කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සිංගප්පූරු ගිණුමෙන් ලංකාවේ කෙනෙකුටත් මුදල් එවලා !

වංචනික ලෙස සිදුකළ එයාර් බස් ගනුදෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ අල්ලස් ලෙස ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදල බැර කෙරුණු සිංගප්පූරු බැංකු ගිණුමෙන් ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයින් එක් අයකු හෝ දෙදෙනෙකුට ද මුදල් ලබාදී ඇති බව හෙළිවී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ…

කපිල චන්ද්‍රසේන පැන ගොස් නෑ ; සී අයි ඩී යට භාරවෙයි

රටින් පැනගොස් ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ ප්‍රකාශ කළ කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිද මීට සුළු මහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇත . ශ්‍රී ලන්කන් එයාර් ආයතනයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සී අයි ඩී යට භාරවීමෙන් පසු අත් අඩංගුවට ගත බව පොලිස් ආරංචි මාර්ග කියයි .

වරෙන්තුව අරන් තියෙන්නේ කපිල චන්ද්‍රසේන රටින් පනින තුරු ඉඳලා – අජිත් මාන්නප්පෙරුම

ඇමරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් වශයෙන් ලබාගැනීම පිළිබඳ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත් අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුව ලබාගෙන ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ගුවන් යානයකට ගොඩවීමෙන් අනතුරුව බව එක්සත් ජාතික පක්ෂය පවසයි.  රාජපක්ෂ රජය තම පවුලේ හිතවතුන්ව ආරක්ෂා කරගන්නේ මේ ආකාරයෙන් බවටයි…

ජිනීවා නියෝජිතයා ලෙස නම් කර ඇති​ චන්ද්‍රප්‍රේම රාජ්‍ය අනුග්‍රහ ලද ඝාතක කල්ලියක සාමාජිකයෙකි

අසූව දශකයේ අගභාගයේදී මානව හිමිකම්  නීතිඥයන්, මාධ්‍යවේදීන්, පාසැල් හා සරසවි සිසුන් ඇතුළු සිය ගණනක් ජනයා ඝාතනයට වගකිව යුතු ඝාතක කල්ලියක සාමාජිකත්වය දැරූ අයකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම, ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයා වශයෙන් පිළිගැනීම ස්විට්සර්ලන්තය විසින් ප්‍රතික්‍ෂේප කළ යුතු ය. සී.ඒ. චන්ද්‍රප්‍රේම සී. ඒ. චන්ද්‍රප්‍රේම එවකදී “තඩි ප්‍රියන්ත” නමින් ප්‍රකටව සිටි අතර, 40,000ක් දෙනා ඝාතනයට ලක්…

කපිල චන්ද්‍රසේන රටින් පිටවෙලා – රජයේ මාධ්‍ය ප්‍රකාශක

තමන්ට වාර්තා වී ඇති අන්දමට නම් ඇමරිකන් ඩොලර් මිලියන 02ක් අල්ලස් ලබාගැනීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.  ඒ අනුව එතුමා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම පොලිසිය සතු කාර්යයක් බවයි රජයේ මාධ්‍ය…

කෝප්-කෝපා කමිටු සාමාජිකයෝ නම් කෙරෙති

රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන්  ලෙස  තෝරා ගත්  ඇමැතිවරුන්  සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  නම් ප්‍රකාශයට පත් කිරීම අද  ( 05)  පාර්ලිමේන්තුවේදී  සිදු කෙරිණි.    පවිත්‍රාදේවී වන්නිආරච්චි , ඩග්ලස් දේවානන්ද ,  වාසුදේව නානායක්කාර ,  දුමින්ද දිසානායක , රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, ශෙහාන් සේමසිංහ, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් හා  උදය ප්‍රභාත්…

පුජිත්ට-හේමසිරිට ඇප

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහ  හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට  කොළඹ මහාධිකරණය  විසින් අද  (05)  ඇප ලබා දුන්නේය. පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය  වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්  වූ චෝදනා මත  ඔවුන්  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය. 

වෝහාරික විගණනයෙන් මහේන්ද්‍රන් ගොඩ ; දැන් කතාව “මහ බැංකුව ම හොරු”

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කර අලෙවිය සම්බන්ධයෙන් නිකුත්කළ වෝහාරික විගණන වාර්තා මගින් පසුගිය රජය කාලයේ සිදු වී ඇති අක්‍රමිකතා හෙළිදරවු වීමත් සමග එම ආණ්ඩුවේ වගකීම් දැරූ උදවිය මහ බැංකුවම හොරු කියන්නට පටන්ගැනීම නිසා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ට මෙතෙක් එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප වන තත්ත්වයක් පැන නැගී ඇත . දැන් විවේචන…

පසුගිය රජය දුන් විශ්‍රාම වැටුප් වැඩිකිරීම නව රජය නවතා දමයි

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා සමනය කිරීම සදහා පසුගිය රජය සමයේ සැලසුම් කොට ක්‍රියාවට නැගීමට කටයුතු කොට තිබු වැටුප් වැඩිකිරීම නවතා දැමීමට රජය තීරණයකොට ඇති බව වාර්තා වෙයි . එයට හේතුව ලෙස සදහන් වන්නේ අවශ්‍ය මුදල් සපයා ගැනීමට නොහැකි වීම බව දැනගන්නට ඇත . 2017 වසරෙන් පසුව විශ්‍රාම ගිය ලක්ෂයකට වැඩි විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සදහා එම…

සන්ධානයේ මහ ලේකම් නොකිරීමට රනිල්-සජිත් තීරණය කළ අය මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන නව දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධූරය සඳහා පත් නොකළ යුතු දේශපාලනඥයින් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර පොදු අවබෝධයක් ඇති වී තිබේ. දෙපාර්ශවය අතර මේ අවබෝධය ඇති වී තිබෙන්නේ නව දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධූරයට නමක් යෝජනා කර එවීමේදී ඒ…

එයාර් බස් ගනුදෙනුවේ ඩොලර් මිලියන 16ක අල්ලසක් ගැන හෙළිවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීම සදහා 2011-2015 අතර කාලයේ කළ ගනුදෙනුවේ දී ඩොලර් මිලියන 16ක් අල්ලස් දීමට පොරොන්දු වී ඉන් ඩොලර් මිලියන දෙකක් ලබා දී ඇති බව බ්‍රතාන්‍යයේ කළ පරීක්ෂණයක දී හෙළිදරවු වී ඇත . ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරියකු ගේ බිරිදට මෙම මුදල් ලබාදීම සිදුව ඇත…

සජිත් ප්‍රේමදාසට එරෙහිව එජාප කෘත්‍යාධිකාරියෙන් රතු නිවේදනයක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගීමට නියමිත පුළුල් දේශපාලන සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය ගෙන මහ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට තමා සූදානම් ද නැද්ද යන්න පිළිබඳ ඍජු තීරණයක් ගනිමින් ඒ බව පක්ෂයට දැනුම්දීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අවසාන වශයෙන් සතියක කාලයක් ලබාදීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දු කළේය. රටේ උද්ගත වී තිබෙන දේශපාලන…