ජනගහනය අනුව කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් ශ්‍රී ලංකාවට හතර වැනි තැන

ජනගහනයේ අනුපාතයක් ලෙස කොවිඩ් මරණ සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවන ස්ථානයට පත්ව ඇති බව ගෝලීය දත්ත විශ්ලේෂණ උපුටා දක්වමින් ECONOMYNEXT වෙබ් අඩවිය වාර්තා කොට තිබිණි. ඇමෙරිකාවේ ජෝන් හොප්කින් විශ්ව විද්‍යාලයේ සමීක්ෂණයක් අනුව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස කොවිඩ් මරණ වැඩි ම රට ජෝර්ජියාව වන අතර දෙවන , තෙවන ස්ථාන හිමි කරගෙන ඇත්තේ පිළිවෙලින් ටියුනීසියාව සහ මැලේසියාව…

අද කොවිඩ් නිල සංඛ්‍යා : මරණ 161 යි ; ආසාදිතයින් 3435 යි

රජයේ නිල සංඛ්‍යා අනුව ද කොවිඩ් මරණ සහ නව ආසාදනය දිගින් දිගට ඉහළ යන බව තහවුරු කරමින් අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 161 කි. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 6,096 ක් වශයෙනි. රජයේ නිල සංඛ්‍යා අනුව අද දිනයේ මෙරටින් අලුතින් හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3,435 කි. ඒ අනුව…

ආණ්ඩුව රෑට කොවිඩ් පාලනය කරයි ! පැය හයක් ඇඳිරි නීතිය පනවයි !!

කොවිඩ් වසංගතයේ පැතිරීම පාලනය කිරීම සඳහා ආණ්ඩුව රාත්‍රී කාලයේ පැය හයක නිරෝධායන ඇඳිරි නීතියක් හෙට සිට  ක්‍රියාත්මක වන ලෙස පනවා තිබේ. ඒ අනුව හෙට සිට නැවත දන්වන තුරු රාත්‍රී 10.00 සිට උදැසන 4.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට ඇත. මේ අතර විවිධ නගරවල ජනයා  සහ වෙළෙඳ සංගම් තමන්ගේ ම නිරෝධායන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කොට…

වසංගතයට මුහුණදෙන්න සියලු පක්ෂ කැඳවන්න – එජාප නායක රනිල් ඉල්ලයි

පවතින දරුණු කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා සියලු පක්ෂවල අදහස් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කර සියලු පක්ෂවල සමුළුවක් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කොට තිබේ. අගමැතිතුමා සහ සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුළු සියලු පක්ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවකින් සියලු පක්ෂවල අදහස් ලබාගෙන කටයුතු කළ යුතු බව ඒ මහතා පෙන්වා දෙයි. කොවිඩ් ගැන සාකච්ඡා…

වාර්තා වෙන ආසාදිතයින්ට වඩා තුන් ගුණයක් සමාජයේ – ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

දැනට වාර්තාවන දෛනික කොවිඩ් ආසාදිතයින් මෙන් තුන් ගුණයක් සමාජය තුළ සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. එහිදී, ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ “පැහැදිලිවම වාර්තාවෙන සංඛ්‍යාවට වඩා වැඩි පොසිටිව් කොටසක් ඉන්නවා සමාජයේ. තුන්ගුණයක් විතර ඉන්නවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්.” වෛද්‍ය විජේවික්‍රම මහතා ප්‍රකාශ…

හිටපු මුදල් ඇමති රවී එජාප කෘත්‍යාධිකාරීයට එයි ; තනිව රජ වෙන්න හදපු අය ගැන කියයි

පසුගිය කාලයේ එජාප ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා පසුගිය සිකුරාදා පැවතී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සසභාගී වී වේගවත් කතාවක් කරමින් පක්ෂයේ අතීත ක්‍රියාකාරීත්වය විවේචනය කොට ඇත. පොදුවේ පක්ෂයට කළ විවේචනයක් ලෙස එය පෙනී ගිය ද, එහි සැබෑ ඉලක්කය වුයේ සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය බව දේශපාලන නිරීක්ෂකයෝ කියති….

කොවිඩ් මරණ හංගන්න ගිය ආණ්ඩුව වැඩි ම මරණ අනුපාතය වාර්තා කරයි !

කොවිඩ් වසංගතයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණු තත්ත්වය අඩුවෙන් වාර්තා කිරීමට මරණ සහ ආසාදිත සංඛ්‍යා අඩුවෙන් වාර්තා කරන ආණ්ඩුව එම සංඛ්‍යා මගින් ලෝකයේ ඉහළ ම කොවිඩ් මරණ අනුපාතිකය වාර්තා කොට කොළේ ඉරාගෙන සිටින බව සෞඛ්‍ය සේවයේ තතුදත් ආරංචි මාර්ග කියයි. ඔවුන් කියන්නේ මෙය නොදන්නා පිරිසක් කළ අපරිණත වැඩ වල ප්‍රතිඵලයක් බවයි. කොවිඩ් මරණ සංඛ්‍යා…

දේශීය නිෂ්පාදිත කොවිඩ් වෛරසයක් එයි !

දේශීය වශයෙන් නිෂ්පාදිත නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් සමාජ ගත වීමේ අවදානමක් ඇති බව විශේෂඥ වෛද්‍යවරු කියති. මේ වනවිට ශ්‍රී ලංකාවේ සමාජ ගත වී ඇති කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම දේශීය කොවිඩ් ප්‍රභේදය බිහිවිය හැකි බව විශේෂඥ මතය වී තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කරන්නේ මෙම…

කොවිඩ් ඊයේ නිල වාර්තා ; මරණ 160 යි ; නව ආසාදිතයින් 3245 යි ; ආසාදිත සමස්තය 350,000 පනී

රජය ඊයේ නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 160 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වාර්තාවල සටහන් වන්නේ 5.935 ක් වශයෙනි. රජය ඊයේ නිල වශයෙන් නිවේදනය කළ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3,245 කි. ඒ අනුව මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එම නිල වාර්තා අනුව ද 351,515 ක් දක්වා…

කුරහන් සාටකය දමාගත් මුදල් ඇමති බැසිල් කුරහන්වලටත් බදු ගසයි ! කරවල, හාල්මැස්සන් , උළු හාල් , ලුණු , අබ, බටර් සඳහාත් අලුත් බදු

භාණ්ඩ ගණනාවකට අලුතින් බදු පනවා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත. කුරහන් පිටි  කිලෝවක් සඳහා රුපියල් 150 ක් ද, කරවල සහ හාල් මැස්සන් කිලෝ වක් සඳහා රුපියල් සියය බැගින් ද, උළු හාල් සඳහා රුපියල් 50 ක් ද , බටර් සඳහා රුපියල් 880 ක් ද , ලුණු සඳහා රුපියල්…

අද නිල වාර්තා : කොවිඩ් මරණ 155 යි ; නව ආසාදිතයින් 3145 යි

කොවිඩ් ආසාදිත මරණ 155 ක් සහ නව ආසාදිතයින් 3,145 ක් රජය අද නිල වශයෙන් වාර්තා කොට ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වාර්තා අනුව සටහන් වන්නේ 5,775 ක් වශයෙනි. මෙරට කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වාර්තා අනුව සටහන් වන්නේ 348,263 ක් වශයෙනි. කෙසේ වෙතත්, මෙම නිල වාර්තා මගින් සත්‍ය සංඛ්‍යා නොපෙන්වන බවට සෞඛ්‍ය…

ගෑස් මරාලය – අනුර සූරියබණ්ඩාර

ලාෆ් ගෑස් ලොකු සිලින්ඩරයක මිල රුපියල් 363/-කින් ඉහළ නංවා තිබේ.ඒ අනුව කිලෝ ග්‍රෑම්  12.5 සිලින්ඩරයක මිල රුපියල් 1856/- දක්වාද කිලෝ ග්‍රෑම් 05 ⁣ලාෆ් පොඩි ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 743/- දක්වාද ඉහළ යනු ඇත. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියන්නේ ලාෆ් මිල ඉහළ නැඟුනද ලිට්රෝ ගෑස් මිල නොවෙනස්ව පවතින බවය.අලගියවන්න ගේ ප්‍රකාශය තව⁣  දින ⁣කීයකට වලංගු වනු…