කොරෝනා පැතිරීමේ තර්ජනය නිසා දිවයිනේ සියලු පාසල් හෙට සිට වසයි ; ගම්මාන හතක් අගුළු දමයි

කොරෝනා පැතිරීමේ තර්ජනය නිසා දිවයිනේ සියලු පාසල් හෙට සිට වසයි ; ගම්මාන හතක් අගුළු දමයි

දිවයිනේ සියලු පාසල් හෙට සිට වසා දමා දෙවන වාර  පාසල් නිවාඩුව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගී කාන්තාවක හමුවීමත් සමග රෝගය පැතිරීමේ අවදානම ඉහල යාම නිසා මෙම පියවර ගෙන තිබේ . මේ වනවිට දිවුලපිටිය , මිනුවන්ගොඩ ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර ගම්මාන හතක්  හුදෙකලා කොට ඇත. රෝගී කාන්තාව සේවය කළ කම්හලට ද සීල් තබා ඇති බව වර්ත වෙයි.

අපේ යෝජනා කිසිවක් කාරක සභා අවස්ථාවේවත් නෑ.. ඒවා නොසලකන්නේ නම් වගකීම අතහරිනවා..- ජානිපෙන් අගමැතිට තීරණාත්මක ලිපියක්..

විසිවෙනි සංශෝධන පනත් කෙටුම්පතට අදාළව තම පක්ෂය විසින් ඉදිරිපත් කළ කිසිදු සංශෝධන යෝජනාවක් කාරක සභා අවස්ථාවට ඇතුළත් කරන බවට නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දුන් යෝජනාවලියේ නැතැයි ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කර තිබේ. අදාල ලිපියේ පිටපත් මාධ්‍ය යොමු කර ඇති අතර…

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නිදහස් වෙන්නෙ ආණ්ඩුවෙ ඩීල් එකක් නිසාද ? – අගරදගුරුටත් සැකයිලු

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නිදහස් වෙන්නෙ ආණ්ඩුවෙ ඩීල් එකක් නිසාද ? – අගරදගුරුටත් සැකයිලු

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හිටිහැටියේම නිදහස් වීම සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. අද (03) කොළඹ අගරදගුරු නිළ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කාදිනල්වරයා මේ බව සඳහන් කළේය. පසුගියදා නිදහස් වූ පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බවට, මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හරහා…

බදුර්දීන් එකතු කරගන්න තරම් මෝඩයො ආණ්ඩු‍වෙ නෑ. එකතුවෙන්න ආවොත් එළවනවා – විමල්

බදුර්දීන් එකතු කරගන්න තරම් මෝඩයො ආණ්ඩු‍වෙ නෑ. එකතුවෙන්න ආවොත් එළවනවා – විමල්

රිෂාඩ් බදියුදීන් වැනි මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීමට තරම් මෝඩයන් වත්මන් ආණ්ඩුවේ සිටිතැයි තමා විශ්වාස නොකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ නිසා රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවට එකතුවීමට යන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි වීරවංශ මහතා අවධාරණය කරන්නේ. ඊයේ (02) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය….

ගව ඝාතනය තහනම් කලොත් මරණය තෙක් ගවයන් රැකබලා ගන්නේ කෙසේද.. මෙය විදේශීය කිරිපිටි සමාගම් සතුටු කරවන වැඩක්.. – ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගව ඝාතනය තහනම් කලොත් මරණය තෙක් ගවයන් රැකබලා ගන්නේ කෙසේද.. මෙය විදේශීය කිරිපිටි සමාගම් සතුටු කරවන වැඩක්.. – ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගව ඝාතනය තහනම් කළ විට කිරි ගොවීන් විසින් ගවයන් මරණය තෙක්ම කෙසේ නඩත්තු කරන්නේදැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි. ගව ඝාතනය තහනම් කිරීමට තීන්දු ගැනීමේ දී ඊට අදාළ සමාජ පැතිකඩ සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යනයක් සිදු කොට නැති බව පැහැදිලි යයිද ඒ මහතා කියා සිටී. ගව ඝාතනය තහනම් කළ යුතුයි ඇතැම් අන්තවාදී…

රිෂාඩ් බදියුදීන් රැස්වීමට ආවාට ආණ්ඩුවට ගන්නේ නෑ –  ඇමති චමල් රාජපක්ෂ

රිෂාඩ් බදියුදීන් රැස්වීමට ආවාට ආණ්ඩුවට ගන්නේ නෑ – ඇමති චමල් රාජපක්ෂ

තමන්ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සමස්ත ලංකා මහජන කොග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහභාගි වීම සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි. නිවේදනයයි මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පරිපාලනයට අදාළ රාජ්‍ය හා මහජන ගැටළු පිළිබඳව…

කහ කිලෝව රුපියල් 4000 ට නගී ; ඒ ගණනටත් හිගයි !

කහ කිලෝව රුපියල් 4000 ට නගී ; ඒ ගණනටත් හිගයි !

කහ සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමත් සමග වෙළඳපොලේ කහ කිලෝව රුපියල් 4000 සිට 5000 දක්වා මිල ගණන්වලට අලෙවි වන බව වාර්තා වෙයි. කොළඹ අවට ඇතැම් වෙළෙඳ සල් වල කහ ග්‍රෑම් 100 අලෙවි වුයේ රුපියල් 450 – 500 අතර මිලකට ය . එම මිලට ද කහ සොයා ගැනීම තරමක් අසීරු බව පාරිභෝගිකයෝ කියති. 

ජනපතිගේ දැනුම් දීම ඇමති වාසු කඩ කරයි..

ජනපතිගේ දැනුම් දීම ඇමති වාසු කඩ කරයි..

තමන් මහජන දිනය පවත්වන්නෙ සතියේ සෑම බදාදා දිනකම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු දිනයන් නොවන සෑම බදාදාවකම මෙය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. ඒ අනුව සදුදා දිනයේ මහජන දිනය පැවැත්වෙන්නේ නැතැයිද ඒ මහතා තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දැනුම් දී තිබේ. පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…

රිෂාඩ් බදියුදීන් 20 ගැන සලකා බලන බව කියද්දී හිරේ සිටි සහෝදරයා ඇප මත නිදහස් වෙයි !!!

රිෂාඩ් බදියුදීන් 20 ගැන සලකා බලන බව කියද්දී හිරේ සිටි සහෝදරයා ඇප මත නිදහස් වෙයි !!!

තමන් 20 වැනි සංශෝධනය ගැන සලකා බැලීමට සුදානම් බව සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක හිටපු ඇමති  රිෂාඩ් බදිර්දීන් මහතා ඊයේ වවුනියාවේ දී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කොට ඇති අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහුගේ සොහොයුරා ඊයේ ම  ඇප මත නිදහස් කරනු ලැබ ඇත. ඊයේ වවුනියාවේ පැවති රාජ්‍ය උත්සවයකට සහභාගී වූ රිෂාඩ් බදිර්දීන් මහතා රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේ ආණ්ඩුවට එක්වීමට තමන්ගේ කිසිදු සුදානමක් නැති බවයි. 20 වැනි සංශෝධනයේ බොහෝ වැරදි ඇතත් ආණ්ඩුව ඉල්ලීමක් කළහොත් එයට සහය දීමට සලකා බැලිය හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය. ඒ අතර හිටපු ඇමතිවරයාගේ සොහොයුරු රියාජ් බදුර්දීන් මහතා අධිකරණයෙන් ඇප ලබා නිදහස් වීම ද ඊයේ සිදුවී ය. පාස්කු ප්‍රහාරකයන්ට ආධාර කළ බවට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගත  කොට සිටි ඔහුට ඇප ලබාදීමට පොලීසිය විරුද්ධ වී නැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ හිටපු ඇමති සොහොයුරාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

ට්‍රම්ප්ටත් කොරෝනා වැලඳෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්, කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති අතර මේ වනවිට ඔවුන් දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී ඇතැයි පැවසේ. අමෙරිකානු ජනාධිපතිවරයෙක් එම ධූරයේ සිටින අවස්ථාවේදී මුහුණදුන් දරුණුතම සෞඛ්‍ය තර්ජනය මෙය යැයි ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා හෙවත් කොවිඩ්-19 හේතුවෙන් බරපතළ…

සියල්ල අතහැර රනිල් අලුත් වැඩකට අතගහයි.. මන්ත‍්‍රීකමත් එපා කියයි…

සියල්ල අතහැර රනිල් අලුත් වැඩකට අතගහයි.. මන්ත‍්‍රීකමත් එපා කියයි…

එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයේදී හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගැනීම එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර ඇත. එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් මෙම ඉල්ලීම ඔහුගෙන් කරන ලද අවස්ථාවේ වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ පක්ෂය ඉදිරියට ගෙන යාමට තරුණ පිරිසක් පක්ෂය තුළ සිටින බවත් ඔවුන් වගකීම ඉටු කරනු ඇති බවත් ය. ඒ නිසා…

පළාත් සභා අනුමැතිය නැතිව 20 සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න බෑ : ප්‍රබල නීති තර්කයකින් ආණ්ඩුව කැළඹෙයි

පළාත් සභා අනුමැතිය නැතිව 20 සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න බෑ : ප්‍රබල නීති තර්කයකින් ආණ්ඩුව කැළඹෙයි

පළාත් සභා සඳහා මුදල් වෙන් කිරීමේ බලය හිමි ජාතික මුදල් කොමිසම පත් කිරීමේ බලය ව්‍යවස්ථා සභාවට පැවරී තිබීමත් , පළාත් සභාවලට බලපාන කරුණු සම්බන්ධයෙන් නීති පනවන විට එම නීති කෙටුම්පත් පළමුව පළාත් සභාවලින් අනුමත විය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා තිබීමත් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කළ නොහැකි බවට ප්‍රබල නීති තර්කයක්…