31දා තෙක් විදුලිය කැපීමක් නැහැ – මහජන උපයෝගීතා කොමිසම

ජනවාරි 31 දා තෙක් විදුලි කප්පාදුවකට ඉඩ නොදෙන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව අද ප්‍රකාශ කළේ ය. විදුලි ජනන හැකියාව තමන් හොඳින් නිරීක්ෂණය කරමින් සිටින බවත් , හදිසි විදුලි කප්පාදුවක් මේ මොහොතේ අවශ්‍ය නොවන බවත් ,මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියයි. ඉදිරයේ දී ගතයුතු පියවර 31 දා තීරණය කිරීමට නියමිත ය. ලංවිම…

විදුලිය කපන්න ම ඕනෑ – ලංවිම ඉංජිනේරු සංගමය දැඩි මතයක

ඉන්ධන ලබාගැනීමට ඩොලර් ලබා නොදෙන තත්ත්වයක් තුළ, ලංකා විදුලි බල මණ්ඩලය සතු තාප විදුලි බලාගාරවලින් විදුලි නිෂ්පාදනය ඇනහිටින තත්ත්වයක් පවතින හෙයින් දිනකට පැයක් හෝ  පැය දෙකකක් විදුලිය කප්පාදු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. ජල විදුලි බලාගාරවලින් විදුලිය ලබාගැනීමේ හැකියාව ද මේ වන විට සීමා වී ඇති බව ඔවුහු…

පෙරළිකාර කණ්ඩායමෙන් ආණ්ඩුවට යෝජනා මාලාවක්

  රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පෙරේදා(25) රාත්‍රියේ රැස්වී කල සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ. අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අද හෙටම භාරදීමෙන් අනතුරුව ජනතාවගේ දැන…

|

ලෝකය ඉදිරියට යද්දී අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකිරීම අද අර්බුදයට හේතුව යි – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

හැම ක්ෂේත්‍රයකින් ම ලෝකය ඉදිරියට යද්දී අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකරමින් අප එකතැන සිටීම අද අර්බුදයට හේතුව බවත්, මෙම ප්‍රශ්නයට සම්ප්‍රදායික දේශපාලනයෙන් පිළිතුරු නැති බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. වසර විස්සක් තිහක් නොකඩවා ක්‍රියාත්මක කරන එක් ප්‍රතිපත්තියක් අද අවශ්‍ය බවත්, තනි පුද්ගලයින්ට මෙම ප්‍රශ්න විසඳීමේ හැකියාවක් නැති බවත් ඒ මහතා…

අද කොවිඩ් මරණ 16 යි, ආසාදිත සංඛ්‍යාව 927 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ වාර්තා අනුව අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 16 ක් වන අතර දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 927 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,346 ක් වශයෙනි. මේ වනවිට මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 604,581 ක් දක්වා ඉහළ ගොස්…

අගමැති මහින්දට සැත්කමක් !

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශල්‍ය කර්මයකට මුහුණ දී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. පිටකොන්දේ සැත්කමක් වන මෙය කොළඹ නවලෝක හෝටලයේ දී සිදුකොට ඇති බවත් සැත්කමින් පසු අගමැතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් අගමැති කාර්යාලය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කොට නැත.

විදුලි බල මණ්ඩලයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්දිනන්දු මහතා ද ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි. මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යධිකාරී ලෙස පත් කොට සිටි සුසන්ත පෙරේරා මහතා ද ඊයේ එම තනතුරින් ඉවත් කරනු ලැබී ය. සුසන්ත පෙරේරා මහතා එම තනතුරට පත්කරන ලද්දේ ෆර්දිනාන්දු මහතා විසින් ය. විදුලි ඉංජිනේරු සංගමය සටන් කළේ මේ දෙදෙනා…

දේශපාලඥයන්ගේ කාබනික ගොවිතැන් මෝඩකමට වන්දි ගෙවීම මහජන මුදලින්

රසායනික පොහොර තහනම් කොට කාබනික පොහොට යෙදීමට ගොවීන්ට බල කිරීමෙන් සිදු වී ඇති වගා හානි සඳහා වන්දි ගෙවීමට  රුපියල් මිලියන හතලිස් දහසක් ( කෝටි 4000 ක් ) වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. එමෙන් ම වී කිලෝවක් සඳහා රුපියල් 75 ක සහතික මිලක් ද නියම කොට ඇත….

අගමැති මහින්දගේ ගිණුමකින් කෝටි හතරක් හොරකම් කරලා !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වී තිබේ. එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයාගේ ඒ. ටී. එම්. කාඩ් පත උපයෝගී කරගනිමින් වරින්වර මෙම මුදල ලබා ගෙන ඇති බවට එම තොරතුරු මගින් වාර්තා…

තවත් කොවිඩ් මරණ 17 ක්, නව ආසාදිතයින් 891 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 17 ක් වන අතර දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 891 කි. මෙරටින් මේ වනතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,330 ක් ලෙස සටහන් වෙයි. මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 603,654…

ලයිට් කපන්නම හැදු විදුලි මාෆියාවට යලිත් පරාජයක් ; තෙල් නැව් නිදහස් කරගන්න මුදල් ලැබේ.

මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ පරිපාලනයට එරෙහිව දෙවන පරිපාලනයක් ලෙස බලය අතට ගෙන සිටින විදුලි ඉංජිනේරු සංගමය අද සිට විදුලිය කපන බව ප්‍රකාශ කොට , කාල සටහන් හදා ක්‍රියාත්මක කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූ බව වාර්තා වෙයි. විදුලි බල මණ්ඩලයේ පරිපාලනයේ අනුදැනුමකින් තොරව විදුලි කැපීමේ කාල සටහන් සකසා මහජන උපයෝගිතා කොමිසන් සභාවට ඉදිරිපත් කොට අවසර…

කොවිඩ් මරණ 14 ක් නව ආසාදිතයින් 877 ක් අද වාර්තා වෙයි

රජය අද දිනයේ නිකුත් කළ වාර්තා අනුව තවත්  කොවිඩ් මරණ 14 ක් තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් ලෙස හඳුනාගත් සංඛ්‍යාව වාර්තා කොට ඇත්තේ 877 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 15,313 ක් වශයෙනි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 602.763 ක් ලෙස…