කොවිඩ් මරණ 35 ක් , නව ආසාදිතයින් 720 ක් අද නිවේදනය කෙරෙයි

අද දිනයේ රජය විසින් තහවුරු කරනු ලැබූ කොවිඩ් මරණ සංඛ්‍යාව 35 කි. ඒ අනුව මෙරටින් තහවුරු කොට වාර්තා කළ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,331 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අලුතින් හඳුනාගත් බවට අද දිනයේ වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 720 කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 526,383…

‘‘පොහොර ගැටළුව නිසා මටත් ගමට යන්න බැරිවෙයි ද දන්නේ නෑ‘‘- හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

පොහොර නොමැතිවීමෙන් ගොවියා මුහුණ පා ඇති ඛේදවාචකය හේතුවෙන් ඉදිරියේදී තමාට ද පොළොන්නරුවට යාමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. පොහොර නොමැතිවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයේ ඇතිවී ඇති අර්බුදය නිසා ගොවියාට යන එන මං නැති වී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ඇතිවූ විශාලම ඛේදවාදකය මේ වන…

ආසාර්ථක බව පිළිගෙන ඇති 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ඉවත් කරන්නැයි රනිල් කියයි

තමන්ට අත්දැකීම් නැති බවත්, වැරදි සිදු වී ඇති බවත් පිළිගනිමින් ජනාධිපතිතුමා පක්ෂයක් කොට ඇති තත්ත්වය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අසාර්ථක බව පිළිගෙන ඇති බැවින් එය අහෝසි කොට 19 වැනි සංශෝධනය යලි ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද ඉල්ලා සිටියේ ය. තමන්ට අත්දැකීම් අඩු නිසා වැරදි…

අගමැති සමග ගුරු සංගම් හෙට සාකච්ඡාව කල් යයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු වෘත්තීය සමිති අතර හෙට පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව දින නියමයක් නැතිව කල් දමා ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ බව වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබේ. මෙම සාකච්ඡාව හදිසියේ කල් දැමීමට හේතු දැනගැනීමට නැත. රජය අභ්‍යන්තරයේ මතු වූ විරෝධතාවක් මෙයට හේතු වූ බවට විශ්වාසයක් පවතියි. ගුරු වෘත්තීය…

ගුරු විදුහල්පති ගැටලුව විසඳන්න අභයාරාමයෙන් සම්මුතියක් !

දැනට මාස ගණනාවක් තිස්සේ දිග්ගැසෙමින් පවතින ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩුව සහ වෘත්තීය සමිති අතර සම්මුතියක් ඇතිකර ගැනීමට  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දැරෙන උත්සාහය සාර්ථක වන ලකුණු පහළ වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. නාරාහේන්පිට අභයාරාමයේ දී දේශපාලන පක්ෂ අතර පසුගිය දා පැවතී සාකච්ඡාවෙන් පසුව මෙම උත්සාහය දැරෙමින් පවතියි. එම උත්සාහයේ…

තිරිඟු පිටි, සිමෙන්ති, ගෑස් මිල වැඩි කිරීමේ අවසන් තීරණ හෙට

මිල පාලනය ඉවත් කළ තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් මිල වැඩි කිරීමේ අවසන් තීරණ හෙට දිනයේ ගැනීමට මියමිත බව වාර්තා වෙයි. තිරිඟු පිටි කිලෝව රුපියල් 20 කින් ද, සිමෙන්ති කොට්ටයක් රුපියල් 150 කින් ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 750 කින් ද මිල ඉහළ දැමීමට ඉල්ලුම් කොට ඇතත්, ඒ පිලිබඳ අවසන් තීරණ මේ දක්වා ගෙන නැත. මෙම…

වැඩි කළ මිලට කිරිපිටි හෙට සිට වෙළෙඳපොළට

වැඩි කළ මිල ගණන් යටතේ හෙට සිට වෙළෙඳපොළට කිරිපිටි නිකුත් කරන බව කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඒ අනුව කිරිපිටි කිලෝවක් 1,195 කට සහ 400 ක පැකට්ටුවක් රුපියල් 480 කට මිල කොට ඇත. වෙළෙඳ පොලේ පවතින දැඩි කිරිපිටි හිගය බ්‍රහස්පතින්දා පමණ වන විට අවසන් වනු ඇති බව ද ආනයන කරුවෝ කියති.

අද කොවිඩ් මරණ 29 යි ; නව ආසාදිතයින් 726 යි

කොවිඩ් ආසාදිත මරණ 29 ක් රජය විසින් අද දිනයේ තහවුරු කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 13,296 ක් වශයෙනි. අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 726 කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 525,663 ක් වශයෙනි.

නව නීතියක් නැතිව පළාත් සභා ඡන්දය බෑ – නීතිපති දැනුම් දෙයි

පාර්ලිමේන්තුවෙන් නව පනතක් සම්මත කිරීමෙන් තොරව පළාත්  සභා ඡන්දය පැවැත්විය නොහැකි බව නීතිපතිතුමා රජයට දැනුම් දී ඇත. දීනේෂ් ගුණවර්ධන ඇමතිවරයා විසින් මැතිවරණ ක්‍රම සංශෝධන තේරීම් කාරක සභාවට අද මේ බව දැනුම් දී තිබේ. පැරණි මැතිවරණ ක්‍රමයට හෝ නව මැතිවරණ ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැන් තිබෙන නීතිමය තත්ත්වය තුළ හැකියාවක් නැති බව නීතිපතිතුමා දානවා…

කිරිපිටි මිල ගැන ගත් අවසන් තීරණ – කිලෝව 1195 යි ; 400 පැකට්ටුව 480 යි

ආනයනික කිරිපිටි අලෙවි කරන මිල ගණන් සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අවසන් තීරණයකට පැමිණ ඇති අතර ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් මිල ඉහළ දමා ඇත. වැඩි කළ කිරිපිටි මිල ගණන් අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 480ක් ලෙස දැක්වේ. ඒ…

අද කොවිඩ් මරණ 38 ට බසී ; නව ආසාදිතයින් 746 ක් වාර්තා වෙයි

දිනකට වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව අද දිනයේ 38 ක් දක්වා අඩු වී ඇති අතර අද දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වුයේ 746 ක් වශයෙනි. මේ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,267 ක් වශයෙනි. සැප්තැම්බර් 23 සිට 30 දක්වා කාලයේ හමුවූ නමුත් වාර්තාවලට ඇතුලත් නොවූ බව…

සමගි ජන බලවේගය පක්‍ෂය අයිති මටයි ; මාව එලවන්න බෑ..- ඩයනා, සජිත්ට අභියෝග කරයි

  සමගි ජන බලවේගය පක්‍ෂයෙන් තමාව ඉවත් කළ විහිළුවක් යයි එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. ඩයනා ගමගේ මහත්මිය පක්ෂයෙන් ඉවත් කළ බවට පක්ෂය ඊයේ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ය මේ අදහස් පළ කලේ ය . සමගි ජන බලවේගය පක්‍ෂය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒකාධිපතිත්වය කරා ගෙන ගොස් ඇතැයි ද කී…