GMOA බල පෙරලියක් ; පාදෙනිය සම්පූර්ණයෙන්ම ඉවතට ; දේශපාලනය අතහරී ; නොදන්නා දේට අත නොදායි ;දීර්ඝ නිවේදනයක්

  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් නව විධායක සභාවෙන් දස වැදෑරුම් ප්‍රතිපත්ති රාමුවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ 95 වන වාර්ෂික නිලවරණය පසුගිය සෙනසුරාදා දින (ජූනි 11) පවත්වන්නට යෙදුණි. එහිදී ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් සාමාජිකයින්…

ධම්මික පෙරේරාගේ පත්වීම ව්‍යවස්ථා විරෝධීයි : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරමින් එය අභියෝගයට ලක් කරන පෙත්සමක් අද ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් වීය. එම පත්කිරීම වලකා ලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද එමගින් ඉල්ලා ඇත. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික…

රනිල් ඉවත් කරන්න ගෝටාට බලය දෙනවා ද ? 21 ගැන තවත් සාකච්ඡාවක් හෙට

  වත්මන් අගමැතිවරයා ඉවත් කිරීමට වත්මන් ජනාධිපතිට බලය තිබිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වැනි සංශෝධනයට ඉදිරිපත් කොට ඇති සංශෝධනය ඇතුළු ප්‍රශ්න ගණනාවක් ගැන පක්ෂ අතර තවත් සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත ය. විවිධ පක්ෂ මගින් ඉදිරිපත් කොට 21 සංශෝධනයට ඇතුළත් කොට ඇති වගන්ති පිළිබඳව අනෙක් පක්ෂවල අදහස් විමසීම මෙම සාකච්ඡාවේ අරමුණ වී…

ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගන්න ඕමාන සමාගමක් සමග ගිවිසුමක් !

  ශ්‍රී ලංකාවට ඉදිරි කාලය සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් නොකඩවා ලබා ගැනීම සඳහා ඕමාන සැපයුම්කරුවකු සමග ගිවිසුම් ගත වීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි. ඉදිරි මාස හතරක් සඳහා ගෑස් ලබාගැනීමට මෙමගින් අපේක්ෂා කෙරෙයි. ගෑස් මිල දී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමේ දී ඕමාන සමාගමෙන් ටොන්…

අඩු ආදායම්ලාභි ගොවි පවුල් 365,000 කට යුරියා මිටියක් නොමිලේ

  ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාවලදී 2022 / 23 මහ කන්නයේදී අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මලු 3,65,000ක් නොමිලයේ ලබා දීමට එම සංවිධානය එකඟතාවය පළ කර තිබේ. එක් ගොවි පවුලකට යූරියා පොහොර මල්ලක් බැගින් දිවයින පුරා අඩු ආදායම්ලාභී ගොවි පවුල් 3,65,000කට මෙම යූරියා පොහොර ලබා…

ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක්

  ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 120 ක මුල්‍ය සහායක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඇමෙරිකානු සංවර්ධන මූල්‍ය ආයතනය ඇමෙරිකානු සංවර්ධන බැංකුව ලෙස ද හඳුන්වනු ලබයි. මෙම අනුමත කරන ලද මූල්‍ය සහායෙන් ව්‍යාපෘති කිහිපයක්…

අද ප්‍රධාන හතුරා ආර්ථික අර්බුදයයි ; මුහුණ දෙනවා නම් රනිල්ට වුණත් සහය දෙනවා – ජානිපෙ නායක විමල් වීරවංශ

  මේ මොහොතේ ප්‍රධාන සතුරා වන්නේ ආර්ථික අර්බුදය බවත්, එයට මුහුණ දීමේ වගකීම ගන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට වුව ද සහය දීමට සුදානම් බවත්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ මේ මොහොතේ ප්‍රශ්නය වන්නේ ” භේද වී විනාශ වෙනවා ද ? එක් වී ගොඩ යනවා ද ? ” යනුවෙන්…

දින 6කට පසුව ගෑස් නැව මුදාගනී

  ඩොලර් මිලියන 2.5 ක් ගෙවීමට නොහැකි වීමෙන් දින හයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3,900 ක් රැගත් නෞකාවට මුදල් අද (14) ගෙවූ බවත් ගෑස් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. එම ප්‍රමාදය හේතුවෙන් දින 11 ක් ගෑස් බෙදාහැරීමට නොහැකි වූ…

වියත්මග බූරුවන් සහ මෝඩ ජෙනරාල්ලා රට විනාශ කළා – දෙහිවල හිටපු නගරාධිපති පොහොට්ටු පක්ෂ ආරම්භක සාමාජික ධනසිරි අමරතුංග

  වියත්මග බූරුවන් සහ මෝඩ ජෙනරාල්ලා රට විනාශ කරදමා ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙක් වන හිටපු දෙහිවල නගරාධිපති ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ කියා සිටී. “අන්තිමට වියත්මග බුරුවෝ ටිකයි මෝඩ General ලා ටිකයි අපේ රටට කරපු විපත.. අපේ මහන්සිය වතුරේ ගියා..” lanka C news…

පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 60 ක ගිවිසුම් සති දෙකකින් – ඇමැති කාංචන විජේසේකර

  විදුලිබල පනත සම්මතවීමත් සමග පළමු පියවර ලෙස 2014 වර්ෂයේ සිට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය සියලුම අනෙකුත් බලපත්‍ර ලබා විදුලිය මිලදීගැනීමේ ගිවිසුම් ගත වීම කිරීමට නොහැකි වූ ව්‍යාපෘති 60ක බලපත්‍රලාභීන්ට සති දෙකකින් ගිවිසුම් ගතකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ ව්‍යාපෘති ලාභීන්…

දිළිඳු ජනයාට සහන දෙන්න ඉහළ ම ධනපතියන්ට රනිල්ගෙන් බද්දක්

    සමාජයේ දිළිඳු ම ජනයාට සුබ සාධනය සැලසීම සඳහා ඉහළ ම ආදායම් ලබන පිරිස මත අමතර බද්දක් පැනවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ ඒ අනුව වාර්ෂික මුළු පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, තොග වෙළෙඳුන් සිල්ලර වෙළෙඳුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතේ සමාජ ආරක්‍ෂණ…

ව්‍යාපාරික ධම්මික පෙරේරා මන්ත්‍රී ලෙස දිව්රුම් දීම වළකන්න වාරණ නියෝගයක් ගන්න යයි.

  ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීම වැළක්වීමේ වාරණ නියෝගයක් ගැනීමේ උත්සහයක් පිළිබඳව මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සම්බන්ධ ආරංචි මාර්ග හෙළි කරයි. කැසිනෝ ව්‍යාපාරිකයකු වීම, රජය සමග ගනුදෙනු කරන ව්‍යාපාර හිමිකරුවකු වීම, වැනි කරුණු නිසා ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බැවින් ඒ මහතා දිව්රුම් දීම වළක්වන වාරණ නියෝගයක් ගැනීමේ හැකියාවක්…