රාජගිරිය ගුවන්පාලම ජනතා අයිතියට…

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසදුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි. මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සදහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස්…

මාස 10ට කෝටි 2190ක අය වැය අතිරික්තයක්

ඉකුත් 2017 වසරේ මුල් මාස 10ක කාලය තුළ රුපියල් කෝටි 2190ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. රටේ සමස්ත රාජ්‍ය වියදමට වඩා රාජ්‍ය ආදායමේ වැඩිවීම අය වැය අතිරික්තය ලෙස හඳුන්වන අතර වසර 63කට පසුව වාර්තා වූ ඉහළම අයවැය අතිරික්තය මෙය වන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි. 1994 වසරේ සිට 2016…

ජනාධිපති සැරසෙන්නේ එජාපය විනාශ කිරීමටයි – ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක

බැඳුම්කර කොමිසම් වාර්තාව එළිදක්වමින් ජනාධිපති මෛත්‍රිපාල මහතා අපෙක්‍ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පවසයි.බැඳුම්කර කොමිසමි වාර්තාව එළ දක්වමින් ජනාධීපතිවරයා අපේක්‍ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා කිය.ඒ මහතා එසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැටන් දික්ඔය…

අනුරුද්ධ පොල්ගම්පොළ පොහොට්ටුවෙන් යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා එම පෙරමුණෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රගතිශීලී කණ්ඩායම ලෙස වෙනම සංවිධානයක් පිහිටුවාගෙන තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව පෙනී ඇති බවත්, එය පැරදවීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත් අනුරුද්ධ පොල්ගම්පොල මහතා පැවසීය.අනුරුද්ධ…

බැඳුම්කර වාර්තාෙව් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අරඹන්න – අගමැතිගෙන් මහ බැංකු අධිපතිට උපදෙස්

බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමඟ සාකච්ඡා කොට නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත උපදෙස් දුන්නේය. බැඳුම්කර කොමිසමෙහි නිර්දේශ ක්‍රියාත්මක කරලීම සඳහා අවශ්‍ය පියවර කඩිනම්ව ගැනීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (5) පැවැති…

බැදුම්කර කොමිසමෙන් එජාප මන්ත්‍රීන්ගේ “ෆුට් නෝට්ස් ” වලට පිළිගැනීමක්

ශ්‍රී ලංකා මහා බැංකුවේ 2008 සිට සිදුවූ බැදුම්කර වංචා සෙවීම සදහා පළමුවෙන් කල යුත්තේ වෝහාරික විගණනයක් බව කීමෙන් බැදුම්කර කොමිසම කෝප් කමිටු වාර්තාවට එජාප මන්ත්‍රීන් යෙදු “ෆුට් නෝට්ස් ” වලට පිළිගැනීමක් ලබා දී ඇති බව දේශපාලන අංශ කියයි . බැදුම්කර ගනුදෙනුව පිළිබද කෝප් කමිටු වාර්තාවට එජාප මන්ත්‍රීන් යෙදු “ෆුට් නෝට්ස් ”  මගී කිවේ මෙම පරීක්ෂණය…

බැඳුම්කර කරුණු ගැන නීතිපති උපදෙස් මත ක්‍රියා කරනවා – ජනාධිපති

  මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් අදාළ කටයුතු නීතිපතිවරයාගේ උපදෙස් අනුව විධිමත්ව සහ නීත්‍යානුකූලව කඩිනමින් සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. වාර්තාවේ පිටපතක් දැනටමත් නිතිපතිවරයාට භාර දි ඇතැයිද වාර්තාව පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර මහජනතාවට විවෘත වාර්තාවක් බවට පත් කරන බවද ජනාධිපතිවරයා ඊයේ…

ඡන්දයෙන් ආණ්ඩුව ශක්තිමත් වෙතැයි වෛද්‍ය සංගමය බියෙන්

පළාත් පාලන ඡන්දයෙන් පසුව ආණ්ඩුව දේශපාලන වශයෙන් තවත් ශක්තමත් වන බවත් එයින් තම සංගමයට තිබෙන ශක්තිය පිරිහී යන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී තක්සේරු කොට ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඡන්දයේදී ආණ්ඩුව ශක්තිමත් වීම අවම කරීමට ගතයුතු පියවර ගැනද එම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත. මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාල සිසුන් සම්බන්ධ ප්‍රශ්නය…

සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම මාස දෙකකින්; ඉන්දියාව සමඟ එට්කා ප්‍රමාදයි

සංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ඉදිරි මාස දෙක ඇතුළත සිදුවනු ඇතිබව සංවර්ධන උපායමාර්ග හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය කියයි. එම ගිවිසුම සැකසීම බොහෝදුරට අවසන් වී ඇතිබවද කියති. ඉන්දියාව සමග යෝජිත එට්කා ගිවිසුම තවමත් සකසා අවසන් නැති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියති. එට්කා ගිවිසුම ගිවිසුම ප්‍රමාද වීමට හෙතු වී ඇත්තේ ඉන්දියානු…

පොහොට්ටුවේ නාමයෝජනා 11ක් විසිවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තු එකොළහක් ප්‍රතික්ෂේපවී තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 93ක් සඳහා ඉකුත් 14 දා අවසන්වු පළමු අදියරේ නාමයෝජනා භාරදීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු හයක් ප්‍රතික්ෂේපවිය.  එහිදි කොළඹ දිස්ත්‍රිකයේ මහරගම නගර සභාව, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගර සභාව, අගලවත්ත ප්‍රාදේශිය සභාව , මාතර…

ජනමාධ්‍ය දේශපාලන නිරන්තර ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍යයි – මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර

ජනමාධ්‍යයත් දේශපාලනඥයාත් අතර ගැටුමක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට අවශ්‍යබවත් එය සමනය විය යුත්තක් නොවන බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. ජනමාධ්‍යවේදී ගුණදාස ලියනගේ මහතාගේ ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව පොතෙහි අවසාන ඡේදය උපුටා දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේ ජනමාධ්‍යවේදීන් හා දේශපාලනඥයන් යන දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් බලවත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බවයි. 2005 – 2015 කාලයේ…

ශ්‍රී ලංකාව සෞභාග්‍ය දර්ශකයේ ඉහළට

ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය 0.746ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. සෞභාග්‍යය දර්ශකය මගින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය 2015 වසරේ පැවැති 0.685 සිට පසුගිය වසරේදී එනම් 2016 වසරේදී 0.746 දක්වා ඉහළ ගොස් ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. දර්ශකයේ උප දර්ශක සලකා බැලීමේදී 2015 වසරේ සිට 2016 වසර…