මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද තීන්දුව හෙට

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගයට අවසර දෙනවාද  නැද්ද යන්න පිළිබඳ තීන්දුව හෙට (02) පස්වරු 3.00 ට ප්‍රකාශයට පත් කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මීට ස්වල්ප වේලාවකට පෙර නියම කළේය. දසවන…

එජාපය දෙකඩ කිරීම ආණ්ඩුව දුන් කොන්ත්‍රාත්තුවක් – සමගි ජන බලවේගයේ ලේකම් රනජිත් මද්දුම බණ්ඩාර

එකසත් ජාතික පක්ෂය දෙකඩ කිරීම ආණ්ඩුව ලබා දී තිබෙන කොන්ත්‍රාත්තුවක් බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ  ය. එජාපය දෙකඩ කිරීමේ වාසිය ඇත්තේ ආණ්ඩුවට බව කි ඒ මහතා එබැවින් එජාපය දෙකඩ කිරීමේ කොන්ත්‍රාත්තුවක් ආණ්ඩුවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන බව ද කී ය. ඒ මහතා වැඩි දුරටත්…

මැතිවරණ ප්‍රචාරක රැස්වීම් නැහැ ? ඡන්දය දීම පමණයි ?

මහ මැතිවරණය සහ පාර්ලිමේන්තුව කැඳවීම ගැන ශ්‍රේෂ්ටාධිකරණයේ විභාග වන පෙත්සම්වල තීන්දුව ලැබුණු පසු මහ මැතිවරණය සඳහා මැතිවරණ කොමිසන් සභාව විසින්  දින නියම කරනු ඇති බවත්, එසේ වුව ද , සෞඛ්‍ය සේවා අංශවලින් ලැබී ඇති උපදෙස් අනුව දේශපාලන ප්‍රචාරක රැස්වීම් සඳහා ඉඩ නොලැබෙනු ඇති බවත්, තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි. කොවිඩ් 19 පාලනයට අවශ්‍ය භෞතික…

තවත් කොවිඩ් 19 ආසාදිතයකු මියයයි

කොවිඩ් 19 අසාදනය වීම නිසා දැඩි සත්කාර ලබමින් සිටි පුද්ගලයකු අද මියගිය බව සෞඛ්‍ය සේවා අංශ වාර්තා කරයි. හෝමාගම විශේෂිත රෝහලේ දී මෙසේ මියගොස් ඇත්තේ ක්වේට් හි සිට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කොවිඩ් 19 ආසාදනය වීම නිසා ශ්‍රී ලංකාවේ දී මියගිය 11 වැන්නා වෙයි.

ආණ්ඩුවේ පාලන මිලට බඩඉරුගු ගන්න බෑ ; ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින් ම වසා දමයි

බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ. එහි සේවය කළ සේවකයන් 300 කට ආසන්න පිරිස මේ වනවිට කම්හල වසා දමා තිබීම හේතුවෙන නිවෙස්වල රැදී සිටින බවත් මේ තත්ත්වය සති තුනක් තිස්සේ පවතින බවත් එහි සේවකයෝ කියති. මැයි මස මුල් සතියේ බඩඉරිඟු සදහා පාලන මිලක් නියම කරන්නට රජය පියවර…

තවමත් එජාප සභාපති මමයි ; මා තනතුරින් ඉවත්කොට නැහැ – හිටපු ඇමැති කබීර් හෂීම්

තවමත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති තමන් බවත් එම තනතුරින් තමන් ඉවත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කොට නැති බවත් හිටපු ඇමති කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි . තමන් පක්ෂයෙන් ඉවත් කළ බව කීව ද එවැනි දැනුම්දීමක් තමන්ට ලැබී නැති බව ද ඒ මහතා කියයි. සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට කබීර් හෂීම් මහතා මේ බව ප්‍රකාශ කොට…

සමාජයට විසිරෙන්නේ නැති දෙවැනි කොරෝනා රැල්ලක් දැනටත් තියෙනවා, පාලනය කළ යුතුයි – GMOA

සමාජයට විසිරෙන්නේ නොමැති දෙවැනි කොරෝනා රැල්ලක් දැනටමත් මෙරට තුළ පවතින බවත් එහෙයින් නාවික හමුදා කොරෝනා පොකුර සහ විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වීම ඉතාම ප්‍රවේශමින් කළමනාකරණය කරගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.  “ජනතාවට ඇවිදින්න ඉඩක් දුන්නේ අපේ ඇක්ටිව් කේසස් අඩුවෙද්දී. හැබැයි දැන් මේ වෙලාවෙ ඇක්ටිව් කේසස් වැඩිවෙමින් තියෙනවා….

අර්ජුන් මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගන්න අපට බෑ. 69 ලක්ෂය වෙනුවෙන් ඔහු නැතුව නඩුව අහන්න ඕනෑ – ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ ප්‍රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව සිංගප්පූරුවට ගොස් අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රජයට නීතිමය හැකියාවක් නොමැති බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන් 69 ලක්ෂයක ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා ඔහු නොමැතිව නඩුව විභාගයට ගෙන තීන්දුවක් ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය, ශ්‍රීලපොපෙ අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා…

අද තවත් 55 ක් එකතු වෙයි ; කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1613 ට නගී

අද දවස තුළ කොවිඩ් 19 ආසාදිතයින් 55 දෙනකු අලුතින් හඳුනාගෙන ඇත. ඒඅනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව 1613 ක් දක්වා ඉහල ගියේ ය.

කොරෝනා ආසාදිත සෙබලෙකු හොරණින් හමුවෙයි ; 26 ක් නිරෝධායනයට ; කඩ 4 කට සීල්

කොවිඩ් 19 ආසාදිත හමුදා සෙබළකු හොරණ ප්‍රදේශයෙන් හමුවී ඇති අතර එම ප්‍රදේශයේ වෙළෙඳසල් හතරකට සීල් තබා ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. හමුදා සෙබලාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 26 දෙනකු නිරෝධායනයට යොමු කළ බවද වාර්තා වෙයි. මෙම හමුදා සෙබලා කටුනායක ගුවන් තොටුපලේ සේවයට යොදවා සිටි අයෙකු බව කියති. කෙසේ වෙතත් හමුදා සෙබලා නිරෝධායන නීති අනුගමනය…

කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1558 දක්වා ඉහලට

මෙරටින් හමු වූ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 1558 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග අංශය ප්‍රකාශ කරයි. මෙම ආසාදිතයන් හමු  වී ඇත්තේ විදෙස් වලින් ආ පිරිස හා නාවික භටයන් අතරින් පමණක් බව ද වැඩි දුරටත් වාර්තා වෙයි.

සහල් ඒකාධිකාරියට දණ්ඩ නමස්කාර කළ රජය ෆේල් ! අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා – හිටපු කෘෂිකර්ම අමාත්‍ය විදුර වික්‍රමනායක

සහල් ඒකාධිකාරිය ඉදිරියේ දණ්ඩ නමස්කාර කිරීමට රජයට සිදුවීම තුළ රජය අසමත් බව අකමැත්තෙන් වුවත් තමන්ටම කීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක, හිටපු කෘෂිකර්ම අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. “රජය මිල නියම කළත් මෝල් හිමියා තමයි තීරණය කරන්නෙ කීයටද ගන්නෙ කියලා ගොවියාගෙන්. ඊළඟට කුඩා මෝල් හිමියන් – අපි මේ කතා කරන්නෙ ලොකු මෝල්…