සජිත් අතහැර සජබ බහුතරය අන්තර් වාර ආණ්ඩුවකට !

  ආණ්ඩුව පෙරළා අන්තර් වාර ආණ්ඩුවක් සැදීමට දිගින් දිගට විරුද්ධ වෙමින් සිටින සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා අතහැර අන්තර් වාර පාලනයක් ගොඩ නැගීමට පක්ෂයේ බහුතරය සුදානම් වන බව වාර්තා වෙයි. පක්ෂයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර, දොස්තර රාජිත සේනාරත්න , ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක ,එස් එම් මරික්කාර් , චම්පික රණවක, හරීම් ප්‍රනාන්දු ඇතුළු…

ජනපතිගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඇරයුම්

  සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කර ඇත. ජනාධිපතිවරයා එම ඉල්ලීම කරමින් පක්ෂ නායකයන් වෙත ලිපියක් ද යොමු කර ඇත. සමගි ජන බලවේගය ,එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවලට ද මේ සඳහා ආරාධනා කර ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැති…

අපට ජනවරම තිබෙන්නේ විපක්ෂයේ සිටින්නයි ; ආණ්ඩු හදන්න වරමක් නෑ – සජිත් ප්‍රේමදාස

  තමන්ට ජනවරම ඇත්තේ විපක්ෂයේ සිටින්නට මිස ආණ්ඩු හදන්න නොවන බවත්, ජනවරමක් නැතිව ආණ්ඩු හදන්න හෝ හදන ආණ්ඩුවකට සම්බන්ධ වන්න තමන් සුදානම් නැති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකශ කරයි. දේශපාලනයෙන් විශ්‍රාම ගියත් තමන් අන්තර් වාර ආණ්ඩුවලට සම්බන්ධ නොවන බව ද ඒ මහතා කියයි. ඊයේ මහනුවර දී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ…

සජිත් මෙහෙයවන්නේ බැසිල් – වාසුගෙන් බරපතළ චෝදනාවක්

  අගමැති මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉවත්වීමට සුදානම් නමුත් බැසිල් රාජපක්ෂ මහතා එය නවත්වා ඇති බවත්, සජිත් ප්‍රේමදාස මහතා එයට ආධාර කරමින් සිටින බවත්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරයි. සජිත් ප්‍රේමදාස සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර රහසිගත ඩීල් එකක් ඇති බව ද ඒ අනුව බැසිල්ගේ වුවමනාව ඉටු කරමින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය…

මහ නා හිමිවරුන්ට ජනාධිපති කියන කතා වලින් කබ්රාල්ගේ විනාශයට සමාන අනතුරක් !

  මහ නා නිමිවරුන් වෙත ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා යැවූ ලිපිය මගින් වත්මන් ආර්ථික අර්බුදය දරුණු ලෙස අව තක්සේරු කොට ඇති බවත්, ටික දිනකින් ප්‍රශ්න විසඳෙන බව එයින් කියා තිබීම කිසිසේත් යථාර්තය නොවන බවත්, ආර්ථික ක්ෂේත්‍රයේ තතු දත් විද්වත්හු කියති. මෙය  ප්‍රශ්න තාවකාලික බව කියමින් හිටපු මහ බැංකු අධිපති විනාශයකට රට ඇදගෙන ගියා හා සමාන…

එජාප මැයි දින සැමරුම ගෝටා ගෝ ගම දී

  ගෝටා ගෝ ගම අරගලයට සහභාගී වෙමින් මැයි දිනය සැමරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට තිබේ. කෙසේ වෙතත්,පක්ෂ දේශපාලනයෙන් ස්වාධින අරගලයක් ලෙස ගෙන යන ගෝටා ගෝ ගම එම අනන්‍යතාවට හානි නොවන සේ ක්‍රියා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට ඇති බව පක්ෂයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි. එමනිසා පක්ෂයේ ප්‍රධාන නායකයින්ගේ සහභාගීත්වයෙන් තොරව…

ලිට්‍රෝ ගෑස් මිල දෙගුණයකින් ඉහළට

  අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල්  4,860 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. මේ අනුව කිලෝග්‍රෑම් 12.5  ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185 කින් ඉහළ දමා තිබේ. මෙය ගෑස් මිල දෙගුණ වීමට ආසන්න වැඩි වීමකි ඒ සමග කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1945 ක් දක්වාද, කිලෝ…

මැයි 4 දා පාර්ලිමේන්තුව රැස්වන තෙක් බලයේ ඉන්න රාජපක්ෂ පවුල තීරණය කරයි

  ලබන මස 4 දා පාර්ලිමේන්තුව නැවත රැස්වන තෙක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවිය යුතු බවත්, රජයේ වෙනසක් සිදු නොවිය යුතු බවත්, රාජපක්ෂ පවුලේ බලවතුන් අතර ඊයේ පැවති  රැස්වීමක දී තීරණය කොට ඇති බව වාර්තා වෙයි. කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ. ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන්…

ආර්ථික අර්බුදය ආණ්ඩුවේ ම නිර්මාණයක් බව මුදල් ඇමති කියයි

වත්මන් ආර්ථික අර්බුදයට හේතු වුයේ වත්මන් ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිට ගත් වැරදි තීන්දු බව මුදල ඇමති අලි සබ්රි මහතා ඊයේ පැවති කැබිනට මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි. ආණ්ඩුව බලයට පත් වූ වහාම කළ බදු කපාහැරීම සිදු කළේ එම ආදායම් ලබාගැනීමේ කිසිදු විකල්ප ක්‍රමයක් නොමැතිව බවත්, වැටුප් ගෙවීමේ හැකියාව ගැන…

ජනපති – අගමැති ඇතුළු පවුලේ අය විශේෂ සාකච්ඡාවක්

    රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (25)රාත්‍රියේ පවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරුන් වන ,චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී…

මම ම කරන්නම්, තව ටික කාලයක් දෙන්න – ජනාධිපති මහ නා හිමිවරුන්ට ලියයි

පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා තම රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ,එම ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලැබෙන තෙක් තව ටික කලක් තමාට ලබා දෙන ලෙස දෙපා නැමද ඉල්ලා සිටින බවත්, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මහ නා හිමිවරුන් වෙත ලිපියක් යවමින් කියා සිටියි. ආර්ථික අර්බුදය මෙතරම් උත්සන්න වීමට පසුගිය වසර දෙකේ තමන්ගේ වැරදි ආර්ථික කළමනාකරණය හේතු වූ…

රටේ කඩා වැටීමක් අත ළඟ – රනිල් අනතුරු අඟවයි

    මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් ද අවසන් වන අතර අලුතින් ණයක් ලැබෙන පාටක් තවම පෙනෙන්නට නැතැයි ද එසේ වුවහොත් ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට පැමිණිය හැකි යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පවතින ප්‍රශ්න කල් දමන්නට හැකියාවක් නැති අතර…