කොච්චිකඩේ පල්ලියේ මරාගෙන මැරුණු බෝම්බකරුගේ විස්තර පියා හෙළි කරයි
පසුගිය මස 21 වන දින පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය සිදුකළා යැයි සැලකෙන අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තා සම්බන්ධ වැඩි දුර විස්තර ඔහුගේ පියා විසින් ඊයේ (14) පැවත් මරණ පරීක්ෂණයේ දී හෙළිකරන ලදී. කොළඹ ප්රදේශයේ ප්රකට ප්ලාස්ටික් බඩු කර්මාන්ත ශාලාවක හිමිකරුවකුගේ පුතකුවන මුවාත් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ හතර වැනියා බවත්…
