රන්ජන්ට නිදහස

  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තබා ඇත. එම ලිපිය අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා විසින් අද දහවල් බන්ධනාගාර බලධාරීන් වෙත භාර දී තිබේ. වැලිකඩ බන්ධනාගාරය වෙත එම ලිපිය ලැබුණු වහාම රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට නියමිත ය.

අපේ පක්ෂයේ කාටවත් ඇමතිකම් දෙන්න එපා ! – සජිත් ජනපතිගෙන් ඉල්ලයි

  සමගි ජන බලවේගයේ කිසිවකු නව ඇමති මණ්ඩලයට ඇතුළත් කර නොගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කොට ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දීමට සමගි ජන බලවේගය සුදානම් බවට  පොරොන්දුවක් ලබා දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා සියල්ලෙහි ම සභාපති තනතුරු විපක්ෂයට ලබා දෙන…

තවත් තෙල් නැව් හතරක් එයි

  තවත් තෙල් නැව් හතරක් අද සහ ඉදිරි දින කිහිපයේ මෙරටට ළඟා වන බව විදුලිබල සහ බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා කියයි. සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් සහ ගුවන් යානා ඉන්ධන ටොන් 10,000 ක් රැගත් නැවක ගොඩ බෑමේ කටයුතු දැන් සිදුවෙමින් පවතියි. බොරතෙල් ටොන් 120,000 ක් රැගත් නැවක් අද රෑ පැමිණීමට නියමිතය. ඔටෝ ඩීසල්…

රටේ මූලික ප්‍රශ්න විසඳීමට ජනපති සමත් වුණා – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

  ගෑස් සහ ඉන්ධන ප්‍රශ්නය විසඳා රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න වලට කඩිනම් විසඳුමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (22) පැවසීය. රටේ සෙසු ආර්ථික ප්‍රශ්න කඩිනමින් විසඳා රට ශක්තිමත්ව ගොඩ නැගීමට අවශ්‍ය වැඩපිළිවෙල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් යන බවත්…

ජනපති රට බාරගත් අරමුණු ඉටු වෙමින් තිබෙනවා – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් අරමුණු අද ටිකෙන් ටික ඉටු වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ජනාධිපතිවරයා රට බාර ගත්තේ ආර්ථිකය ගොඩ නඟන්නට බව කී විජයවර්ධන මහතා අද  වන විය ඉන්ධන පෝලිම්,ගෑස් පෝලිම් නැතිවී රට සාමාන්‍ය කරණයකට ලක් වෙමින් තිබෙන බවද සඳහන් කළේය….

මහජන පක්ෂය ආණ්ඩුවට එකතුවෙන්න සුදානම් ; අගමැති හමු වී දැනුම් දෙයි

    තම පක්ෂය සවර පාක්ෂික ආණ්ඩුවකට එකතුවීමට සුදානම් බව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී දැනුම් දී තිබේ. අගමැතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවක දී නවරත්න මහතා මෙම දැනුම් දීම සිදු කොට තිබේ.

පොහොට්ටුව කල්ලි හත අටකට කැඩිලා ; රනිල් පාලනය කරන්න බැසිල්ට බැහැ – එජාප ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතර බලය යොදාගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාලනය කරමින් සිටින බව කියන විපක්ෂයේ කතා සත්‍යයෙන් තොර බවත්, පොදුජන පෙරමුණ කණ්ඩායම් හත අටකට කැඩී සැලකිය යුතු පිරිසක් විපක්ෂයට ගොස් ඇති බවත්, පාර්ලිමේන්තුවේ දී පොදුජන පෙරමුණ සුළුතරය වී ඇති බවත්, එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. පොදුජන පෙරමුණ ලෙස…

මුල්‍ය අරමුදලෙන් අලුත් කොන්දේසි පනවා ඇතැයි පලවන වාර්තා බොරු ; මුල් එකඟතා එහෙම ම යි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ආධාර කිරීමේ ගිවිසුම සඳහා අලුතින් කොන්දේසි පනවා ඇති බව ඇඟවෙන ලෙස පළකොට ඇති ප්‍රවෘත්ති වාර්තා සත්‍යයෙන් තොර බවත්, සකච්ඡා සිදුවන්නේ මුල සිට ම පැවති එකඟතා අනුව බවත්, මුදල අමාත්‍යංශයේ තතු දත් ආරංචි මාර්ග පරකෂ කරයි. මුල්‍ය අරමුදලේ ආධාර ලබා දීමට රටේ ණය ස්ථාවරභාවය පිළිබඳව ණය හිමියන්ගේ සහතිකයක් අවශ්‍යය යන්න කිසිසේත්…

“පැමිණීම මදක් කල් දමන්න”; රනිල් ගෝටාගෙන් ඉල්ලයි : ගෝටා එකඟ වෙයි

  හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමට කර ඇති සැලසුම් සති කිහිපයකින් කල් දමන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම පිළිගෙන රාජපක්ෂ මහතා තම ගමන මදක් කල් දමා ඇති බව තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි. ජනාධිපතිතුමා ඉල්ලා ඇත්තේ ආරක්ෂක තත්ත්වය වඩාත් යහපත් වන තෙක් ගෝටාභය රාජපක්ෂ මහතාගේ ගමන කල් දමන ලෙසයි. හිටපු…

හිටපු ජනාධිපතිගේ මිරිහානේ නිවසටත් ගිනි තියන සැලසුමක් එලියට ! වහා ආරක්ෂාව වැඩි කරයි

  හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවෙසට ගිනි තබා විනාශ කිරීමට කිසියම් පිරිසක් සැලසුම් කරන බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වීමත් සමග ඒ අවට ප්‍රදේශයට අද දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදීමට කටයුතු කොට තිබිණි. ගෝටාභය රාජපක්ෂ මහතා නැවත මෙරටට පැමිණීමට විරෝධය පළ කිරීමට සහ එය වැලක්වීමට කටයුතු කිරීම සඳහා නිවෙසට ගිනි තැබීමට මෙම පිරිස…

පොහොට්ටුවේ ඇමති ධුර ඉල්ලීම් රනිල් ප්‍රතික්ෂේප කරයි

  සර්ව පාක්ෂික ඇමති මණ්ඩලයක් පත් කිරීමේ දී ඇමති ධුර ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නම් ලයිස්තුවේ නම් ගණනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ ආදීන්ගේ නම් මෙලෙස ප්‍රතික්ෂේප කොට ඇති බව කියති….

අයි.එම්.එෆ් සහතිකයක් ඉල්ලයි

  ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බව තීරණය කර ඇති නිසා ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ණය තිරසරභාවය නැවත ස්ථාපනය කරන බවට ප්‍රමාණවත් සහතිකයක් ණය හිමියන්ගෙන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ,ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී…