හෙට කැබිනට් දාන 21 හදන්න ජනපති අද අගමැති , ඇමැති හමුවෙයි

හෙට කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කරන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත පිළිබඳව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා අද අගමැති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහත්වරුන් කැඳවා සාකච්ඡා කළ බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. 21 වැනි සංශෝධනය පිළිබඳව පක්ෂ අතර ඇතිකරගත් සම්මුති කෙටුම්පතට ඇතුලත් කරන ආකාරය පිළිබඳව අද දහවල් පැවති එම හමුවේ…

මාස තුනකට පසු බෙදාහැරීම අරඹන ලාෆ් ගෑස් මිල ඉහළට

  මාස තුනකට අධික කාලය ගෑස් සැපයුම නොකළ ලාෆ් ගෑස් සමාගම සැපයුම හෙට (6) නැවත ආරම්භ කිරීමට නියමිත අතර ඒ සමග ගෑස් මිල ද ඉහළ දැමීමට කටයුතු කොට තිබේ. ඒ අනුව ලාෆ් ගෑස්  කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා තිබේ. කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740 ක් දක්වා ඉහළ…

අගමැති රනිල් හිටපු කතානායක කරු හමු වී උදව් ඉල්ලයි ; පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධානයක වගකීම් ගන්න කියයි

හිටපු කතානායක කරු ජයසුරිය මහතාගේ කොළඹ අමරසේකර මාවතේ නිවෙසට ඊයේ රාත්‍රියේ ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව බලවත් කිරීමට සහ සියලු පක්ෂ සහභාගී කරගන්නා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා සහය වන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වෙයි. රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමත්, ආණ්ඩුකරණයට සියලු පක්ෂ සහභාගී කර ගැනීමත් , පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා ක්‍රමය යළි ක්‍රියාත්මක…

මහ බැංකුවේ තීරණවලට මැදිහත් වෙන්නේ නැහැ – අගමැති කියයි

මහ බැංකුවේ තීරණවලට තමා මැදිහත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු පවසන්නේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මහ බැංකුවට ස්වාධීනව තීරණ ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවය. මේ මොහොතේ මහ බැංකුවට තීරණ ගැනිමේ අවස්ථාව ලබාදිය යුතු අතර එමගින් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව විමසිලිමත්ව පසුවිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඊයේ (04) පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමේ…

මේ විනාශයට ජනතාවත් වග කිව යුතුයි – අගමැති රනිල් වික්‍රමසිංහ

  අද රටේ ඇතිවී තිබෙන අර්බුදයට සහ විනාශයට මෙරට ජනතාවත් වගකිව යුතු බවත්, මැතිවරණවල දී ඔවුන් ගත්  වැරදි තීරණ රටේ විනාශයට හේතු වූ බවත්, එහි වගකීම ජනතාව භාරගත යුතු බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එබැවින් දේශපාලනඥයන්ට පමණක් බැන වැදීම වැරදි බවත්, ජනතාව ගේ වැරැද්ද ගැන ද කතා කළ යුතු බවත් ඒ මහතා කී…

නුදුරේ පවත්වන මැතිවරණයකින් ජය ලැබිය හැක්කේ කාට ද? – නිශාන්ත කමලදාස

මැතිවරණයකින් ජයග්‍රහණය කළ හැකි යැයි සිතන කණ්ඩායම් දෙකක් ගැන අපි දනිමු. එකක් සජබ ය. අනෙක ජාජබ ය. අද කුමක් සිදු වුව ද අප්පච්චී අත නාරින කොටසක් ද ඉන්නා බව ද අපේ සැළකිල්ලට යොමු වේ. පරණ ශ්‍රී ලංකා කාරයින් ද චන්ද යම් ප්‍රමාණයක් ලබා ගනු ඇත. ආසනයක් ලැබේ දැයි විශ්වාස නැතත් රනිල්ගේ එජාපය ද අලුත් තත්වය…

එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට 9ක් රිමාන්ඩ්

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් 9දෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. මීට පෙර ඇප මත මුදාහැර සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙක් එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත. ඒ, අද (03) මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගැනුණු අවස්ථාවේදීය. මෙම නඩුවේ විත්තිකරුවන්…

SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා; 21 සංශෝධනයට සහාය දෙනවා – 43 සේනාංකය

  21 වෙනි සංශෝධනයට තමන් පූර්ණ සහයෝගය දක්වන බව 43 සේනාංකය පවසයි. ‘විසි එක්වෙනි සංශෝධනය ද? මහ මැතිවරණය ද? ආර්ථික ප්‍රතිසංස්කරණ ද? මැයෙන් 43 සේනාංකය විසින්  (2) පවත්වන ලද මාධ්‍ය හමුවක දී වැඩිදුරත් අදහස් දැක්වූ එහි සභාපති, හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා පෙන්වා දෙන්නේ රට බරපතල ප්‍රතිසංස්කරණ කිරීමේ හැකියාවක් වත්මන් ජනාධිපතිවරයා සතුව නොමැති බවය. අද…

පෙන්නුවාට ඇල්ලීමට නොහැකි කෝප් කමිටුව – අනුර සූරියබණ්ඩාර 

  වර්තමානයේ පවතින ඖෂධ හිගය කෙරෙහි සෞඛ්‍ය බලධාරින් ගේ අරමුදල් කළමනාකරණ ප්‍රමාදය බලපා ඇති බව පසුගිය කෝප් කමිටුවේදී හඳුනා ගනු ලැබිණ. ඉන්දියානු  ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක් ලැබී ඇති නමුත් , 2022 අප්‍රේල් වන විටත් අමාත්‍යංශයේ ඖෂධ උප කමිටුව මඟින් නිර්දේශ ලබා දී ඇත්තේ ඩොලර් මිලියන 55.5ක වෛද්‍ය උපකරණ සහ සැපයුම් තොග සඳහා පමණක්…

අගමැතිගේ ඉලක්කය ; ණය ගෙවීමට බිලියන පහක්, බිලියනයක සංචිත

  ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා විදේශ රටවල් අතර “මූල්‍ය පාලමක්” ගොඩනගා ගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹෙන ගිවිසුම මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින අතර මෙම මාසය අවසන් වන විට එම සාකච්ඡා අවසන් වනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි බවද…

දුමින්ද සිල්වා රෝහලේ දී ම සිරගත කරයි

  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ දී ම බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දී ඇතැයි වාර්තා වෙයි. ජනාධිපති සමාව යටතේ නිදහස් වී සිටි දුමින්ද සිල්වා මහතාගේ සමාව අවලංගු කළ අධිකරණය ඔහු අත් අඩංගුවට ගෙන බන්ධනාගාරයට භාරදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. ඒ අතර දුමින්ද සිල්වා මහතා රෝහල් ගත වී ය….

ජනාධිපති සමාව අහිමි වූ දුමින්ද සිල්වා වහාම ලෙඩ වී රෝහලේ

අධිකරණ තීන්දුවකින් සිරගතව සිටිය දී ලබාදුන් ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වේ. දුමින්ද සිල්වා මහතා එම රෝහලේ 17 වැනි වාට්ටුවට ඇතුළත්කර ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ. හිටපු අමාත්‍ය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනෙකු…