මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1704 ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1704 ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ බ්‍රන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ආරම්භ වූ කොවිඩ් 19 පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව අද හවස් වනවිට 1704 ක් දක්වා ඉහළ  ගිය බව වාර්තා වෙයි . කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ අධිපති, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළේ අද හවස් වන විට නව ආසාදිතයින් 113 ක් හමු වූ බව යි.. මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන්…

කරුණා අම්මාන් අග්‍රාමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයට

කරුණා අම්මාන් අග්‍රාමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයට

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස හිටපු අමාත්‍ය විනයගමූර්ති මුරලිදරන් නොහොත් “කරුණා අම්මාන්” මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට බඳවාගෙන තිබේ. පැවති යුධ සමයේදී හමුදා සාමාජිකයන් දහස් ගණනක් තමන් විසින් මරා දැමූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ කරුණා අම්මාන් කිසි ලෙසකින් හෝ පොහොට්ටු පක්ෂයට ලං කර නොගන්නා බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්…

කටුනායකට ඇඳිරි නීතිය ; කර්මාන්තශාලා වසන්නේ නැහැ

මෙතෙක් ඇඳිරි නීතිය පනවා නොතිබූ කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට(15) උදෑසන 5 සිට නැවත  දැනුම් දෙන තුරු  නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත. ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවන්ගේ කටයුතු පවත්වා ගෙන යා හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවන්ගේ සේවක සේවිකාවන්ට…

අද දිනයේ කොවිඩ් 19 රෝගීන් 194ක් ; මිනුවන්ගොඩ පොකුර 1601ක් වෙයි

අද දිනයේ කොවිඩ් 19 රෝගීන් 194ක් ; මිනුවන්ගොඩ පොකුර 1601ක් වෙයි

අද දිනයේ මේ වනවිට අලුතින් කොවිඩ් 19 ගොගීන්  194 ක් හඳුනාගනු ලැබ ඇත. ඒඅනුව මිනුවන්ගොඩ පොකුරත් සමග වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 1601 දක්වා ඉහල ගොස් තිබේ. මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 160ක් දක්වා ඉහල ගොස් ඇති බව ද වාර්තා වෙයි. රට පුරා විවිධ ස්ථානවලින් කොවිඩ් රෝගීන් හමුවීම දිගට ම සිදුවෙමින් පවතියි. රෝගීන්…

කතෝලික රදගුරු සම්මෙලනයත් 20 එපා කියයි ; තුනෙන් දෙකෙන් ජනමතය නියෝජනය නොවන බවත් කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 20 වන සංශෝධනය ඉදිරියට ගෙන නොයන ලෙස කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි . මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් නොව සියලු දෙනාගේ සහභාගීත්වයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය බව කියන රදගුරු සම්මේලනය පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස ක්‍රියා කරමින් එය කළ යුතු බව කියයි. ව්‍යවස්ථා සම්පාදනය සියලු දෙනාගේ මත විමසමින් සම්මුතිය…

එදා මට කතාකරන්න දුන්නේ නැහැ ; මම 20 ට විරුද්ධයි – විජයදාස රාජපක්ෂගෙන් ජනාධිපතිට ලිපියක්

එදා මට කතාකරන්න දුන්නේ නැහැ ; මම 20 ට විරුද්ධයි – විජයදාස රාජපක්ෂගෙන් ජනාධිපතිට ලිපියක්

පසුගිය සිකුරාදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී තමන්ට කතා කිරීමට ඉඩ නොදුන් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට විරුද්ධ තමාගේ අදහස් මෙලෙස ලිපියකින් දන්වන බවත් කියමින්න් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකොට ඇත. ජනාධිපතිගේ මුක්තිය , ඇමති මණ්ඩලයට අතිසීම ඉවත් කිරීම , පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට…

පරිප්පු, ටින් මාළු, බී ලුණු , සීනි ආනයන බදු ඉවතට

පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන් වන්නේ බදු ඉවත් කිරීම හේතුවෙන් අද රාත්‍රියේ සිට ලොකු ටින් මාළු එකක් රුපියල් 200කට, බී ලූණු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇති බවයි. මෙම…

ශ්‍රේෂ්ඨාධිකරණයේ ලිපිය තාම විවෘත් කර නැහැ – තීන්දුව පිට වූ හැටි කථානයකටත් ප්‍රශ්නයක් !

ශ්‍රේෂ්ඨාධිකරණයේ ලිපිය තාම විවෘත් කර නැහැ – තීන්දුව පිට වූ හැටි කථානයකටත් ප්‍රශ්නයක් !

අධිකරණ තීන්දුව ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබුණු ලිපි කවරය තවම විවෘත කොට නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කොට ඇත. ඒ අතර අධිකරණ තීන්දුව බව කියන ලියවිල්ලක් අන්තර් ජාලය සහ ජනමාධ්‍ය මගින් ප්‍රචාරයට පත් වී තිබේ. බොහෝ දෙනා විශ්වාස කරන්නේ එය සත්‍ය ලියවිල්ලක් බව යි. දේශපාලන…

ජනමත විචාරණයකට යන්නේ නැහැ ; 20 ට සංශෝධන ගෙනෙනවා – ඇමති මහාචාර්ය ජී එල් පීරිස්

ජනමත විචාරණයකට යන්නේ නැහැ ; 20 ට සංශෝධන ගෙනෙනවා – ඇමති මහාචාර්ය ජී එල් පීරිස්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයකට යොමුවීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් , ශ්‍රේෂ්ටාධිකරණයේ මතය අනුව අවශ්‍ය සංශෝධන ඇතුලත් කිරීමට කටයුතු කරන බවත්, ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේ ය. නීතිපතිවරයා මගින් ආණ්ඩුව අධිකරණයට ඉදිරිපත් කළ  සංශෝධනවලට අමතරව මෙම සංශෝධන ඇතුලත් කරන බව ඇමතිවරයා පැවසී ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයේ…

හඳුන්කූරේ කූර රටින් ගේන්න අවසර ; ඇමති මණ්ඩලය තීරණය කරයි !

හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අවශ්‍ය කූරු පිටරටින් ආනයනය කිරීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද ප්‍රකාශ කළේ ය. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව හෙළිදරවු කළේ ය. හඳුන්කූරු නිෂ්පාදනය සඳහා මෙම කූර අවශ්‍ය බව කියති. එය උණ බටවලින් කරන නිෂ්පාදනයක්…

හිටපු ජනපති මෛත්‍රී ප්‍රතිප්‍රහාරයකට සැරසෙයි. 20 වැනි සංශෝධනයට ඡන්දය නොදෙන ලකුණු !

දිගින් දිගටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එල්ල වන කෙණෙහිලිකම් හමුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා ඡන්දය ලබා නොදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බව ඒ මහතාට සමීප දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 2019 ජනාධිපතිවරණයට පෙර පොහොට්ටු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඇතිකරගත් සියලුම එකඟතා මේ වනවිට කඩකර තිබීම මෙන්ම පුද්ගලිකව…

අදත් 90 ක් එක්වෙති ; කොවිඩ් පොකුර 1397 ක් දක්වා ඉහල යයි

අදත් 90 ක් එක්වෙති ; කොවිඩ් පොකුර 1397 ක් දක්වා ඉහල යයි

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 90ක් අද හවස් වනවිට අලුතින් හඳුනාගෙන ඇත . ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1397 ක් දක්වා ඉහල ගොස් ඇත. අද රාත්‍රිය වනවිට තවත් පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බව අපේ ආරංචි මාර්ග කියයි. කටුනායක වෙළෙඳ කලාපයෙන් ද අද තවත් ආසාදිතයින් 22 ක් හමු වී ඇත. දිවයිනේ විවිධ නගරවල වෙළෙඳසල් සහ ඔසුසල් ද…