පකිස්ථාන අගමැති පාර්ලිමේන්තුව ඇමතීම අවලංගුයි ; පැමිණීමත් අවිනිශ්චිතයි; ආණ්ඩුව ඇතුලේ ගැටුමේ ප්‍රතිඵලයක්

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට වෙන්කර තිබු අවස්ථාව අවලංගු කොට ඇති බව වාර්තා වෙයි. ඒ මහතා 22 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුන  ද එම සංචාරය ද සිදු නොවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග කියයි. මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මුස්ලිම් රටවල් සමග යහපත් සම්බන්ධතාවයක් සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව ඇතුලේ…

කොවිඩ් 19 ආසාදිතයෝ 756 ක් අදත් හඳුනා ගැනෙති ; සමස්තය 77,184 ක් දක්වා ඉහළට

කොවිඩ් 19 ආසාදිතයින් 756 දෙනකු අද දිනයේ හඳුනාගත් බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 77,184 ක් දක්වා ඉහළ ගියේ ය. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 73,158 ක් වශයෙනි

අදත් කොවිඩ් මරණ හයයි ;එකතුව 409 යි

අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිත මරණ හයක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 409 ක් දක්වා ඉහල ගොස් ඇත. අද දිනයේ මරණ වාර්තා වුයේ පානදුර , විලඔය , පිළියන්දල , කොච්චිකඩේ, අම්බලන්ගොඩ සහ නයිනමඩම , ප්‍රදේශවලිනි.

අගමැතිගෙ මතය කියන්නෙ ආණ්ඩුවේ මතය නෙවෙයි – ගම්මන්පිල

කොරෝනා මරණ භූමදානය කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඔහුගේ පෞද්ගලික මතය මිස ආණ්ඩුවේ මතය නොවන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. එය කිසිසේත් ආණ්ඩුවේ මතය යැයි කිසිවෙකුත් සැළකිය යුතු නොමැති බවයි අද පැවති කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ. කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් ආදාහනය කරන්නේද භූමදානය…

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා සුවය ලබා ගෙදර යයි

කොවිඩ් ආසාදනයෙන් බරපතළ රෝගී තත්ත්වයට පත්ව අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වනිනිආරච්චි මහත්මිය සම්පුර්ණ සුවය ලබා අද උදේ රෝහලින් පිටව ගිය බව වාර්තා වෙයි. කොවිඩ් රෝගී තත්ත්වය නිසා එතුමිය දින විස්සක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවා ය. එතුමිය සුවය ලැබුව ද තව දුරටත් සිවසේ නිරෝධායනය වියයුතු බව කියති

මහාචාර්ය චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ධුරයට

විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කර ඇත. වැඩබලන ඇමතිවරයා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය. චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ද වේ. මේ අතර…

අපි 20ට ඡන්දය දුන්නේ කොරෝනා මෘතදේහ භූමදානයට පොරොන්දු වූ නිසා..- මුස්ලිම් කොංග‍්‍රසය

20 වන සංශෝධනය පක්ෂව ඡන්දය ලබා දුන්නේ කොරෝනා මෘතදේහ භූම දානයට ඉඩ දෙන බවට ආණ්ඩුව විසින් පොරොන්දු වූ නිසා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි. එම පක්‍ෂ නායක රවුෆ් හකීම් මහතා හැර සෙසු මන්ත්‍රීවරුන් 4 දෙනාම මාධ්‍ය වෙත කියා සිටියේ තමන් ආණ්ඩුවේ එම පොරොන්දුව මත 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් බවයි. නමුත් මෙතෙක්…

තවත් කොවිඩ් රෝගීහු 774 ක් අද සොයා ගැනෙති ; එකතුව 76,427 යි

කොවිඩ් 19 ආසාදිතයින් 774 දෙනෙකු අද දිනයේ ද හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව මේ වනවිට මෙරටින් සොයාගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 76,427 කි. එයින් 72,401 ක් ම වාර්තා වුයේ 2020 ඔක්තෝබර් මාසයේ සිට ව්‍යාප්ත වූ කොවිඩ් රැල්ලේ ආසාදිතයින් වශයෙනි. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියන්නේ ක්ෂේත්‍රයේ තමන්ට හමුවන ආසාදිත සංඛ්‍යා සහ රජයෙන් ප්‍රකාශයට පත්කරන…

අදත් මරණ හයක් ; කොවිඩ් මරණ සංඛ්‍යාව 400 පනී

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ මරණ හයක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 403 ක් දක්වා ඉහළ ගියේ ය. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ දිවුලන්කඩවල, පල්ලේ තලවින්න , නුගේගොඩ ,හංවැල්ල, හුන්නස්ගිරිය සහ වත්තල ප්‍රදේශවලිනි.

තවත් කොවිඩ් මරණ හතක් ; එකතුව 397 ක්

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ තවත් මරණ හතක් ඊයේ දිනයේ දී වාර්තා වී ඇත. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා  වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 397 කි. ඊයේ කොවිඩ් මරණ වාර්තා වුයේ ගොතටුව, අංගොඩ, කුරුනෑගල,මහවෙල, පේරාදෙණිය ගම්පොල සහ යාපනය ප්‍රදේශවලිනි. හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතාගේ මරණය ද ඊයේ වාර්තා වූ නමුත් එම මරණය තවමත් මෙම…

අලුතින් කොව්ඩ් රෝගීන් 801 ක් හඳුනා ගනියි ; එකතුව 75,653 යි

කොවිඩ් 19 ආසාදිතයින් 801 දෙනෙකු ඊයේ දිනයේ ද හඳුනාගනු ලබා ඇත. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 75,653 ක් ලෙස සටහන් වෙයි. වත්මන් කෝවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 71,627 කි.

හිටපු කතානායක විජමු අභාවප්‍රාප්ත වෙයි

හිටපු කථානායකවරයකු, ඇමතිවරයකු මෙන් ම ප්‍රකට දේශපාලනඥයකු වූ විජම ලොකුබණ්ඩාර මහතා කොළඹ අයි ඩී එච්  රෝහලේ දී  අභාවප්‍රාප්ත වීය. අසනීප තත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළුකර සිටි ලොකුබණ්ඩාර මහතා කොවිඩ් රෝගියකු ලෙස හඳුනා ගැනීමෙන් පසු නාරාහේන්පිට පොලිස් රෝහලට මාරුකර යවනු ලැබී ය. රෝගය උත්සන්න වීම නිසා දින කිහිපයකට පෙර ඒ මහතා අයි ඩී එච් රෝහලට…