අද 660 ක් සමග කොවිඩ් පොකුර 32,080 යි ; සමස්තය 35,708 යි

  අද (18 ) දිනයේ දී ද අලුතින් කොවිඩ් ආසාදිතයින් 660 දෙනෙක් හඳුනාගෙන ඇති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. පළමුව 376 ක් හාපසුව 284 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී ඇත. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 32,080 ක් දක්වා ඉහල ගිය අතර මෙරට දී හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව…

තවත් කොවිඩ් මරණ 05ක් ; දෙදෙනෙක් නිවෙස්වල දී ; එක අයෙක් මග දී මියයති

තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 165කි. අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මග්ගොන ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක්,  කොළඹ 15 ප්‍රදේශයේ…

ඥානසාර හිමි පරදා රතන හිමි මන්ත්‍රී වරම් දිනා ගනීති

ඥානසාර හිමි පරදා රතන හිමි මන්ත්‍රී වරම් දිනා ගනීති

පාර්ලිමේන්තුවට පත්වීමට අපේ ජන බල පක්ෂයට ජාතික ලයිස්තුවෙන් ලැබුණු මන්ත්‍රී ධුරය සඳහා අතුරලියේ රතන හිමි සහ ගලගොඩ අත්තේ ඥානසාර හිමි අතර පැවති අභ්‍යන්තර සටනින් රතන හිමියෝ ජය හිමි කරගෙන සිටිති. අලුතින් පත්වූ මැතිවරණ කොමිසම තම ප්‍රථම රාජකාරියක් ලෙස රතන හිමි මන්ත්‍රී ධුරයට පත් කිරීමට තීරණය කොට තිබීම එම ජයග්‍රහණයට හේතුව යි. ඒ අනුව අපේ ජනබල…

බයිඩන්ගේ කැබිනට්ටුවට ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී කාන්තාවක් – රජයේ ඉඩම් සහ වනෝද්‍යානත් ඇය යටතට

ඇමරිකාවේ ජනපති පදවියට පත් වීමට නියමිත ජෝ බයිඩන් විසින් සිය අභ්‍යන්තර කටයුතු ලේකම්වරියක ලෙස ආදිවාසික කාන්තාවක තෝරාගෙන ඇත්තේ, ඇමරිකානු ඉතිහාසයේ කැබිනට් තනතුරක් ප්‍රථම වරට ආදිවාසී කාන්තාවකට දැරීමට අවස්ථාව ලබා දෙමිනි. ඩෙබ් හාලන්ඩ් (Deb Haaland) මෙවර කොංග්‍රසය වෙත තේරී පත් වී සිටින්නේ නිව් මෙක්සිකෝ ජනපදය නියෝජනය කරමිනි. ඇය එහි ආදිවාසී උරුමයේ පැතිකඩකි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් සැබෑ…

බස්නාහිරින් පිටවන්නට ආ 05කට කොරෝනා ; අහඹු පරීක්‍ෂණවලින් හෙලිවේ..

බස්නාහිර පළාතෙන් පිටව යාමට පැමිණි පුද්ගලයන් 05 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි තහවුරු වී තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ස්ථාන කිහිපයක අහඹු ලෙස සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂාවෙන් මේ බව තහවුරු වූ බවයි. මෙම ආසාදිතයන් 05 දෙනා හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතේ සිට පිටව යාමට පැමිණි 451 දෙනෙකුට සිදුකරන ලද පරීක්ෂණවලදීය. බස්නාහිර පළාතෙන් පිට…

26වනදා ගුවන්තොටුපල සංචාරකයින්ට විවෘත කරන්න සුදානම් – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

මේ මස 26 වනදා සිට සංචාරකයින් සඳහා මෙරට ගුවන්තොටුපොළවල් විවෘත කිරීමට සුදානමක් ඇති බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙලෙස ගුවන්තොටුපල කටයුතු ආරම්භ කරනුයේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකූලව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. එහිදී අමාත්‍යවරයා පැවසුවේ “පාස්කු ප්‍රහාරයත්…

මහජන උපයෝගිතා කොමිසම බිල්ලට දී පී. බී විදුලි හොරුන්ට මග සකසයි – නිමල් අබේසිංහ

  මහ මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලය ගත් සැණින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිය ජනාධිපතිවරණ පොරොන්දුද අමතකව ගොස් ඇත. ජනාධිපතිවරණය සඳහා ඔහු රටට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විදුලිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පොරොන්දුව අමු අමුවේ කඩකළේ තමන් එවැන්නක් රට හමුවේ ඉදිරිපත් කළ බවට වගේ වගක් නැතිවය. මෙහි නවතම සංසිද්ධිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ…

මෙරට කොවිඩ් මරණ 160 න් 117 ක් කොළඹින් ; නිවෙස්වල මියගිය ගණන 62 ක්

මේ වනවිට මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 160ක් වාර්තා වී තිබෙන අතර ඉන් 117ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි. මෙරට සිදුවී ඇති කොවිඩ් මරණ ගැන සැලකීමේ දී වෛරසය ආසාදනය වී මියගිය 160 දෙනාගෙ‍න් 04 දෙනෙකු වයස අවුරුදු 30ට අඩු වයස්වල පසුවූවෝ වෙති. අවුරුදු 31 ත් 40ත් අතර වයස්වල පසුවූ 04 දෙනෙක්  වයස 41ත් 50ත් අතර…

රටේ මුල ආසාදිත සංඛ්‍යාව 35,000 පනී; අදත් අලුතින් 650 ක්

රටේ මුල ආසාදිත සංඛ්‍යාව 35,000 පනී; අදත් අලුතින් 650 ක්

රටේ මුළු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 35,0 48 ක් දක්වා අද ඉහළ ගියේ ය. ඒ අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් 650 දෙනා ද සමගය . වත්මන් කෝවි පොකුරේ සංඛ්‍යාව 31,420 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සුපිරි කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සුපිරි හෝටල්වල දී – ජනපතිගෙන් උපදෙස්

සුපිරි කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සුපිරි හෝටල්වල දී – ජනපතිගෙන් උපදෙස්

කොවිඩ් රෝගයට ගොදුරුවන සුපිරි ධනපතියන්ට ප්‍රතිකාර කිරීමට සුපිරි හෝටල් යොදා ගැනීමට ජනාධිපති තුමා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. සුපිරි හෝටල්වල මුදල් ගෙවා ප්‍රතිකාර ගත හැකි ධනවතුන් සඳහා මෙම පහසුකම සපයනු ඇත. එමෙන් ම, කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පෞද්ගලික රෝහල්වලට ද අවස්ථාව දීමට රජය සලකා බලමින් සිටින බව ද වාර්තා වී තිබේ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා…

ඇමෙරිකාව MCC ලංකාවට දෙන්න බෑ කියයි ; එම මුදල වෙනත් රටකට ; සියෙරා ලියොන් පෙරමුණේ !

ඇමෙරිකාව MCC ලංකාවට දෙන්න බෑ කියයි ; එම මුදල වෙනත් රටකට ; සියෙරා ලියොන් පෙරමුණේ !

පසුගිය 15දා වොෂින්ටනයේදී රැස්වූ MCC හෙවත්  මිලේනියම් චැලේන්ජ් කොපොරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවට අනුමත කොට තිබු  ඩොලර් මිලියන 480 ක  ආධාරය  ලබා නොදීමට තීන්දු කර ඇත. එම මුදල් වෙනත් රටකට ලබාදීමට එහි දී තීන්දු කොට තිබේ .  සියරාලියොන් රාජ්‍යය වෙත එම මුදල් ප්‍රමාණය  ලබා දීමට කටයුතු කරන බව ද MCC ආරංචි මාර්ග වාර්තා කරයි. මුදල්…

අද ( 16 ) තවත් කොවිඩ් ආසාදිතයින් 611ක් ; පොකුර 31,070 යි ; සමස්තය 34,698 යි

අද ( 16 ) තවත් කොවිඩ් ආසාදිතයින් 611ක් ; පොකුර 31,070 යි ; සමස්තය 34,698 යි

කොවිඩ් 19 ආසාදිතයින් 611 ක් අද දිනයේ ද වාර්තා වීය. 326 ක් සහ 285 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වීය. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර සටහන් වුයේ 31,070 ක් වශයෙනි. මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 34,698 කි.