ජාතික ගීය දෙමළෙන් ගැයීම ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතියක්, ඒක වළක්වන්න කාටවත් බෑ ! – වාසුදේව

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමෙන් ජාතික ගීයට හෝ කිසිදු ජාතියකට හෝ හානියක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. දෙමළ භාෂාවෙන් ගායනා කිරීම දෙමළ ජනතාව‍ගේ අයිතියක් බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති අයිතියක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා. පසුගිය ආණ්ඩුව සමයේ නිදහස් දින උත්සවය ආරම්භයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් සහ අවසානයේදී දෙමළ…

රාජිත ඇප පිට නිදහස්

හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා ඇප පිට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළේය . අධිකරණය එම තීන්දුව දුන්නේ සේනාරත්න මහතා කලින් ඉදිරිපත් කොට තිබු අපේක්ෂිත ඇප අයදුම් පත අද විභාගයට  ගෙන එහි තීන්දුව ප්‍රකාශ කරමිනි . සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා  නියම කළේය.

මම කිසිම විදිහකින් පක්ෂයෙන් යන්නේ නැහැ – සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන් කිසිලෙසකින්වත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවන අතර පක්ෂය භේද  කිරීමටද කටයුතු නොකරන බව එජාප නියෝජ්‍ය නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. ලංකා නිවුස් වෙබ් වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කරන ලදී. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුන හොත් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් සාදා ගැනීම හෝ පවත්නා පක්ෂයක් සමඟ…

රාජිත බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවයි

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙනයාම සඳහා අද (29) එහි ගිය බන්ධනාගාර නිලධාරීන්ට පැය පහකට අධික කාලයක් රස්තියාදු වී හිස් අතින් ආපසු පැමිණීමට සිදුවී තිබේ. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ වෛද්‍යවරයා විසින් ඔහු රෝහලින් බැහැරකිරීම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතු වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ…

රාජිත නඩුවෙත් නීතිපති කකුල කටේ දා ගෙන , දෙන්නෙක් උසාවි දා ඇත්තේ සුදුවෑන් මිනීමරුවන් ලෙසයි

ගොටාභය රාජපක්ෂ මහතාට බොරු චෝදනා එල්ල කළ බවට චෝදනා කරමින් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන ඇතත් ඒ සම්බන්දයෙන් කෙරෙන අධිකරණ කටයුතු වල දී පරස්පරයක් මතු වී ඇති බව වාර්තා වෙයි . එයට හේතු වී ඇත්තේ රජිතසේනරත්න මහතා සමග පුවත්පත් සකච්චවාට සම්බන්ද වූ දෙදෙනා සුදු වෑන වලින් ගොස් මිනි මැරූ ඇය ලෙස චෝදනා…

කොට ඇද්ද අයට තනතුරු නැතැයි පොහොට්ටුවෙන් වියත්මගට විරෝධය

පසුගිය කාලයේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගා ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට පදනම දැමු ක්‍රියාකාරීන්ට තනතුරු නොදී වියත් මගට සම්බන්ධව සිටි උදවියට තනතුරු ලබා දී ඇතැයි පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ගෙන් බරපතල විරෝධයක් එල්ල වෙමින් පවතින බව දැනගන්නට ඇත . පොදුජන පෙරමුණට කැපී පෙනෙන වැඩ කොටසක් කළ බොහෝ දෙනාට බලාපොරොත්තු තනතුරු ලැබී නැතැයි කියති . ඒ අතර…

‘ලංකාව ලබන වසරේදී ඩොලර් බිලියන 4.8 ක විදෙස් ණයක් ගෙවිය යුතුයි‘‘ – මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ශ්‍රී ලංකාව ලබන වසරේදී විදෙස් ණය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් ගෙවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. ඒ සඳහා මුදල් ගෙවීම, මුදල් ගෙවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ආණ්ඩුව බව ද හෙතෙම කීය. මේ වසරේ 8 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම වෙනුවෙන් ශ්‍රී ලංකා…

රාජිත රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිය සැකකරු නිරික්ෂණය කිරිමෙන් පසුව මෙම නියෝගය නිකුත් කරනු ලැබු අතර සැකකරු බන්ධනාගාර බාරයේ තබා ගැනීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි…

චම්පිකගේ නඩුවෙන් පොලිසිය කැළඹෙයි

හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතාට එරෙහිව නඩු පැවරීම සදහා රජය ගෙනයන ක්‍රියා මාර්ග සමග පොලිසිය තුළ ද කැළඹීමක් හටගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . එයට හේතු වී ඇත්තේ පොලිස් නිලධාරීන් පිරිසකට ද මෙහි දී චෝදනා එල්ල වන තත්වයක් පැන නැගීමයි . හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් අට දෙනකුට…

‘රාජිත අත්අඩංගුවට ගෙන නෑ‘ -නි.සො. ජනරාල්

හිටපු  ඇමැති රාජිත සේනාරත්න මහතා මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස්  ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර  ලබන බවත්  නීතිපති නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (27) අධිකරණයට කරුණු වාර්තා කළේය.   සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ  නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න  මෙනවිය ඉදිරියේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස…

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලංකා හොස්පිටල් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහල්ගත වී ඇති බව වාර්තා වේ. ඔහු ඊයේ  පස්වරුවේ කොළඹ නාරාහේන්පිට ලංකා හොස්පිටල්  රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වී ඇති අතර එහි පනිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කොට ඇත . සේනාරත්න මහතාට හදවත් සැත්කමක් කළ යුතු බව එහිදී හෙළිදරවු වූ බව ද වාර්තා වෙයි . හිටපු…

‘‘මහින්ද රාජපක්ෂ ජනපති කිරීම අපි කළ දේශපාලන වරදක්‘‘ – චම්පික

“මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න දිවිහිමියෙන් කටයුතු කිරීම අපි කළ දේශපාලන වරදක්” යැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (25) පැවසීය. මහනුවර දළදා මාළිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදාගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ස්වාධීන අධිකරණයක්  ක්‍රියාත්මක වන අවස්ථාවක ඉන් ලබාදෙන තීන්දු තීරණ ඉතාමත්ම නිවැරදි වන…