|

වැඩියෙන් සහන ගන්න ආර්ථික වර්ධනය අඩුවෙන් පෙන්නලා ! – ණය හිමියන්ගෙන් දෝස්මුරයක් !!

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී වැඩි සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ  ආර්ථික වර්ධනය පිළිබඳ ඉලක්ක අඩුවෙන් දක්වා ඇති බවට ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන් චෝදනා කරන බව එම සාකච්ඡා පිළිබඳ තතු දත් ආරංචි මාර්ග වාර්තා කර ඇත. ණය හිමියන්ගේ අදහස වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනේ පෙන්වා ඇති ආර්ථික වර්ධනය පිළිබඳ පුරෝකථන ඉතා අශුභවාදී බව යි….

කරු කරන්නේ රනිල්ගෙ කොන්ත්‍රාත්තුවක් ද? සාධාරණ සමාජයෙන් සජිත්ට පිළිතුරු

  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යළිත් වරක් දියත්කර තිබෙන උත්සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමක් බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු ඇතැමුන් එල්ල කරන චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි. විශේෂයෙන්ම රනිල් වීක්‍රමසිංහගෙන් ලබාගත් තාන්න මාන්නවලට හිලව් වශයෙන් දැන් ජනාධිපතිවරයාගේ මනදොල පිරවීමට උත්සහ කරන බවට චෝදනා කරමින් විපක්ෂනායකවරයා කර…

මිල්කෝ සමාගම ඉන්දීය අමුල් සමාගමට දීමෙන් බලාපොරොත්තු වන ඉලක්කය ජනපති පැහැදිලි කරයි

රජයට අයත් මිල්කෝ සමාගමේ පාලනය ඉන්දීය අමුල් සමාගමට භාරදීම සඳහා ගිවිසුමකට එළඹීමට කටයුතු කරන බවත් එයින් බලාපොරොත්තු වන්නේ දිනකට කිරි ලීටර් 10 බැගින් ලබාදෙන සතුන් මිලියන 2ක් ඇතිකරගැනීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “අපේ කිරි නිෂ්පාදනය ඉතාම අඩු මට්ටමක පවතින සත්ව පාලන ක්ෂේත්‍රය දෙස බැලූවිට, එක් සතෙකුගෙන් ලැබෙන්නේ කිරි ලීටර් 2ක් පමණයි. දැන් අපි…

|

ලෙල්ලමේ සෙල්ලම

    මීගමුව පිටිපන ධීවරයන් පෙබරවාරි 19 වැනිදා කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුයේ කතෝලික සභාව තමන් රැකියාව කරනු ලබන ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ය. මේ ආරවුල කුමක් ද? එය පැරණි එකකි! පිටිපන ලෙල්ලම වසර හැටකටත් වඩා පැරණි එකකි. එම ඉඩම පල්ලියෙන් කොටස් වශයෙන් මුදල් ගෙවමින් පවරා ගෙන ඇත්තේ…

|

ඩොලරය රුපියල් 311 ට බසී

  ඇමෙරිකානු ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වෙමින් අද සවස් වන විට ඩොලරයක් රුපියල් 311 ක් දක්වා පහතට පැමිණ ඇති බව වෙළෙඳපොළ වාර්තා ප්‍රකාශ කරයි. ඒ අනුව ඩොලරයක් හුවමාරු වුයේ රුපියල් 310.95 – 311.05 මිලකට බව වාර්තා වෙයි. වාණිජ බැංකුවල ඩොලරයක ගැනුම් මිල රුපියල් 306 මට්ටමේ සහ විකුණුම් මිල රුපියල් 316 මට්ටමේ…

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් යයි

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. ඒ මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කළේය. විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්ත මහතා ඉල්ලා අස්වූ බව නිවේදනය…

ඩොලරය බැසීමේ, පොලී අඩුවීමේ වාසි විදුලි පාරිභෝගිකයින්ට – ඇමති කංචන විජේසේකර

රුපියල ශක්තිමත් වෙමින් ඩොලරයේ අගය පහත බැසීම, බැංකු පොලී අඩුවීම නිසා ණය සඳහා පොලී ගෙවීම අඩුවීම ඇතුළු රටේ යහපත් ආර්ථික වර්ධනයන් නිසා බලාපොරොත්තු වුවාට වඩා විදුලි ගාස්තු අඩු කළ හැකි වන බව විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ගල් අඟුරු සඳහා හොඳ මිලක් ලැබී ඇති බවත්, විදුලිය නිෂ්පාදනයට ගන්නා…

|

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නව යෝජනාවක් ; සාකච්ඡා ලන්ඩනයේ දී

පෞද්ගලික ණය හිමියන් ලෙස සැලකෙන , ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර හිමියන් වෙත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නව යෝජනාවක් ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කොට ඇති බවත්, ඒ පිලිබඳ සාකච්ඡාවක් ඉදිරි දිනෙක ලන්ඩන් හුවර දී පැවැත්වෙනු ඇති බවත්, තතු දත් ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කොට ඇත. රජයේ නව යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ සියයට 20 ක…

ඔක්තෝබර් වැඩි කළ විදුලි බිල සම්පුර්ණයෙන් අඩු කරනවා – විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන  විජේසේකර

විදුලි බිලට පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන  විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. එලෙස විදුලි බිල අඩු කිරීමට අදාළ නව යෝජනාව විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට අද බාර දෙන බවද ඔහු සඳහන් කළේය. ආගමික ස්ථානවල…

ගොවීන්ට ඉඩම් දීම මගින් මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලිකකරණය ආරම්භ කළා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  ගොවීන්ට ඉඩම් ලබාදීම මගින් මෙරට ඉතිහාසයේ  විශාලතම පෞද්ගලිකරණය වත්මන් ආණ්ඩුව යටතේ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කලේ කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි. ඔහු එහිදී මෙසේද පැවසීය. “මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය…

|

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අමාරු ප්‍රශ්නය සති තුනකින් අවසන් !

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වඩාත්  අභියෝගාත්මක ප්‍රශ්නය වන පෞද්ගලික ණය හිමියන් සමග ගිවිසුමකට එලබීම ඉදිරි සති දෙක තුනක කාලය තුළ අවසන් කරගත හැකි වනු ඇතැයි රජයේ තතුදත් ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි. ශ්‍රී ලංකා රජයෙන් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කරවල ආයෝජන කළ මෙම පිරිස සමග එකඟත්වයක් සඳහා රජයේ සාකච්ඡා කරමින් සිටියි. ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ දී දේශීය…

විදුලි ගාස්තු සියයට 18 කින් අඩුවෙයි ?

විදුලි ගාස්තු සියයට 18 කින් අඩු කිරීමට තීරණය කොට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. උමා ඔය ජල විදුලි බලාගාරය පද්ධතියට  එක්වීම ඇතුළු නව තත්ත්වයන් සැලකිල්ලට ගෙන මේම තීරණයට එළඹ ඇතැයි කියති. ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ පරීක්ෂණය ද පසුගිය දිනවල සිදු කෙරින.