උග්‍ර මූල්‍ය අර්බුදය නිසා MCC ආධාරය ගන්න අපි සූදානම්, ගිවිසුම වෙනස් වෙන්න ඕනෑ – බන්ධුල

රටේ පවතින උග්‍ර මූල්‍ය අර්බුදය නිසා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහනේ ආධාරය ලබාගැනීමට ආණ්ඩුව සූදානම් නමුත් දැනට සකස් කර ඇති ගිවිසුමට එකඟ විය නොහැකි බවත් ඊට සංශෝධන එක් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.  “එම්සීසී ගිවිසුම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ ස්වෛරීත්වයට හානිකර වගන්ති ඇතුළත්…

‘‘මානව හිමිකම් ගැන ලක්රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කනගාටු වෙනවා‘‘

සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යෑම පිළිබඳ යෝජනාවෙන් වෙනස් ප්‍රවේශයක් ගැනීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අද (27) ප්‍රකාශ කළාය. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ දී සිය වාචික ප්‍රකාශය ඉදිරිපත්…

‘‘මානව හිමිකම් කවුන්සිලය සමඟ සමීපව කටයුතු කරනවා‘‘

තිරසර සංවර්ධනය, සාමය, සංහිඳියාව උදා කරගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සහ ඇගේ කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවැසීය. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ දී සිය වාචික ප්‍රකාශය ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ…

ඖෂධ හිඟය:රාජිත කට අරී – GMOA රෙදි ගැලවෙයි

ඖෂධ හිඟය තමන් අමාත්‍ය ධූරය සමයේ විසඳුම් දී තිබියදීත් වත්මන් ආණ්ඩුවට එය පවත්වාගෙන යාමට නොහැකි තරමට ඔවුන් අසමත් වී තිබෙන බව හිටපු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය. රෝහල් තුළ ඖෂධ අඩු වන විට එය හඳුනා ගැනීමට ඇප් එකක් පවා නිර්මාණය කර තිබූ බවයි සේනාරත්න මහතා පැවසුවේ.  මේ වන විට…

‘‘අනුරාධපුරයටම රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් බෙදලා‘‘ – දුමින්ද දිසානායක

ලංකාවටම රැකියා දෙන්නේ ලක්ෂයයි. සමහර පුද්ගලයන් මේවන විට අනුරාධපුරයටම  රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් පමණ බෙදා දී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (26) මිහින්තලේදී පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසීය.         ‘‘දෙන්න ඉඩමක් නෑ, ඉඩම් බෙදනවා කියලා ලැයිස්තු හදනවා.තව කට්ටිය සමිති වලට…

හදවත, හංසයා නැති වූ සජිත්ට “සංධානය”ත් නැතිවෙයි !

හදවත  ලකුණින් සමගි ජාතික සංධානය ලෙස මහ මැතිවරණයට තරග කරන්නට සැලසුම් කොට සිටි සජිත් ප්‍රේමදාස කණ්ඩායමට පවතින නීතිමය තත්ත්වය තුළ හදවත ලකුණත් පසුව තෝරාගත්  හංසයා ලකුණත් අහිමි වුණා සේම  සමගි ජාතික සංධානය ලෙස තරඟ කිරීමේ අවස්ථාව ද අහිමි වනු ඇතැයි තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි . මෙයට හේතු වී ඇත්තේ අවසානයේ අලියා ලකුණ තෝරාගැනීමට සිදුවීමත්…

කපිල චන්ද්‍රසේනව රටින් පන්නන්න හැදූ CID සැලසුම නීතිපතිගේ මැදිහත්වීමෙන් නැවතිලා !

එයාර් බස් ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් වශයෙන් ලබාගත් බව අනාවරණය වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම සඳහා අවස්ථාව ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා ඇතුළු පිරිසක් විසින් සූදානම්ව සිට ඇති අතර නීතිපතිවරයාගේ මැදිහත්වීමෙන් එය වැළකී ඇති බව වාර්තා වේ.  එයාර් බස් සමාගමේ…

ජනතාව ඡන්දෙ දුන් පමණින් MCC අහෝසි කරන්න බෑ. ඒකට කමිටු වාර්තාව ඕනෙ – ගම්මන්පිල

MCC ගිවිසුම අහෝසි කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් නමුත් ඒ වනවිට ශ්‍රී ලංකා රජය ඇමරිකාව සමඟ එහි මූලික එකඟතාවන්ට පැමිණ තිබුණු නිසා එක්වරම එම ගිවිසුම අහෝසි කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ සඳහා කරුණු දැක්වීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.  “අපි ඉන්නෙ එම්සීසී ගිවිසුමට විරුද්ධව. ඒ නිසාම තමයි…

සන්ධාන කතා දැන් බොරු අන්තිමට අලියා ළඟ තමයි නතර වෙන්න වෙන්නේ – රාජිත

පවතින තත්ත්වය අනුව සන්ධානයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ඇති ඉඩ ඇහිරී තිබෙන අතර අවසාන වශයෙන් අලියා ලකුණින් තරඟ වැදීමට සිදුවන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. සන්ධාන ගැන කියමින් සිටින ඇතැමුන් අවම වශයෙන් සන්ධානයක් ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව හෝ දැනුමක් නොමැති අතර කරුණු කාරණා වැටහෙන්නේ මැතිවරණ කොමසාරිස් සමඟ සාකච්ජා කරන විට යැයි සේනාරත්න මහතා…

රනිල් කොළඹින් මහ මැතිවරණයට ; සජිත්ගේ පිම්ම වරදී !

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු පරිදි මෙවරත්  කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන බව පක්ෂයට දැනුම් දී ඇති බව පක්ෂයේ තතුදත් ආරංචි මාර්ග කියයි . රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා දී සජිත් ප්‍රේමදාස මහතා කොළඹින් තරග කිරීමට දැරූ උත්සාහය මෙමගින් ව්‍යර්ථ වන බව කියති . තමන්ට තවමත් ඇති ජන…

ආණ්ඩුව මෙතරම් නිවටද.. ජනතාව ඉන්නේ කෝපයෙන්.. මාත් ජනතාව සමගයි..- ඇමති වාසු

වෙළෙඳ ප්‍රජාව හමුවේ ආණ්ඩුව නිවට වී දැයි ජනතාව ප්‍රශ්න කරන බව බවත් ඒ මෙතෙක් බඩු මිල අඩු නොවීම නිසා බවත් රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය. මේ හේතුවෙන් අද ජනතාව සිටින්නේ කෝපයෙන් බවද කී ඔහු තමන් ද ඉන්නේ ජනතාවගේ පැත්තේ බවද පැවසුවේය. තවදුරටත් වෙළඳපොළ වල්බූරු නිදහසට ඉඩදී බලා සිටිය නොහැකි බවද කී ඔහු අත්‍යවශ්‍ය…

පත් කරන්නේ නැහැයි කියූ රවිප්‍රිය රේගු අධ්‍යක්ෂක තනතුරේ වැඩ අරඹයි

නව රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා ඊයේ  වැඩ භාරගෙන තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, රවිප්‍රිය මහතා රේගු අධ්‍යක්ෂක තනතුරට පත් කළේ පසුගිය 19 වැනිදායි. කීර්තිමත් හමුදා නිළධාරියෙකු වන රවිප්‍රිය මහතා යුද හමුදාවේ ඉහළ තනතුරු ගණනාවක් දරා ඇති අතර ඔහු විශ්‍රාම ගන්නා විට වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස කටයුතු කළේය….