පාස්කු ප්‍රහාරය ගැන ඇති සැකයක් ගැන කාදිනල්තුමෝ කියති

  ජනතා ඡන්දය ලබා ගැනීම ඉලක්ක කරගනිමින් පාස්කු ප්‍රහාර සිදුවීමට ඉඩ හැරියේද යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. මෙහි මතුපිටින් පෙන්වන්න හදනවාට වඩා කුමන්ත්‍රණයක් වී ඇති බව පෙනෙන්නේ යැයි කී කාදිනල්තුමෝ රටේ පාලකයන් පාලන එය යටගැසීමට උත්සාහ කරන බවත්, විමර්ශනයකින් ඒවා එළියට ගැනීමට උත්සාහ නොකරන බවත් සඳහන් කළහ. දේශපාලනඥයින් රටේ…

අර්බුදයට වග කිව යුතු මහ බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍යයි – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමේ දී කළ යුතු ප්‍රතිසංස්කරණ අතර ඉතා වැදගත් ප්‍රතිසංස්කරණයක් වන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීම බවත්, වත්මන් ආර්ථික අර්බුදයට මහ බැංකුව ප්‍රධාන වගකිවයුත්තකු බවත්, ආර්ථික විශ්ලේෂක අඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ‘ජනවාරි අමතර අය වැය යෝජනා නිසා 2022 අයවැය අර්ථශුන්‍ය ද? ‘ මැයෙන් සාධාරණ සමාජයක් සඳහා…

අද කොවිඩ් මරණ 7 යි , නව ආසාදිතයින් 436 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 7 ක් වූ අතර දිනයේ හඳුනාගත්  නව කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 436 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,119 ක් වශයෙන් සටහන් වී ඇත. මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 591,667 ක් වශයෙනි.

ශ්‍රීලනිප සමග තව පිරිසක් ගියත් බහුතරය රැක ගත හැකියි – බැසිල්ගෙන් ජනාධිපතිට සහතිකයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් සමග ආණ්ඩුවේ සුළුතර පක්ෂ සහ තවත් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවත්, පාර්ලිමේන්තුවේ බහුතරය රැක ගත හැකිවනු ඇති බවත්, ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි වනු ඇති බවත්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාට සහතිකයක් ලබා දී ඇතැයි ආණ්ඩුවේ තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. හෙට අනිද්දා සිදුවන…

කැබිනට් වෙනසට කළින් ශ්‍රීලනීපය විපක්ෂයට !

  හෙට අනිද්දාට කරන්නට යනවා කියන කැබිනට් මණ්ඩල සංශෝධනයට ප්‍රථම ශ්‍රීලනීපය නිළවශයෙන් ආණ්ඩුවෙන් ඉවත්වීමට සාකච්ඡා කරමින් ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ශ්‍රීලනීපයේ කැබිනට් ඇමතිවරුන් දෙදෙනා සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා ඇමති තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පැතිරයන කටකතා පිළිබඳව එම පක්ෂයේ ජේෂ්ඨයෙකුගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ එම තත්ත්වය පිළිබඳව ශ්‍රීලනීප නායකයාගේ අවධානය යොමුවී ඇති…

‘‘ජාතික ආණ්ඩුවකට මිස ආණ්ඩුව බේරන්න මුක්කු ගහන්න එජාප නායකත්වය සූදානනම් නෑ‘‘ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

  පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී ජාතික ආණ්ඩුවක් හදනවා නම් ඊට නායකත්වය දීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නමුත් රටේ මතුව තිබෙන ප්‍රශ්න වලින් වත්මන් ආණ්ඩුව බේරා ගැනීම සඳහා මුක්කු ගැසීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. රටේ තිබෙන ප්‍රශ්න විසඳන්න අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහතාට රට…

නියුට්‍රල් එකේ ගියහම බ්රේක් ගැසීම අමාරු ය – නිශාන්ත කමලදාස

ඊළග මැතිවරණය සඳහා වැඩ කරන්නේ දේශපාලනඥයා ය. රාජ්‍ය තාන්ත්‍රිකයා වැඩ කරන්නේ ඊළග පරම්පරාව ඉලක්ක කර ගෙන ය. වෙනත් වචන වලින් කියතොත් දේශපාලනඥයා කෙටිකාලීන දැක්මකින් ද රාජ්‍ය තාන්ත්‍රිකයා දිගු කාලීන දැක්මකින් ද මෙහෙය වෙන්නේ ය. රටක බලය ඇති, ඊළග මැතිවරණයේ දී ද ඉදිරිපත් වීමට අපේක්ෂිත, පුද්ගලයකුගේ හැසිරීම විමසන අපට හමුවන ඒ නිර්ණායකය බලය නැති මුත් බලය…

අද කොවිඩ් වාර්තා : මරණ 13 යි, නව ආසාදිතයින් 580 යි

රජය අද දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13  ක් වන අතර නව ආසාදිතයින් 580  ක් අලුතින් හඳුනාගත් බව වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යව 15,112 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව  වාර්තා වන්නේ 591,231  ක් වශයෙනි.

රනිල් – ආණ්ඩු හවුල 20 සංශෝධනයේ හිරවෙයි ? රහස් දන්නේ වජිර විතරලු !

මෙම අර්බුදකාරී අවස්ථාවේ ආණ්ඩුවට තම සහය දීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා  ඉල්ලා ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ඇතුළු කොන්දේසි නිසා එම උත්සාහය ප්‍රමාද වී ඇතත්, තවමත් සාකච්ඡා සිදුවන බව තතුදත් ආරංචි මාර්ග කියයි. අර්බුදයෙන් ගොඩයාම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා ආණ්ඩුවට සහය දිය හැකි නමුත් ජනාධිපති සතු බලයෙන් කොටසක් පාර්ලිමේන්තුවට පැවරීම ඇතුළු…

ආණ්ඩුවෙන් එලියට බහින්න ශ්‍රීලනිප සුදානමින්

හෙට, අනිද්දා සිදු කිරීමට නියමිත ඇමති මණ්ඩල සංශෝධනයේ දී තමන්ගේ ඇමති ධුර ඉවත් කරනු ඇතැයි විශ්වාස කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදනමින් සිටින බව වාර්තා වෙයි. ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව කල් තිය ම තීරණය කොට ඇතැයි කියන එම පක්ෂය පසුගිය දිනවල රජය විවේචනය කළේ ද ඇමති ධුර රැක ගැනීමේ අරමුණ අතහැර බව එම…

මහ බැංකුව රත්රන් සංචිත හොරෙන් විකුණලා !

ශ්‍රී ලංකා මහ බැංකුව ආරක්‍ෂිත තැන්පතුවක් ලෙස පවත්වාගෙන ගිය එහි රත්රන් සංචිත විකුණා ඩොලර් ලබාගෙන ඇති බව හෙළිදරව් වෙයි. ඩොලර් මිලියන 206.8 ක් වටිනා රත්රන් සංචිත 2021 දෙසැම්බර් මාසය තුළ විකුණා තිබේ මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මහ බැංකුව ප්‍රකාශයට පත්කොට නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් දත්ත පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ එම…

ඉදිරි යල් කන්නයේ කාබනික ගොවිතැනට ගොවීන් යොමු කරන්න හමුදාව යොදා ගන්නවා – ජනාධිපති ගොටාභය රාජපක්ෂ

ඉදිර යල කන්නයේ කාබනික ගොවිතැනට ගොවීන් යොමු කිරීම සඳහා යුද හමුදාව යොදා ගන්නා බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. අද සියබලනණ්ඩුවේ දී සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් පසු ගැමියන් පිරිසක් හමු වූ අවස්ථාවක ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කොට ඇත. කාබනික පොහොර යෙදුවිට අස්වැන්න අඩුවීමට හේතුවක් නැති බවත්,…