|

සියයට 10 ණය පොලී අනුපාතිකය දිගට ම : මහ බැංකුව නිවේදනය කරයි

  සියයට 9 ක් වන නිත්‍ය  තැන්පතු පොලී අනුපාතය සහ සියයට 10 ක් වන නිත්‍ය ණය පොලී අනුපාතය  නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (22) පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට තීරණය…

|

ඩොලරය රුපියල් 320 න් පහළට

රුපියල තව දුරටත් ශක්තිමත් වෙමින් අද දින ඇමෙරිකානු ඩොලරය රුපියල් 320 මට්ටමින් පහළට පැමිණි ඇති බව වාර්තා වෙයි . එය අද සටහන් වී ඇත්තේ ඩොලරය රුපියල් 319.90 /320.05 ක් වශයෙනි. බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315 ක් ආසන්නයේ පැවති අතර විකුණුම් මිල පැවතියේ රුපියල් 325 ක් ආසන්නයේ ය.

ලංකාවේ අල්ලස හා දූෂණය මැඩලීමට අවශ්‍ය නීති සම්පාදනය කර අවසන් – ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය මැඩලීමට අවශ්‍ය නීති සම්පාදනය කර අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය Felix Neumann මහතා අතර හමුවක් අද (22) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. මෙරට…

වැට් නිසා ඉහළ ගියැයි කී එළවළු මිල පට් ගා පහතට

  පසුගිය දිනවල එළවළු මිල විශාල ලෙස ඉහළ ගියේ ස්වභාවික හේතුන් නිසා නොව රජය වැට් බදු පැනවීම නිසා බව  ඇතැම් පිරිස් ප්‍රචාරයක් ගෙන ගිය ද දින කිහිපයක් තුළ එළවළු මිල සීග්‍රයෙන් පහත වැටී ඇති බව මේ වනවිට වාර්තා වෙයි. සමස්තයක් ලෙස එළවළු මිල සියයට 50 කින් පමණ පහත වැටී ඇත්තේ දින පහක් වැනි කෙටි කාලයක…

සජිත්ගේ- ඩලස්ගේ – විමල්ගේ මන්ත්‍රීවරු ජනාධිපති සමග උගන්ඩා ගිහින් 

උගන්ඩාවේ කම්පාලා හි දී පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ 19 දා ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා (Cyril Ramaphosa) අතර හමුව සඳහා එක් කැබිනට් අමාත්‍යවරයෙක්, එක් රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ විපක්ෂ මන්ත්‍රීවරු හතර දෙනෙකු…

සුමන්දිරන් පරදා ‘ශ්‍රීධරන්’ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට

    ඉලංගෛ තමිල් අරසු කච්චිහි නව නායකයා තේරීම සඳහා අද පැවති ඡන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එම් සුමන්දිරන් මහතා පරදා  ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා නායකත්වයට  තේරි පත් වී තිබේ. ඒ, ශ්‍රීධරන් මහතා ඡන්ද 184ක් ලබා ගනිමින්ය. නායකත්වය සඳහා තරග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා හට ලැබි තිබුණේ ඡන්ද 137ක් පමණි. ඉලංගෛ තමිල්…

විගණන වාර්තාවලින් දුෂිතයින්ට දඬුවම් කරන්න බැහැ – ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

  විගණන වාර්තාවලින් හෙළිදරව් කරන තොරතුරු අනුව දුෂිතයින්ට එරෙහිව පියවර නොගන්නේ ඇයිදැයි සමහරු ප්‍රශ්න කළත් , එසේ කළ නොහැකි බවත්, අධිකරණ ක්‍රියාවලියක දී විගණන වාර්තාවලට කිසිදු වටිනාකමක් හිමි නොවන බවත්, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කරයි. අධිකරණයේ දී දුෂණ චෝදනාවක් ඔප්පු කිරීම සඳහා එම චෝදනා…

අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවයි!

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විරෝධතා සහ අභියාචනා 640,000ක් සලකා බැලීමෙන් අනතුරුව අලුත්තෙන් ලක්ෂ 300,000ක පවුල් සංඛ්‍යාවක් අලුතෙන් අස්වැසුමට ඇතුළත් කර ගැනීමට සුදුසුකම් ලබා ඇතැයි අමාත්‍යවරයා කියා සිටී. අමාත්‍යවරයා සඳහන් කළේ, මීළග වාරික…

ජනපති රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ..- නාමල්..

  ඊළඟට ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටින නිසා ඔහුගේ නම ද එම ලැයිස්තුවේ තිබෙන බවද ඔහු පැවසීය. lanka C news

දුමින්ද සිල්වාට දුන් ජනපති සමාව බලරහිත කරමින් අධිකරණ තීන්දුවක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය. ඒ අනුව දුමින්ද සිල්වා මහතාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග…

විකල්පය රනිල් – වජිර

පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම මිත්‍ර රටවල් සමඟ රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වී තිබෙන බවත් එය කඩා කප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව දරන ප්‍රයත්න හඳුනා ගනිමින් ඒවා පරාජය කිරීමේ වගකීම ජනතාව සතු බව, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩි දුරටත් පැවසූවේ,…

ජාතික රෝහලේ මුළුතැන්ගේ කෑම ලොකු හෝටලයකට වඩා මිල අධිකයි ; පෞද්ගලික අංශයට දිය යුතුයි – නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ශාන් බෙල්ලන

    ජාතික රෝහලේ මුළුතැන්ගේ ආහාර පිසීමට යන වියදම හිල්ටන් හෝටලයෙන් කෑම ගන්නවාට වඩා වැඩි බවත්, එය පෞද්ගලික අංශයට ලබාදීම ලාබදායක බවත් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කරයි. රෝහලේ මුළුතැන්ගෙයින් ආහාර සැපයීමට මසකට යන වියදම ලක්ෂ 76 ක් බව කී ඒ මහතා ඊට අඩු මුදලකට හිල්ටන් හෝටලයෙන් කෑම ගෙන්වා දිය හැකි…