මුල්‍ය අරමුදලේ වාර්තාව තමන්ට නොලැබුණු බව මුදල් ඇමති බැසිල් සර්ව පාක්ෂික සමුළුවට කියයි ; රනිල් සමග ගැටුමක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වාර්ෂික සමාලෝචන ක්‍රියාවලියට අනුව ශ්‍රී ලංකාව ගැන සකස් කළ වාර්තාව තමන්ට ලැබී නැති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද සර්ව පාක්ෂික සමුළුවේ දී ප්‍රකාශ කළේය. එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන්නයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් කළ ඉල්ලීමට බාධා කරමින් මුදල් ඇමතිවරයා එසේ කී විට වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ මුල්‍ය…

සර්ව පාක්ෂික සමුළුව ආරම්භයේ දී ම රනිල් , කබ්රාල් ගැටෙති

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සර්ව පාක්ෂික සම්මේලනය ආරම්භයේ දී ම, මහ බැංකු අධිපති අජිත් නිවාඩ කබ්රාල් මහතා කළ ප්‍රකාශයකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි විවේචනයක් එල්ල කළ බව වාර්තා වෙයි. වර්තමාන ආර්ථික අර්බුදයට පසුගිය ආණ්ඩුවට වරද පටවමින් කබ්රාල් මහතා කළ ප්‍රකාශයක් නිසා කෝපයට පත් රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තමාට…

උද්ධමනය 17.5% දක්වා ඉහළට ; ආහාර උද්ධමනය 24 7% යි

උද්ධමනය වැඩි වීමේ මාස ගණනාවක් තිස්සේ පැවති ප්‍රවනතාවය තව දුරටත් තහවුරු කරමින් පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 දක්වා ඉහළ ගොස් තිබේ. ජනවාරි මාසයේදී එය සටහන්වූයේ 16.8% ක් ලෙසයි. පසුගිය ඔක්තෝබර් මාසයේ සියයට 5.7 ක් ව පැවති එය මාස ගණනාවක් තිස්සේ දිගින් දිගට ඉහළ යමින් පවතින්නේ එසේ විය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරමින්…

බොරු චෝදනා මත නිවාඩු යැවූ වෛද්‍ය සාෆි සහබ්දීන්ට හිග වැටුප් සමග සියලු දීමනා ගෙවන්න තීරණය කරයි.

වඳ සැත්කම් කළ බවට බොරු චෝදනා එල්ල කරමින් කුරුණෑගල රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය සාපි සහබ්ඩීන් මහතා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතුව තිබූ වැටුප්, දීමනා සහ අතුරු දීමනා සියල්ල ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (23) දැනුම් දුන්නේය. නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි…

කබ්රාල් , බැසිල් දෙදෙනා ම ඉවත් කළ යුතුයි – හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙක් කියති

රටේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේත් හිතුවක්කාර තීරණ සහ ඒ දෙදෙනා අතර ද අන්‍යොන්‍ය සම්බන්ධයක් නොමැතිකම බවත්, එම දෙදෙනා ම තනතුරුවලින් ඉවත් නොකර වත්මන් අර්බුදයෙන් ගොඩ යා නොහැකි බවත්, හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙක් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළහ. මහ බැනු අධිපතිවරයා එක් එක් අවස්ථාවල එක්…

ජේ ආර්, ප්‍රේමදාස ජනාධිපතිවරු මහ රෑත් කතාකර විපක්ෂයේ අපේ අදහස් විමසුවා ; අප පත් කළ ආණ්ඩුවේ නායකයින් හමුවෙන්නවත් බැහැ – කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර

ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස ජනාධිපතිවරුන් එකල විපක්ෂයේ පක්ෂ නායකයකු සහ මන්ත්‍රීවරයකුව සිටි තමාගෙන් මහ රෑ පවා කතා කොට අදහස් විමසු බවත්, දැන් තමන් පත්කරගත් ආණ්ඩුවේ නායකයින් වූවමනාවකට වත් හමුවෙන්න බැරි බවත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා පෙන්වා දුන්නේ ය. ජාතික අර්බුදයක දී සියලු පක්ෂවල අදහස් විමසීම රාජ්‍ය නායකයින්…

ආර්ථිකය වනසන බහිරවයෝ – ආචාර්ය සරත් අමුණුගම

කොවිඩ් වසංගතය හා ඊට පෙර විදේශ විනිමය හැසිර වූ ස්වභාවය විසින් වත්මන් අර්බුදය ඇති කරන ලදැයි කියන ප්‍රකාශයට මම එකඟ නොවෙමි. වෙනත් ඕනෑම අර්බුදයකදී මෙන්ම මේ අර්බුදයට බලපෑ ඓතිහාසික තත්ත්ව හා වර්තමාන සන්දර්භයක්ද තිබේ. මෙම අර්බුදය ඉතිහාසයේ ගත් තීන්දු තීරණ හේතුවෙන් හටගත් එකකැයි කිව නොහැකිය. එසේම වත්මන් සන්දර්භය නිසා උද්ගත වූවකැයි ද පැවසිය නොහැකිය. එම…

විමල් ,ගම්මන්පිල වර්ජනය කළ සර්ව පාක්ෂික සමුළුවට මහජන පක්ෂයත් යයි

  සර්ව පාක්ෂික සමුළුව තම පක්ෂ විසින් වර්ජනය කරන නමුත් පක්ෂ දහයම වෙනුවෙන් අතුරලියේ රතන හිමි සහ මහචාර්ර්ය තිස්ස විතාරණ මහත්ග්වරුන් පමණක් සහභාගී වන බව විමල්, ගම්මන්පිල , වාසු කණ්ඩායම ප්‍රකාශ කොට තිබුන ද ,එම කණ්ඩායමේ පක්ෂයක් වන ශ්‍රී ලංකා මහජන පක්ෂය සමුළුවට සහභාගී වීමට තීරණය කොට තිබේ. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ රැස්වී මෙම…

දෙමළ ජාතික සන්ධානය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වෙයි

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් කැඳවනු ලැබ ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන බව දෙමල ජාතික සන්ධානය කියයි. පවතින අර්බුදයට සාමුහිකව විසඳුම් සෙවීමට මෙම අවස්ථාව භාවිතා කිරීමේ අරමුණෙන් එම පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට තීරණය කොට ඇත. සමුළුව හෙට පැවැත්වීමට නියමිත ය.  

අද කොවිඩ් වාර්තා; මරණ 4 යි, නව ආසාදිතයින් 281 යි

අද දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන අනුව තහවුරු කළ මරණ සංඛ්‍යාව 4 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 281 කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 16,440 ක් වශයෙනි. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත මේ වනවිට 569,869 ක් ලෙස සටහන් වෙයි.

නිමල් ලන්සා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් වෙයි ; තවත් බලා ඉන්න බෑ කියයි

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී‍ ඇත. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි වාර්තා වේ. අමාත්‍යවරයකු ලෙස තවත් වසර තුනකට වැඩි කාලයක් තනතුරේ සිටිය හැකි නමුත්, ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින මෙම අවස්ථාවේදී කිසිඳු තැකීමකින් තොරව බලා සිටිය නොහැකි බවත්, තනතුරු, වරප්‍රසාද හා බලයට…

සර්ව පාක්ෂික සමුළුවට රනිල් සහභාගී විය යුතු බව පක්ෂය තීරණය කළා – එජාප නියෝජ්‍ය ප්‍රධාන ලේකම් අඛිල විරාජ් කාරියවසම්

ජනාධිපතිතුමා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය යුතු බව පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. පක්ෂයට කුමන විවේචන එල්ල වුවත් මේ අවස්ථාවේ රට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ යන්නට යමක් කළ හැකි යයි සිතන කුමන අවස්ථාවක්…