අද කොවිඩ් මරණ 8 කට බසී ; නව ආසාදිතයින් 662 ක්

රජය විසින් අද දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 8 ක් වන අතර හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 662 ක් ලෙස වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 16,339 ක් ලෙස සටහන් වී තිබේ. මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 650,802…

ශ්‍රී ලංකාවේ ඇත්ත වත්කම් ඍන ඩොලර් බිලියන 3.2 ට බැහැලා ! මහ බැංකු වාර්තාවලින් හෙළිවෙයි !!

ශ්‍රී ලංකාවේ සත්‍ය විදේශ වත්කම් ප්‍රමාණය 2022 ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් ඍන බිලියන 3.2 ක් දක්වා පහත වැටී ඇති බව මහ බැංකු වාර්තා උපුටා දක්වමින් ECONOMYNEXT වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ශ්‍රී ලංකාවේ වත්කම් ප්‍රමාණයට වඩා මේ මොහොතේ ඇති වගකීම් වැඩි වීමෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව නිරන්තරයෙන් සමාලෝචනය කරන ECONOMYNEXT සඳහන්…

රුපියල පා කරන තෙක් විදේශ ප්‍රේෂණ නොලැබේවි – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ ලැබීම, ඩොලරය වෙළෙඳ පොළේ මිල තීරණය වන ලෙස පා කරන තෙක් යථා තත්ත්වයට පත් නොවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි. පොලී අනුපාත වැඩි කිරීමෙන් මහ බැංකුව නිවැරදි මගට පැමිණ ඇති බව පෙනී යන නමුත්, රුපියල පා කිරීම ද අවශ්‍ය…

අද කොවිඩ් මරණ 10 යි, නව අසාදිතයින් 508 යි ; සමස්ත ආසාදිත සංඛ්‍යාව 650,000 ඉක්මවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන අමුව අද කොවිඩ් මරණ තහවුරු කොට ඇත්තේ 10 ක් පමණක් වන අතර අලුතින් හඳුනාගෙන ඇති ආසාදිත සංඛ්‍යාව 508 කි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට 16,331 කි. සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 650,000 ඉක්මවා යමින් 650,140 ක් ලෙස වාර්තා වී ඇත.

ශ්‍රී ලංකාවට චීනයත් නෑ ; ඉන්දියාවත් නෑ

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ දී ආධාර ලබා දීමට ඉදිරිපත්ව සිටි චීනය සහ ඉන්දියාව යන රටවල් දෙක ම මේ වන විට අමනාප වූ තත්ත්වයට පත්ව ඇති බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි. චීන පොහොර නැව පිලිබඳ ප්‍රශ්නයෙන් අමනාප වී සිටි චීනය මධ්‍යම අධිවේගයේ තුන්වන අදියර සනහා අඩු මිලක් ඉදිරිපත්කොට තිබු චීන සමාගමට…

අද කොවිඩ් මරණ 14 යි නව ආසාදිතයින් 639 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තා අනුව අද දිනයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 14 ක් වන ඇත අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 639 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,321 ක් වශයෙනි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 649,632 ක් ලෙස වාර්තා w

විමල්-ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවෙන් ඉවත් කළ 16 ක් ස්වාධින වෙන්න යයි

අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ ,උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් 16 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම පක්ෂ දහයේ නායකයන්   විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිල නිවසේ පෙරේදා (04) පැවැති  සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ . ඒ අනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ…

විදේශ ශ්‍රමිකයින්ගේ ඩොලරයකට රුපියල් 240 ක් ගෙවිය යුතුයි – කම්කරු ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

විදේශගතව රැකියා කර මෙරටට මුදල් එවන ශ්‍රමිකයින් එවන සෑම ඩොලරයකට ම රුපියල් 240 ක් ගෙවිය යුතු බවට කැබිනට් පත්‍රිකාවක් ලබන කැබිනට් මණ්ඩල රැස්‌වීමට ඉදිරිපත් කරන බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව දැනට ගෙවන රුපියල් 10 ක් දීමනාවට තවත්, රුපියල් 30 ක් වැඩිපුර ගෙවිය යුතු ය. විදෙෂද්ගත ශ්‍රමිකයින්ගේ ශ්‍රමයට යුක්තිය…

නායකයින්ගේ දේශපාලන වුවමනාවන්ට යුද්ධ කරන්න දෙන්න බැහැ, ආසියානු රටවල් මැදිහත් විය යුතුයි – එජාප නායක රනිල් වික්‍රමසිංහ

රුසියාව යුක්රේනය ආක්‍රමණය වැරදි වන අතරම එයට හේතු වුයේ ඇමෙරිකානු වත්මන් ජනාධිපති බයිඩන් සහ බ්‍රත්න්යයේ බොරිස් ජොන්සන් ප්‍රමුඛ යුරෝපීය නායකයන්ගේ වැරදි විදේශ ප්‍රතිපත්ති බවත්, දැන් ඔවුන් යුද්ධය මෙහෙයවන්නේ තම තමන්ගේ රටවල තම දේශපාලන ප්‍රතිරූපය ඉහල නව ගැනීමට බවත්, කියන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් කොයන්නේ යුද්ධය නැවත්වීමට ආසියානු රටවල් මැදිහත් විය යුතු බවයි….

ජනාධිපතිගේ පොරොන්දුව රකින්න අද විදුලි කැපීම නවතා දමයි

අද සිට අඛණ්ඩව විදුලිය ලබාදෙන බවට ජනාධිපතිතුමා රටට පොරොන්දුවක් දී ඇති නිසා අද දින කලින් සැලසුම් කළ විදුලිය කැපීම ක්‍රියාත්මක නොකරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසයි, ඒ අනුව විදුලිය නොකපා සිටීමට හෝ විදුලි කැපීම අවශ්‍යතාව අනුව අවම මට්ටමක පවත්වා ගැනීමට ක්‍රියා කරනු ඇති බව එම කොමිසන් සභාව නිවේදනය කරයි. අද දින පය හතයි විනාඩි…

ආණ්ඩුවේ පාර්ලිමේන්තු බහුතරය අහිමි කරන සැලසුමක් ! 113 ත් නැතිවෙයි !!

  ආණ්ඩුවේ බලය දරන කණ්ඩායම වන බැසිල් පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි කිරීමේ සැලැස්මක් ආණ්ඩුවේ ම කණ්ඩායම් කිහිපයක් විසින් ක්‍රියාත්මක කිරීමට යන බව තතු දත් ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 150 කගේ පමණ වූ බහුතර බලයක් මේ වනවිට ඇත. එයින් කැරලිකාර පක්ෂ 11 ක මන්ත්‍රීවරුන් 30 ක් වන  පිරිස ඉවත් වුවහොත් ඉතිරි වන්නේ…

සම්පුර්ණයෙන් නවත්තන්නැයි ජනාධිපති කී දිනයේ පැය හතක් විදුලිය කපයි !

හෙට (මාර්තු 5 ) සිට විදුලිය කැපීම සම්පුර්ණයෙන් නවත්වන ලෙස පසුගිය සඳුදා පැවති කැබිනට රැස්වීමේ දී ජනාධිපතිතුමා උපදෙස් දී තිබිය දී හෙට දිනයේ පැය හතක විදුලි කැපීමක් ක්‍රියාත්මක කිරීමට ලංවිම ය මහජන උපයෝගිත කොමිසමේ අවසරය ලබාගෙන ඇත. එමෙන් ම ඉදිරි දිනවල ද විදුලි කැපීම සිදුවන බව ද නිවේදනය කොට තිබේ. සඳුදා කැබිනට රැස්වීමේ දී ජනාධිපතිතුමා…