හරි කලටම ජනපතිවරණය මහ මැතිවරණය තියෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

        නියමිත කලට වෙිලාවට  ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය  පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. එම මැතිවරණ සඳහා මුදල් වෙන් කර තිබුණත් නැතත් ඉදිරියේදී  දී මුදල් සම්මත කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයාට එම මැතිවරණ පැවැත්විය හැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව තිබෙන බව කී අබේවර්ධන මහතා  සෙසු මැතිවරණ…

|

ආදායමෙන් සියයට 86 ට ගිය රජයේ සේවක වැටුප් බිල සියයට 55 ට බස්සයි

      ගෝටාභය රාජපක්ෂ ජනාධිපති පාලනය යටතේ 2020 වර්ෂයේ රජයේ ආදායමෙන් සියයට 86 ක් දක්වා ඉහළ ගොස් තිබු රාජ්‍ය සේවක වැටුප් සදහා වියදම මේ වසරේ මුල් මස හතරේ දී සියයට 55 දක්වා අඩු කරගන්නට රජය සමත් වී ඈති බව මහා බැංකු මුල්‍ය වාර්තා මගින් හෙළිදරව් වී තිබේ. 2023 අප්‍රේල් දක්වා කාලය තුළ වැටුප් වියදම…

|

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරණය ලබන මාර්තුවට පෙර ?

  මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ලබන මාර්තු මාසයට පෙර අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර එකඟත්වයක් ඇතිවනු ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ සඳහා ණය හිමියන්ගෙන් මේ වනවිට ලැබී තිබෙන එකඟතා දෙපාර්ශවය මෙම ගිවිසුමට එළඹීමට පදනම් වී ඇත. පොදුවේ එකඟ වන ප්‍රතිපත්තියකට අනුව එක් එක් ණය…

මුල්‍ය අරමුදල සමග ජනාධිපති තීරණාත්මක සාකච්ඡා හෙට

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා සඳහා මෙරටට පැමිණ සිටින නියෝජිත පිරිස සමග මෙම සාකච්ඡා පැවැත්වෙයි. මෙම සමාලෝචන සාකච්ඡා මාලාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වු විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සුරක්ෂිත…

රටට අහිතකර විදෙස් ගිවිසුම් අහෝසියි

  විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව මෙරට රාජ්‍ය ආයතන විදේශ රටවල් සමග අත්සන් තබා ඇති ගිවිසුම් අධ්‍යයනය කර බලා ඒ අතර රටට අනතුරුදායක ගිවිසුම් ඇත්නම් ඒවා අහෝසි කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විටත් එවැනි ගිවිසුම් එකසිය පනහක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන්…

බංග්ලාදේශයෙන් ගත් ණය ගෙවාදමයි

ශ්‍රී ලංකාව විසින් මූල්‍ය හුවමාරු පහසුකමක් ලෙස බංග්ලාදේශයෙන් ලබාගත් සම්පූර්ණ ණය මුදල ගෙවාදමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ පසුගිය බ්‍රහස්පතින්දා (21) එරටට ඩොලර් මිලියන 50ක් ගෙවීමත් සමගය. එම සම්පූර්ණ ණය මුදල ඩොලර් මිලියන 200කි. එසේම එම ණයට අදාළ පොලීය වූ ඩොලර් මිලියන 4.5ක මුදලක්ද ගෙවූ බව බංග්ලාදේශ නිලධාරීන් තහවුරු කර තිබුණි අද දෙරණ

ආනයන සීමා ලබන මස ඉවතට

    දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මෙරට විශාලම අර්බුදය වුණ රෙමිටන්සස් අපිට අද සාමාන්‍ය මට්ටමකට ඉහළ නැංවෙලා තියෙනවා. අපිට අත්‍යවශ්‍ය ආනයන කරන්න අපේ සංචිත…

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මැලේසියා අගමැති අන්වර් බින් ඊබ්‍රහීම් (Anwar bin Ibrahim) මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව  නිව්යෝර්ක් නුවරදී සිදු විය. ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා…

තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහයවනවා – ජනපති

රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම සිය අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ එම ඉලක්කය කරා ළගාවීමට ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය හිමිවනු ඇතැයි…

මැතිවරණයට භාරදුන් නාමයෝජනා අවලංගුයි

පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය ලැබී තිබේ. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් අපහසුතාවයට පත්වී ඇති බවත් අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස එසේ භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කිරීමටත් අද (21) දින පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු…

උද්ධමනයේ ලොකු වෙනසක්

මෙරට උද්ධමනය තවත් අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය සඳහන් වන්නේ 2.1%ක් ලෙසට ය. ජූලි උද්ධමනය සඳහන් වූයේ 4.6%ක් ලෙසටය. මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී -5.4%ක් ලෙස දැක්වෙයි. එම අගය ජූලි මාසයේදී -2.5%ක් ලෙස සටහන් වී තිබුණි. ආර්ථික අර්බුදයත් සමග පසුගිය වසරේ ඉහළ…

ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් ණය ආපසු ගෙවනු ඇතැයි බංග්ලාදේශය අපේක්ෂා කළේ නැත.

වැදගත් රාජ්‍ය තාන්ත්‍රික හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය සමඟ ඵලදායී හමුවක් පැවැත්වීය. මෙම හමුවේදී දකුණු ආසියානු රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාවයේ විවිධ පැතිකඩයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි. මූල්‍ය අර්බුදයෙන් ශ්‍රී ලංකාව ඉක්මනින් යථා තත්ත්වයට පත්වීම පිළිබඳව තමන් සතුටට පත්වන බව අගමැතිනි ෂීක් හසීනා ජනාධිපති වික්‍රමසිංහ…