තවත් කොවිඩ් මරණ 39 ක්; නව ආසාදිතයින් 1767 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 39 ක් අද දිනයේ වාර්තා වී ඇත. එම මරණ ඊයේ දිනයේ සිදු වූ මරණ බව නිවේදනයේ දැක්වෙයි. මේ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 2954 ක් දක්වා ඉහළ ගොස් ඇත. නව කොවිඩ් ආසාදිතයින් 1767 ක් ද අද දිනයේ වාර්තා වී තිබේ. එම නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මෙරටින් මෙතෙක්…

පළාත් පාලන ආයතනවලට එජාප නවක මන්ත්‍රිවරු 69ක් නායක රනිල් ඉදිරියේ හෙට දිවුරති ; එජාප පළාත් පාලන නියෝජනය තහවුරු කර ගනියි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් ලෙස පත් වී සිට සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට පත් කෙරුණු නවක මන්ත්‍රීවරු හෙට(28) සඳුදා සිය ධුර වල දිවුරුම් දෙති. පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ…

ජුලි හත පසුකර බැසිල් මැතිසබයට එයි !

ජුලි හත පසුකොට ලබන ජුලි අට වැනි දා බැසිල් රාජපක්ෂ මහතා මැතිසබයේ දිවුරුම් දෙනු ඇති බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ මහතා ජුලි 6 දා දිවුරුම් දීමට කලින් අදහස් කොට තිබුන ද නැකත් ප්‍රශ්නයක් මත එම දිනය වෙනස් කොට ඇති බව කියති. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු යාම සඳහා ඉල්ලා අස්වීමට ශ්‍රී ලංකා පොදුජන…

රසායනික පොහොර තහනම් කිරීම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් විනාශ කරන කුමන්ත‍්‍රණයක් – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

රසායනික පොහොර තහනම් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙරට දේශීය සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කෙනෙකුගේ දෙන්නෙකුගේ ඉල්ලීම අනුව රසායනික පොහොර තහනම් කිරීම මගින් රට තුළ තිබූ සහලින් ස්වයංපෝෂිත තත්ත්වය නැති වී යනු ඇත බවද ඒ මහතා පවසයි. මේ හරහා සිදුවන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ වැඩපිළිවෙලක්…

පොළොවේ පය ගසා නැති අයගේ උපදෙස් ගත් ආණ්ඩුව අමාරුවේ වැටිලා  ; දැන් නම් ගොඩගන්නත්  අමාරුයි – පුජ්‍ය බෙන්ගමුවේ නාලක හිමි

පොළොවේ පය ගස නැති උදවියගෙන් උපදෙස් ගැනීම නිසා ආණ්ඩුව අමාරුවේ වැටී ඇති බවත්, රටේ දැන් සිදුවන දේ දැක්කාම තමන් වහන්සේගේ ද ඇස්වලට කඳුළු උනන බවත්, එසේ වුවත්, තමන් වහන්සේට ද දැන් කළ හැකි දෙයක් නැති බවත්, ජාතික සංවිධාන සම්මේලනයේ කැඳවුම්කරු බෙන්ගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේ අද ප්‍රකශ කළහ. තමන් වහන්සේලා කියන දේට ආණ්ඩුව දැන් ඇහුන්කන්…

කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 250,000 පනී; තවත් මරණ 43 ක් ; නව ආසාදිතයින් 1801 ක්

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 250,000 ඉක්මවා ගොස් ඇත. ඒ තවත් කොවිඩ් ආසාදිතයින් 1801 ක් වාර්තා වීමත් සමග ය. මේ වනවිට සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 251,738 ක් වශයෙනි. තවත් කොවිඩ් ආසාදිත මරණ 47 ක් ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2915…

පොහොට්ටුවේ ප්‍රකාශකයින් දැන් කියන්නෙත් ජනාධිපති ෆේල් බවයි – සජබ මන්ත්‍රී මුජිබර් රහමන්

පොහොට්ටුවේ ප්‍රකාශකයින් ද, අද කියන්නේ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත්, පාලනය ෆේල් වී ඇති බව යයි සමගි ගැන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර රහමන් මහතා ප්‍රකාශ කරයි. ඔවුන් දැන් කියන්නේ බැසිල්  හිටියා නම් මෙහෙම වෙන්නේ  නැති බව යයි කී ඒ මහතා කීවේ, එයින් කියවෙන්නේ ජනාධිපතිගේ සහ අගමැතිගේ පාලනය ෆේල් බව යයි පෙන්වා දුන්නේ…

ජනාධිපති ජාතිය ඇමතීමේ පට්ටපල් බොරු ; ගෞරවයටත් හානියක් !

  ජනානධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා ඊයේ කළ කතාවේ බරපතළ අසත්‍ය ප්‍රකාශ අඩංගු බවටත්, එය රටේ ජනාධිපතිගේ ගෞරවයට පවා හානිකර බවටත්, විවේචන එල්ල වෙමින් පවතියි. මෙම ඇතැම් අසත්‍ය ප්‍රකාශ සාමාන්‍ය ජනයා හොඳින් දන්නා කරුණු මගින් අසත්‍ය බව තහ වුරු වන ප්‍රකාශ වීම ජනාධිපතිතුමාගේ ගෞරවය බිඳ වැටීමට ප්‍රබල සාධක බවට පත්විය හැකි බව කියති. කොවිඩ්…

ජනාධිපතිතුමාගේ කතාවේ පොරොන්දු ඉටු කළ හැකි දැයි සැකයි – ‘දෙරණේ’ චතුර අල්විස්

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා ඊයේ කළ කතාව මගින්, ජනතාවට බලාපොරොත්තු ලබා දීමට කළ උත්සහයක් දකින්නට ලැබෙන නමුත්, එම පොරොන්දු ඉටු කළ හැකි දැයි සැක සහිත බව, බොහෝ විට රජයට පක්ෂව කරුණු ඉදිරිපත් කරන ‘දෙරණ’ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා ප්‍රකාශ කරයි. ආණ්ඩුවට කඩේ යන මාධ්‍යවේදියකු ලෙස අන්තර් ජාලයේ ඇතැම් පිරිස්වල විවේචනයට පවා ලක්වන චතුර…

තවත් කොවිඩ් මරණ 48 ක් ; නව ආසාදිතයින් 1859 ක්

ඊයේ දිනයේ සිදු වූ කොවිඩ් මරණ 48 ක් අද නිල වශයෙන් නිවේදනය කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 2862 ක් වශයෙනි. අද දිනයේ අලුතින් හඳුනාගනු ලැබූ කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව වාර්තා කොට ඇත්තේ 1859 ක් වශයෙනි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 249,911…

පෞද්ගලික අරමුණු ඉටු නොවූ පිරිසක් විරසක වී මා අසාර්ථක යයි ජනගත කරමින් සිටිනවා – ජනාධිපති

තමා ජනාධිපති වීමෙන් පසු තම තමන්ගේ  පෞද්ගලික අරමුණු ඉටු නොවූ පිරිසක් තමා සමග අමනාප වී තමා අසාර්ථක යයි ජනගත කරමින් සිටින බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද ජාතිය අමතා ප්‍රකාශ කළේ ය. තමා බලයට පත්වන්නට පෙර කිසිවකු තමාගෙන් පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට ඉල්ලීම් නොකළ බවත්, එදා ඉල්ලා සිටියේ රටේ පොදු අරමුණු ඉටුකිරීම බවත්,  ජනාධිපතිතුමා…

යහපාලනයට වඩා වේගයෙන් මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා.. ජනතාව අපට බනිනවා- බෙංගමුවේ නාලක හිමි

පවතින ආණ්ඩුව යහපාලනයට වඩා ඉක්මණින් ජනතා අප්‍රසාදයට ලක් වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති. ජනතාවගේ හදගැස්ම අඳුනන පිරිසක් යැයි මැතිවරණ වේදිකාවල කෑගසමින් බලයට පත්වුවත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ ඉතා කෙටි කලකින් විශාල වශයෙන් ජන අප්‍රසාදයට පත් වී ඇතැයි ද උන්වහන්සේ පැවසූහ. සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ. දේශීය ආර්ථිකය…