විවේචනවලට උත්තර දෙන්න ගියා නම් මේ කිසිවක් කරන්න බැරි වෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  වැඩ කිරීම මෙන් ම ප්‍රචාරය ද අවශ්‍ය බවත්, එසේ වුව ද , එල්ල වන විවේචන සියල්ලට උත්තර දෙන්නට නොයන ලෙසත්, තමාට එල්ල වූ සියලු විවේචනවලට උත්තර දෙන්න ගියා නම් මේ කිසිවක් කරන්න නොහැකි වන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුතින් පත් වූ ඇමතිවරුන්ට උපදෙස් දෙමින් ප්‍රකාශ කොට ඇත. හරි දේ කරන්න කිසිවිට බිය නොවන…

ශ්‍රී ලංකාවේ විදේශීය ණය හිමියන්ගේ සමුළුවක් 23 දා

  ශ්‍රී ලංකාවේ විදේශීය ණය හිමියන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ලබන සිකුරාදා ,23 දා පැවැත්වෙන ක්ලිෆඩ් චාන්ස් උපදේශක සමාගම ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ සමස්ත ණය තත්ත්වය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් සම්මුතිය, මෑත කාලීන ප්‍රතිසංස්කරණ සහ ආර්ථික තත්ත්වය පිළිබඳව ණය හිමියන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ලෙස මෙය පැවැත්වෙයි. අන්තර් ජාලය ඔස්සේ පැවැත්වෙන මෙයට ශ්‍රී ලංකාවේ බලධාරීන්…

අරගල කරන්න කලින් කරන හැටි ඉගෙනගන්න – හිටපු “මැකෝ ” මහින්ද දේශප්‍රිය

  තරුණයින් අරගල කරන්නට පෙර අරගල කරන හැටි ඉගෙන ගත යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. තම අරගලයට සහය දුන් බව බොහෝ දෙනා දන්නා බවත්, තනියම පෝස්ටර් ප්‍රදර්ශනය කළ ආකාරය හැමෝම දුටු බවත්, එසේ නමුත් තමන්ගේ නිවසට ද පහර දීමට මැයි 9 දා පිරිස් පැමිණි බව ඒ මහතා පැවසීය. එය…

මා හැම විට ම කළේ නිවැරදි දේ ; ජනතා විශ්වාසය තියෙන්නේ මටයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනතාව තමා කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් තමන්ට ජනතා සහාය ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.. ඔස්ට්‍රේලියානු ABC නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා සඳහන් කොට ඇත්තේ  තමා සැමවිටම නිවැරදි දේ කළ බවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇත්තේ  ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ දකුණු ආසියානු වාර්  තාකාරිනී අවානි…

යු එස් ඒඩ් වෙතින් තවත් ඩොලර් මිලියන 65 ක ආධාර

  ඇමෙරිකාවේ USAID සංවිධානය ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 65 ක් ලබාදීමට තීරණය කොට ඇති බව වාර් තා වෙයි. මෙම මුදල හිමි වන්නේ පසුගිය දා අනුමත කළ ඩොලර් මිලියන 60 කට වැඩි මානුෂීය ආධාරවලට අමතර වශයෙනි. USAID ආයතනය සහ මුදල් අමාත්‍යාංශය අතර ඇති කරගත් ගිවිසුමක් අනුව මෙම මුදල ලබා දීමට නියමිත ය.

යුරෝපා සංගමයෙන් ශ‍්‍රී ලංකාවට ඩොලර් – යුරෝ ආධාරයක්

  ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් (Dr. Rane Van Berkel) මහතා පවසයි. ඔහු මෙලෙස පැවසුවේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන…

ශ‍්‍රී ලංකාව හෙමිහිට නැගිටියි ; උද්ධමන ලයිස්තුවේ පසුබසී

  ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විිද්‍යා මහාචාර්ය ස්ටීිව් හැන්කේ මහතා විසින් උද්ධමන ලයිස්තුව අනුව ශ‍්‍රී ලංකාව ක්‍රමයෙන් පහළ බසිමින් සිටී. දැනට මාස තුනකට පෙර මෙම ලයිස්තුවේ දෙවන ස්ථානයේ සිටි ශ‍්‍රී ලංකාව නවතම උද්ධමන දර්ශකයේ පසුවන්නේ හත් වැනි ස්ථානයේය. මෙම ලයිස්තුවේ ශ‍්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව සිටි අතර දෙවැනි වූුයේ සිම්බාබ්වේට පමණි. lanka C news

ශ්‍රීලනිප නායක මෛත්‍රී අටක් පන්නා හතරක් රැකගන්න හදයි

  ආණ්ඩුවේ ඇමති ධුර ලබාගත් තම මන්ත්‍රීවරුන්  හත් දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට  ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇති අතර, එම ගොඩට තවත් එක් මන්ත්‍රීවරයකු එකතුවනු ඇති බවත්, මෛත්‍රී සමග ඉතරි වනු ඇත්තේ හතර දෙනෙකු බවත්, දේශපාලන ආරංචි මාර්ග කියයි. කැබිනට් ඇමති ධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර මහත්වරුන්ට සහ රාජ්‍ය…

සියලු කොටස් මිල ර්දශකය ඒකක 10,000 පසු කරයි

    කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනයේ ඒකක 10,000 සීමාව ඉක්වමින් ඒකක 10,072.38 ක් බවට පත්වූ බවත් ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 158.27 කින් ඉහළ ගිය බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි. කොළඹ කොටස් හුවමාරුව පැවසුවේ අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 5.33 ක් වාර්තා කළ බවයි. (යොහාන්…

ඉන්දියාවෙන් තවත් මූල්‍ය සහන නෑ

  ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න ප්‍රමාණයක සහායක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බවත් තවදුරටත් නව මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව සැලසුම් නොකරන බවත් රොයිටර් පුවත් සේවය වාර් තා කළේය. ආනයන සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිව ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සහාය වූ රට ඉන්දියාව බව රොයිටර් පුවත් සේවය…

භාණ්ඩ 159 ක ආනයන තහනම ඉවතට

  මෙරටට ආනයනය තහනම් කොට තිබු භාණ්ඩ 304 ක් අතරින් 159 ක තහනම ඉවත් කිරීමට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය, යන්ත සුත්‍ර, ගොඩනැගිලි ද්‍රව්‍ය, ආදිය මෙලෙස තහනමෙන් නිදහස් කොට තිබේ ර්කමාන්ත සඳහා අවශ්‍ය වන  අනෙක් භාණ්ඩ ද විශේෂ අවසර ක්‍රමයක් යටතේ ගෙන්වීමට අවසර ලබා දී තිබේ. කරමාන්ත…

ජාතික සභා යෝජනාව 20 වෙනිදා විවාදයට

    ආර්ථික ප්‍රශ්න ඇතුළු රටේ දැවෙන ප්‍රශ්න විසඳීම අරමුණු කරගත්  ජාතික සභාව පිහිටුවීම සම්බන්ධයෙන්වූ  යෝජනාව ලබන 20 වැනිදා අඟහරුවාදා  විවාද කිරීමෙන් අනතුරුව සම්මත කරගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. මෙම ජාතික සභාව පාර්ලිමේන්තුවේ ස්ථාපනය කිරීමට  යෝජිතය. ජාතික සභාවක් පිහිටුවීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත කෙටි…