුරකින් එක් අයෙක්දයි සැක ; තත්ත්වය භයානකයි – විශේෂඥයෝ කියති

අහඹු පරීක්ෂාවක දී හමුවූ දිවුලපිටියේ කොවිඩ් 19 රෝගී කතට රෝගය වැළඳුනු  ආකාරයක් තවමත් හෙළිදරවු නොවීම නිසා ඇය දැනට සමාජයේ පැතිරී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ ලොකු පොකුරකින් එක් අයෙක්දයි සැක මතු වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි. ඇයට කොවිඩ් වැළඳුනු ආකාරය සොයා ගැනීමත් එම කොවිඩ් පොකුර සම්පුර්ණයෙන් හඳුනා ගැනීමත් විශාල අභියෝගයක් වී ඇති බව ද කියති. වසංගත රෝග විශේෂඥයන්ගේ අදහස වී ඇත්තේ මෙය සමාජය තුළ කොවිඩ් 19 පැතිරීම පිලිබඳ පළමු වාර්තාවීම බවත් එය ඉතා ම බරපතළ තත්ත්වයක් බවත් ය. රෝගී කතා හඳුනාගැනීමට පෙර තවත් බොහෝ දෙනකුට රෝගය ආසාදනය වී තිබිය හැකි බවත් , මේ වන විටත් රෝගය තවත් පැතිර යමින් තිබෙනවා විය හැකි බවත් විශේෂඥයෝ කියති.

හිටපු ජනපති මෛත්‍රී අද පාස්කු  කොමිසම හමුවට ; රනිල්ගේ දවස හෙට

හිටපු ජනපති මෛත්‍රී අද පාස්කු කොමිසම හමුවට ; රනිල්ගේ දවස හෙට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාර ගැන පරීක්ෂා කරන ජනාධිපති කොමිසම හමුවට අද දින  පැමිණීමට නියමිතය . පාස්කු ප්‍රහාර වලකා ගැනීමට පියවර නොගැනීම සහ සහරාන් කණ්ඩායම පිළිබඳව පරීක්ෂා නොකරන ලෙස උපදෙස් දීම වැනි එතුමාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව කරුණු දැක්වීමට අද දින කොමිසම හමුවට පැමිණෙන ලෙස සිරිසේන මහතාට දැනුම් දී තිබේ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ කොමිසම හමුවට කැඳවා තිබේ.

බදුර්දීන් ගන්නේ රෙදි ඇඳගෙනද.. බලය නොලැබුනා නම් මීට වඩා හොදයි… – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

බදුර්දීන් ගන්නේ රෙදි ඇඳගෙනද.. බලය නොලැබුනා නම් මීට වඩා හොදයි… – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම නොව ජනතා අපේක්‍ෂා ඉටුකිරීම නව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. නමුත් දැන් දැන් ජනතා අපේක්ෂාවන්ට වඩා වෙන වෙන අපේක්ෂාවන් ඉෂ්ට වෙන බවක් පේන්නට ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ. කොළඹ පැවති මාධ්‍ය හමුවේ අදහස් පළ කළහ. ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක අසීමිත බලයක් ලබාදී තිබියදී තවත්…

කලබල වූ ජනයා බඩු රස්කරති ; කඩ බක්කි යලි හිස්වෙයි ; සහල් අතුරුදන්

කලබල වූ ජනයා බඩු රස්කරති ; කඩ බක්කි යලි හිස්වෙයි ; සහල් අතුරුදන්

කොවිඩ් 19 ව්‍යාප්තවීමේ අවදානම යලි වැඩිවීමත් , ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පැනවීමත්, සමග කලබලයට පත් ජනයා අහාර රැස්කිරීමට පටන්ගනීමත් සමග කඩ බක්කි යලි හිස්වන අයුරු දකින්නට ලැබිණි. සහල් මිලදී ගැනීම වැඩිවීම නිසා වේලන්දපොලේ සහල් නොමැති තත්ත්වයක් දක්නට ලැබුණි. සහල් තොග වෙළෙඳ මධ්‍යස්ථාන පිහිටි මරඳගහමුල සහ දිවුලපිටිය ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව වෙළෙන්දෝ කියති.

වේයන්ගොඩටත් ඇඳිරි නීතිය ; හමුදා භටයන්ට එන්න එපා කියයි

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට ද නැවත දන්වන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට අමතර වශයෙනි . මේ අතර නිවාඩු ගොස් සිටින ත්‍රිවිද හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා භටයන්ට නැවත සේවයට වාර්තා නොකරන ලෙස දැනුම්දීමක් සිදුකොට තිබේ.

බදියුදීන් ගත්තොත් ජනවරම අහෝසියි.. එය මේ ආණ්ඩුව අවසානයේ ආරම්භයයි..- වසන්ත බණ්ඩාර

බදියුදීන් ගත්තොත් ජනවරම අහෝසියි.. එය මේ ආණ්ඩුව අවසානයේ ආරම්භයයි..- වසන්ත බණ්ඩාර

රිෂාද් බදියුදීන් හෝ ඔහුගේ පක්ෂයේ කිසිවකු ආණ්ඩුවට ගතහොත් ආණ්ඩුව ලබා ඇති ජනවරම අහෝසි වන බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. එය මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බව ද ඔහු කියා සිටියි. බදුර්දීන් හා ඔහුගේ ගෝලයන් ආන්ඩුවට එක්වීමට දැඩි විරෝධයක් මතු වුවහොත් එම පිරිස ස්වාධීන වෙන බව කියමින් ආණ්ඩුව ඇතුළට රිංගවීමේ උත්සාහයක්…