අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස්වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි. ලංකා භූමිතෙල් මිල…

ජනපති කැලණි ගිහින් කතාවකුත් කරයි

  දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ දී පැවසීය. තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෑම විශ්වවිද්‍යාලයකම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව…

දයා රත්නායක ගත්තානම් ගෝටාභය රාජපක්ෂත් සජබට ගන්න – සරත් ෆොන්සේකා සජිත්ට කියයි

  ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට ගත්ත නම් හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ද පක්ෂයට ගත හැකි බව සමගි ජනබලවේගයේ  සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි. හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ…

වැට් උද්ධමනය සියයට 2.4 යි

  රජය මෙම ජනවාරි මාසයේ ක්‍රියාත්මක කළ වැට් බදු වැඩි කිරීමත් සමග බදු මිල විශාල ලෙස වැඩි වී උද්ධමනය ද වැඩිවන බවට ඇතැම් පිරිස් ගෙන ගිය ප්‍රකාශ බොරු කරමින් ජනවාරි මාසයේ උද්ධමනයේ වැඩිවීම සියයට 2.4 ක් බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මගින් පෙන්නුම් කරයි. එම සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන්නේ කොළඹ පාරිභෝගික මිල…

ඩොලරය රුපියල් 317 න් පහළට

ශ්‍රී ලංකා රුපියලේ අගය තව දුරටත් ශක්තිමත් වෙමින් ඩොලරයේ අගය අද දින රුපියල් 317 සීමාවෙන් පහතට පැමිණි බව වාර්තා වෙයි. අද සවස ඩොලරයේ අගය සටහන්ව ඇත්තේ රුපියල් 316.90 ක් වශයෙනි . වාණිජ බැංකු මගින් ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312 ක් ආසන්නයේ පැවති අතර විකුණුම් මිල රුපියල් 322 ආසන්නයේ පැවතිනි.  

ගිය වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 14.94යි

2023 වසරේ ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.94ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය සදහන් කරයි. එසේම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 947.5 කි. එය පසුගිය වසරේ උපයාගත් ආදායම් ප්‍රමාණයට වඩා අමෙරිකානු ඩොලර් බිලියන 3.08කින් ඉහළ යාමකි. වාර්තාවට අනුව, 2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල…

ලොහාන් රත්වත්තේ, රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දෙයි

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද(29) දිවුරුම් දුන්නේය.

උමා ඔයේ පළමු විදුලි මෙගා වොට් 60 සම්බන්ධ කෙරෙයි

මෙගාවොට් 120 ක උමා ඔය ජල විදුලි බලාගාරයේ පළමු මෙගා වොට් 60 අදියර ජනවාරි 27 වැනිදා ක්‍රියාත්මක කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. “මෙගා වොට්  120 උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියේ පළමු ඒකකය වන මෙගා වොට්  60 ටර්බයිනය සමමුහුර්ත කර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම ඊයේ සාර්ථකව සිදු කරන ලදී,” යනුවෙන් අමාත්‍ය විජේසේකර…

පක්ෂ දියුණු කරන්න පෙර රට දියුණු කළ යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන

රට ලෝකයත් සමග ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නම් ඒ සඳහා  අණ පනත් සම්මත කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. දේශපාන පක්ෂ දියුණුකර ගැනීමට පෙර මුලින්ම තමන්ගේ රට දියුණුකර ගත යුතු බව අබෙිවර්ධන මහතා කීය. පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැන ඇතැම් දේශපාලන නායකයින් විවිධ කතා කියන බව පැවසූ අබෙිවර්ධන මහතා…

|

උමා ඔයෙන් මෙගා වොට් 120 ක විදුලිය පෙබරවාරි 15 දා සිට ජාතික පද්ධතියට

  උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියෙන් ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සැපයීම පෙබරවාරි 15 දා සිට ඇරඹෙනු ඇතැයි වාර්තා වෙයි. එමගින් ජාතික පද්ධතියට මෙගා වොට් 120 ක විදුලි ධාරිතාවක් එක් කිරීමට නියමිත ය. උමා ඔය ව්‍යාපෘතිය මගින් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වාරි කටයුතු සඳහා සහ පානීය ජලය සැපයීමට ද කටයුතු කෙරෙයි. මෙම ව්‍යාපෘතිය 2018 දී…

නව සන්ධානය එළි දකී

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගත් නව සන්ධානයේ මංගල ජන රැළිය ජා ඇල නගරයේදී ඇරඹෙයි. අද(27) පස්වරු 3.00 ට ඇරඹි නව සන්ධාන මංගල ජන රැළියට මේ වන විට විශාල ජනකායක් සහභාගී වී තිබේ. ජනරැළි භූමීය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් මේ වන විට පිරී ගොස් තිබේ. නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන…

|

තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට 3 දා අත්සන් තබනවා – ජනාධිපති

  තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමට ලබන පෙබරවාරි මස 3 දා අත්සන් තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. එහිදී ජනාධිපතිතුමා මෙසේ ද කී ය. ” තරගකාරී වෙළෙඳ පොළක් සමඟ අපනයන ඉහළ නංවාගෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුයි. පෙබරවාරි 03 වැනිදා අප තායිලන්තය සමඟ ගිවිසුම අත්සන් තබනවා. තායිලන්තය අපේ රට…