විපක්ෂ නායක කාර්යාලයේ දී ම රාජිත සජිත්ට නෙළයි !

රජවෙන්න පොරකන්නේ  නැතිව විපක්ෂයේ සියලු පක්ෂවල වටමේස සාකච්ඡාවක් කැඳවා පොදු වැඩ පිළිවෙළකට යා යුතු බව කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවක දී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ය. ජනාධිපති වෙන්නේ සජිත් ද, රාජිත ද, පාටලී ද, අනුර ද, යන්න ජනතාවට වැඩක් නැති බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය….

නොරච්චෝලේ යන්ත්‍රයක් අක්‍රීය කරයි ; ලංවිම ඉංජිනේරුවෝ විදුලිය කපති

පසුගිය සති කිහිපයක් තිස්සේ අක්‍රීයව තිබී ඊයේ පද්ධතියට එක කළ නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රය කාර්මික දෝෂයක් බව කියමින් මේ වනවිට අකර්මන්‍ය කර ඇති අතර ප්‍රදේශ ගණනාවක විදුලි කැපීම ක්‍රියාත්මක කොට තිබේ. විදුලිය කැපීමට ලංවිම ඉංජිනේරුවන් මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටියේ ජනවාරි මුල් සතියේ ය. කොමිසම මේ වනතෙක් එයට අවසර දී නැති…

උද්ධමනය තවත් ඉහළට ! මහ බැංකුව නිවේදනය කරයි

ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව කියයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව දෙසැම්බරයේ සියයට 12.1 ක් වූ උද්ධමනය ජනවාරියේ සියයට 14.2ක් වී ඇත. මහ බැංකු නිවේදනයේ මෙසේ දැක්වෙයි. 2022 ජනවාරි මස උද්ධමනය – කො.පා.මි.ද. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021…

කොන්ත්‍රාත් කරුවන්ගෙන් මුදල් ගන්න ලංවිම ඉංජිනේරුවන් සුක්ෂම ක්‍රම යොදාගෙන තිබෙනවා – හිටපු සාමාන්‍යධිකාරී සුසන්ත පෙරේරා

බැංකු ගිනුමක මුදල් තැන්පත් කරවාගෙන ඩෙබිට් කාඩ් පත මගින් මුදල් ලබා ගැනීමේ සුක්ෂම ක්‍රමයක් ලංවිම ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ඉංජිනේරුවරයකු විසින් ක්‍රියාත්මක කොට ඇති බවත්, එය අල්ලා ගැනීම ඉතාම අපහසු බවත්, දැන් සිදුවීම් අනුව විදුලි මාෆියාවක් ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙස පැහැදිලි වන බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සාමාන්‍යධිකාරී සුසන්ත පෙරේරා මහතා ප්‍රකාශ කරයි….

පසුගිය වසර 5 ක දී 16 වතාවක් හදිසි විදුලිය ගන්න හැදුවා, අපි ඉඩ දුන්නේ නැහැ – මහජන උපයෝගිතා කොමිසම

ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසර පහක කාලය තුළ අවස්ථා දහසයකට වැඩි ගණනක දී පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිල දී ගැනීම් සඳහා ඉල්ලීම් කළ බවත්, මහජන උපයෝගිත කොමිසම එයට ඉඩ නොදුන් බවත්, එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද ප්‍රකාශ කළේ ය. එසේ වුව ද එම කිසිදු අවස්ථාවක විදුලිය කැපීමට සිදු නොවූ බව ද ඒ…

අද කොවිඩ් වාර්තා : මරණ 21 යි, නව ආසාදිතයින් 1082 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 21 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1082 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 15,441 ක් වශයෙනි. මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 611,185 ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

විදුලිය කපන්නේ නැහැ – මහජන උපයෝගිතා කොමිසම

නැවත දන්වන තුරු විදුලි කැපීම සඳහා අවසර නොදෙන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කරයි. විදුලිය කැපීම අත්‍යවශ්‍ය බවට විදුලි ඉංජිනේරු සංගමය පසුගිය දා ප්‍රකාශ කළ ද එයට අවසර නොදුන් මහජන උපයෝගිත කොමිසම අද සවස රැස් වී තීරණය කළේ පවතින තත්ත්වය යටතේ විදුලිය කැපීමක් අවශ්‍ය නොවන බව යි. නොරච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබු ජනක යන්ත්‍රය නැවත…

කතරගම සතොස බලන්න ගිය වෙළෙඳ ඇමති බන්දුලට කාන්තාවක් ඇති තතු කියාදෙයි

කතරගම සතොස වෙළෙඳ සැල පිළිබඳව සොයා බැලීමට එහි ගොඩ වූ වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාට කාන්තාවක් දැඩි ලෙස බැන වැදී ඇති බව වාර්තා වෙයි. ඇමතිතුමා රූපවාහිනියෙන් බොරු කියන බවත්, ඒ කියන කිසිවක් නොකරන බවත්, කී කාන්තාව ඇමතිතුමා සතොසින් දෙනවා ය කියන සහල් කෝ තියෙනවා දැයි ප්‍රශ්න කොට තිබේ. ඒ වනවිට වෙළෙඳ සලේ කිසිදු සහලක් තිබී…

දිනෙක කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1000 ඉක්මවයි ; මරණ 20 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 20 ක් වූ අතර අලුතින් හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව දහස ඉක්මවා යමින් 1056 ක් ලෙස සටහන් වී ඇත. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද සවස වාර්තා වුයේ 15,420 ක් වශයෙනි. මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන…

අපි ආණ්ඩුවක් ගත්තත් රට හැදෙන්නේ නෑ – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

  පවතින තත්ත්වය යටතේ තම පක්ෂය ට ආණ්ඩු බලයක් ලැබුණත් රට දියුණු කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ අනුව රට දියුණු කිරීමට නම් කළයුතු වෙනස්කම් කිහිපයක්ම ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි. “අපි ආණ්ඩු ගත්තා කියලා මේ රට දියුණු වෙන්නේ නෑ. අනිත් පැත්තෙත්…

ගෝලීය ඕමික්‍රෝන් රැල්ල සමනය වන ලකුණු

  ගෝලීය වශයෙන් ඔමික්‍රොන් වයිරසය උච්චවීම පසු වී ඇති බව කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වෙයි. ඉදිරි සති දෙක තුළ මෙය සනාථවන බව ද රාජපක්ෂ මහතා කියයි. නිර්දේශිත සෞඛ්‍ය නීති තදින් අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධාරණය කර ඇත. ළඟදී ප්‍රබල නව ප්‍රභේදයක් බිහි නොවුණොත් ලබන ජුලි…

කොවිඩ් පිහිටෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළට !

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පසුගිය වසරේ ඉහළ ගොස් ඇති බවත්, එයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ, කොවිඩ් වසංගත තත්ත්වය නිසා මුව ආවරණ සහ අත් වැසුම් ආදී සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සඳහා ඉහළ ඉල්ලුමක් ලැබීම බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පසුගිය වසරේ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 15.1 ක්…