ඉතිහාසයේ ලොකුම ලණුව කාබනික ව්‍යාපෘතියයි – පොහොට්ටු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

  ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම “ලණුව” කාබනික පොහොර ව්‍යාපෘතිය බව හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (7)පැවසීය. කාබනික පොහොර ව්‍යාපෘතිය දාර ලණුවක් බව දැන එය ක්‍රියාත්මක කරන්නට එපා යැයි තමා මුලදීම පැවසූ බව කී මන්ත්‍රීවරයා නායකයන් එම කතා කණකට ගත්තේ නැතැයි ද කීය.එම තීරණය නිසා රටේ කෘෂිකර්මාන්තය විනාශයෙන් විනාශයට…

තෙල් සංස්ථාවේ, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ඉක්මන් කළ යුතුයි – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ

  මුල්‍ය කළමනාකරණය පැත්තෙන් මහ බැංකුව අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, එසේ වුවත්, රාජ්‍ය මුල්‍ය කලමනාකරණය සහ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය ඉක්මනින් සිදුකිරීම අවශ්‍ය බවත්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය. රජයට විශාලම බර වී ඇත්තේ තෙල් සංස්ථාව , විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවාව බව ද කී…

උපයෝගිතා කොමිසමේ සභාපති තෙල් අඩුවට දෙන්න ගිහින් පීචන් වෙයි

  ඉන්ධන ලීටරය රුපියල් 250 ට ලබාදිය හැකි යයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කෝප් කමිටුව ඉදිරියේ අද ප්‍රකාශ කරද්දී තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බව උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයෝ ප්‍රකාශ කළහ. මෙරටට ඉන්ධන මිල දී ගන්නා මිල ගණන අනුව ඩීසල් සහ පෙට්‍රල් රුපියල් 400 යට ඉහළ මිලකට අලෙවි කිරීමට කිසිදු හේතුවක් නැති…

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

බැංකු පොලී අනුපාත ඉහළ දැමීමට කයයුතු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අපේක්ෂිත  සාර්ව ආර්ථික සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (06)පැවති රැස්වීමකදී ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කළ බව අද (07) නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කළේය….

‘‘කතාවෙන් කිව්වට කවුරුත් බාර නොගන්නේ ක්ෂණික විසඳුම් නැති නිසයි‘‘ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

  ආර්ථික අර්බුදයට ක්ෂණික විසදුම් දිය හැකි අයකුට අගමැති ධූරය බාරදීමට රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වුවත් ඒ කිසිවකු ඊට ප්‍රතිචාර නොදක්වන්නේ මෙි අර්බුදයට ක්ෂණික විසදුම් නොමැති නිසා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (06) ප්‍රකාශ කළේය. රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව බාර ගන්නා විටත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් මෙන්ම පැය 10 ක්…

ධම්මික පෙරේරා ඇමැති වෙන්න කලින් කැබිනට පත්‍රිකා දාලා ?

ඇමැති තනතුරේ දින හතකට පෙර දිව්රුම් දුන් ධම්මික පෙරේරා මහතා මාසයකට පෙර ලබාගත් කැබිනට අනුමැතියක් මුදල් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කොට නැති බව ඒ මහතා අද චෝදනා කළේය. ඒ මහතා අද චෝදනා කළේ ශ්‍රී ලංකාවේ නේවාසික වීසා විකිණීම සඳහා යෝජනාවක් මාසයකට පෙර කැබිනට් මණ්ඩලය අනුමත කළ බව සහ එය භාණ්ඩාගාරය විසින් තවමක් ක්‍රියාත්මක කොට නැති බවයි….

‘‘රනිල් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා අස්විය යුතුයි‘‘ -ඇමති ධම්මික පෙරේරා

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වන බවත්, ඔහුට සැලසුමක් නොමැති බවත් අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය. ඔහු මුදල් ඇමතිවරයා ලෙස කරන එම සෙල්ලම නතර කළ යුතු බව ද ඇමතිවරයා පැවසීය. (ඩයනා උදයංගනී) ලංකාදීප

රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයි – මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා

  පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීම බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. පවතින තත්වය යටතේ තවදුරටත් බලයේ රැඳීසිටීමට ජනාධිපතිවරයාට සහ රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බැවින්, රටවැටී ඇති ඛේදනීය තත්වයේ වගකීම බාරගෙන, තනතුරුවලින් ඉල්ලා අස්වී, රටේ අනාගතය ජනතාවට භාරදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ද අගරදගුරුතුමෝ සඳහන්…

සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයේ සාකච්ඡා

වත්මන් තත්ත්වය යටතේ ආර්ථිකය ගොඩ ගැනීම සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා කෙටි කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අද පාර්ලිමේන්තුවේ දී පවත්වා ඇත. ජාතික ජන බලවේගය හැර විපක්ෂයේ සියලු පක්ෂ මෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ද එයට සහභාගී වී සිටියහ. සර්ව පාක්ෂික ආණ්ඩුවකින් ක්‍රියාත්මක කළ යුතු පොදු…

පාර්ලිමේන්තුවේ දැඩි විරෝධය මැද ජනාධිපති ඉවත්ව යයි

  අද පාර්ලිමේන්තු රැස්වීමට පැමිණි ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයට ලක්වීමට සිදුවීම නිසා සුළු මොහොතකින් ඒ මහතා පර්ලිමෙන්තුවන් ඉවත්ව ගියේ ය. විරෝධතා නිසා පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල් දැමීමට ද සිදුවීය. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණෙන විට රටේ ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාවට කරුණු දක්වමින් සිටියේ ය. අනුර කුමාර…

මාස හයෙන් රට ගොඩ දාන බවක් මා කීවේ නැහැ ; කෙටි කාලීන වැඩ පිළිවෙළකට සහය දෙන්න සුදානම් – අනුර කුමාර දිසානායක

මාස හයක දී ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න බවක් තමන් ප්‍රකාශ නොකළ බවත්, තමන් කීවේ මුලික හදිසි ප්‍රශ්න විසඳිය හැකි බවත්, යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එමෙන් ම හදිසි ප්‍රශ්න විසඳීමට රජය ක්‍රියාත්මක කරන කෙටි කාලීන වැඩ පිළිවෙලකට සහය දීමට සුදානම් බව ද ඒ මහතා ප්‍රකාශ…

’’තෙල් නැව් හතක් එනවා’’ – සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

  තෙල්  නැව් හතක් පමණ  මෙරටට ඉදිරි සති කිහිපයේදි පැමිණීමට නියමිතව ඇතැයි  සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී  අද (5) පැවැසීය. ඔහු මෙසේ පැවසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය. හරින් ප්‍රනාන්දු මහතා එහිදී මෙසේද සඳහන් කළේය. මේවා කැබිනට් මණ්ඩලයේ මණ්ඩලයේ කතා වුණු දේවල්. ඩීසල්  හතළිස් දාහක තොගයක්  ලබන 8-9 අතර එනවා. දැවි තෙල්…