කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතියේ අවසන් දිනය උදාවෙයි

හෙට (30 දා , බ්‍රහස්පතින්දා ) උදාවන දිනය කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතියේ අවසන් දිනය වීමට නියමිත ය. අනිද්දා, සිකුරාදා උදෑසන 4.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ප්‍රකාශ කළේ ය. අගෝස්තු 20 දා ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය දින 43 ක් ක්‍රියාත්මක වී ය. රෝගය…

අද වාර්තාව : කොවිඩ් මරණ 61 යි ; නව ආසාදිතයින් 941 යි

අද රජය වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 61 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යන්නේ 12,847 ක් වශයෙනි. අද දිනයේ වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 941 කි. මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 516,475 ක් වශයෙනි.

රස්සාවට අශුචි කෑම – කෘෂි බිස්නස් වැලැක්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කතාව – රජිත් කීර්ති තෙන්නකෝන්

චීන අසූචි කාබනික පොහොර රටට ගෙන ඒමේ උත්සහය පරාජය වී ඇත. නිවේදනයට අනුව පොහොර තොගය රටට ගේන්නේ නැත. කතාව ඇත්තනම් නැව ආපහු හරවා යැවිය යුතුය. ලංකාව ‘අර්විනියා උවදුරෙන් බේරාගත් රහංගල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ ‘ඇලිස්නෝනා‘ නම් කාන්තාවයි. ඒ මෙයට වසර 57 පෙරය. අද එය නැවත කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සිදු කර ඇත. ඇලිස්නෝනා – රස්සාවට වඩා…

චීන කාබනික පොහොර දෙවෙනි වරටත් පරීක්ෂණයෙන් අසමත් ; ආනයනයට ඉඩක් නැහැ

රසායනික පොහොර අත්හිටුවීමත් සමඟ මෙරට වගාවන්ට යෙදීම සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර නිදර්ශක  මෙරට දෙවැනි වරටත් කළ පරීක්ෂණවල දී ද  අසමත් වී ඇති බව වාර්තා වෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝදායන ඒකකය මගින් සිදුකරන ද පරීක්ෂණයේදී දෙවැනි වරට ඒවා එසේ අසමත් වී ඇත. ජාතික ශාක නිරෝධායන සේවයේ අධ්‍යක්ෂ එම්. වික්‍රමාරච්චි මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට…

අද වාර්තා කළ කොවිඩ් මරණ 55 යි ; නව ආසාදිතයින් 932 යි.

අද දිනයේ රජය තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 55 කි. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,786 ක් වශයෙනි. අද වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 932 දක්වා පහත වැටී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 515,534 කි

පාරිභෝගිකයා යටකළ අලුත්ම රිවස් එක – අනුර කේ එදිරිසුරිය

ආණ්ඩුව තවත් ගැසට්ටුවක් ” රිවස් ” කළේය. ඒ සහල් මිල පාලන ගැසට්ටුවයි. දැන් සහල්වලට තොග මිල පාලනයක් හෝ සිල්ලර මිල පාලනයක් හෝ නැත. ⁣සහල් මෝල් හිමියාට සහ ⁣සහල් තොග වෙළෙන්ඳාට කැමැති මිලකට සහල් අලෙවි කළ හැකිය. පසුගිය සති කිහිපයේ වෙළෙඳ පොළෙහි දැඩි සහල් හිගයක් පැවතිණ. සහල් හිගයට හේතුව ආණ්ඩුව නියම කළ මිලට මෝල් හිමියන් සහ…

වී, සහල් සහතික මිල මෝල් හිමියෝ නියම කරති

වී මිල දී ගන්නා නව මිල ගණන් සහ සහල් සඳහා වන විකුණුම් මිල ගණන් නියම කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගේ සංගමය පියවර ගෙන තිබේ. ඒ අනුව නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රු 115ක්, සම්බා සහල් කිලෝවක් රු 140ක් සහ කිරී සම්බා කිලෝවක් රු 165කට අලෙවි කිරීමට මිල තීරණය කර ඇත. වී මිල දී…

ලෝක වෙළෙඳ පොළේ පොන්නි සම්බා කිලෝව රුපියල් 130 යි ; ගේන කතා, අඩුවට දෙන කතා බොරු !

ලෝක වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් තිබීමත්, ශ්‍රී ලංකා රුපියල විශාල ලෙස අව ප්‍රමාණ වී තිබීමත් නිසා, ආණ්ඩුව ගේන බව කියන පොන්නි සම්බා කිලෝවක් මිල දී ගන්න විටම ශ්‍රී ලංකා රුපියල් 130 ක් පමණ මිල වන බවත්, එලෙස සහල් ආනයනය කොට අඩු මිලට දෙන බවට ආණ්ඩුව කරන්නේ බොරු කතා කියා ජනතාව රැවටීමේ උත්සහයක් බවත්, වෙළෙඳපොළ…

කොවිඩ් ආසාදිත සංඛ්‍යාව දහසෙන් පහළට ; රෝගීන් 983 යි ; මරණ 51 යි

නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව දහසේ සීමාවට වඩා අඩු වී අද වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 983 ක් පමණකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 514,592 ක් වශයෙන් සටහන් වී ඇත. අද රජය වාර්තා කළ කොවිඩ් මරණ සංඛ්‍යාව ද 51 ක් දක්වා පහත වැටී තිබිණි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ…

වී, සහල්, මිල පාලන නීති ඉවත් කර ගන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි

වී මිල දී ගැනීමට සහ සහල් විකිණීමට උපරිම මිල නියම කරමින් නිකුත් කොට තිබූ ගැසට් නිවේදන ඉවත් කර ගැනීමට කැබිනට මණ්ඩලය අද තීරණය කොට ඇත. එම ගැසට් නිවේදනවල මිල ගණන් ක්‍රියාත්මක කිරීමට හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කොට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වරයකු ද පත් කළ නමුත් ඒ කිසිවක් සාර්ථක වුයේ නැත. එම මිල ගණන්වලට වැඩියෙන්…

ආර්ථික කොරෝනාවට කබ්රාල්ගෙන් කොත්තමල්ලි !

ගෙදර කොත්තමල්ලිවලින් ලෙඩේ හොඳ කළ හැකිව තිබිය දී රෝහලකට ගොස් වෙනත් ලෙඩ සාදාගත යුතු නැති බවත්, එමෙන් ම මෙරට ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයාගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොයා යුතු බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරල් මහතා ප්‍රකාශ කොට ඇත. එමෙන් ම මුල්‍ය අරමුදලේ වැඩ සටහනකට ගියහොත් එයින් ගැලවීමට වසර දහයක් පමණ කල් ගතවන…

මන්ත්‍රී ධූරයක් අහෝසි කළ  ඓතිහාසික නඩු තීන්දුව තොරතුරු පනත නිසා ලැබූ ජයග්‍රහණයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡන්දදායකයන්ට අල්ලස් දීම නිසා ප්‍රදේශී සභා මන්ත්‍රීවරයකුගේ තනතුර අහිමි කරමින් මොනරාගල මහාධිකරණය දුන් නඩු තීන්දුව තොරතුරු දැනගැනීමේ පනත නිසා ලැබුණු ජයග්‍රහණයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. එම නිවේදනයේ මෙසේ ද සඳහන් ය. සැප්තැම්බර් 28 දිනට යෙදී ඇති තොරතුරුවලට ප්‍රවේශවීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ මහජන සංවාදය සැප්තැම්බර් 25 සෙනසුරාදා…