‘ඉක්මන් නොකලොත් ජිවිත රැසක් නැති වෙන්න පුළුවන්’ – රනිල් අනතුරු අඟවයි     

වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් ජීවිත රැසක් නැතිවීමේ බරපතල තත්ත්වයක් මතුව ඇතැයි හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු අඟවා සිටියි. ”දැන්මම අවශ්‍ය  ක්‍රියාකළේ නැතිනම් ජිවිත ගණනාවක් නැති වෙන්න පුළුවන්. රටේ ජනතාව ගැන අනුකම්පාවක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලය මේ වගකීම අරගන්න. එතන පළපුරුද්දක් තියෙන අය ඉන්නවා. ඒ අනුව ක්‍රියාකරන්න කියලා මම විශේෂ ඉල්ලීමක්…

තානාපතිවරුන්ගේ විරෝධය හමුවේ පාම් ඔයිල් තහනමත් රිවස් කරයි !

පාම් තෙල් ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ තහනම අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ විරෝධය හමුවේ අදාල තහනම ඉවත් කිරීමට සිදුව ඇති බවයි. මෙරට සිටින, එම රටවල තානාපතිවරුන් වෙළඳ අමාත්‍යවරයා අමතා පවසා තිබෙන්නේ එම තහනම ලෝක වෙළඳ සංවිධානයේ එකඟතා උල්ලංඝනය කිරීමක් බවයි. මෙම තත්ත්වය හමුවේ පාම් ඔයිල් ආනයනය…

ජෝ බයිඩන්ට තමන්ගේ වැඩක් බලාගන්න කියූ ආණ්ඩුව අමෙරිකාවෙන් ආධාර ඉල්ලයි

  ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු කොවිඩ් අර්බුදය හමුවේ එයට මුහුණ දීමට ආධාර කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමෙරිකා එකසත්  ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි. කොවිඩ් අර්බුදයෙන් විපතට පත්ව සිටින තුන්වැනි ලෝකයේ රටවලට අවශ්‍ය ආධාර ලබාදීමට සුදානම් බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් ද උපුටා දක්වමින් මෙම ඉල්ලීම කළ…

තවත් කන්න දෙකකට තෙල් පොහොර රටේ තිබුණා. අපි දන්නෑ, කවුදෝ ඒවා හංගලා – මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි

තවත් කන්න දෙකක් වගාකිරීමට ප්‍රමාණවත් මට්ටමෙන් කෘෂි රසායන ද්‍රව්‍ය සහ රසායනික පොහොර රට තුළ තිබෙන නමුත් කවුරුන් හෝ විසින් ඒවා සඟවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි. “තවත් කන්න දෙකකට සෑහීමකට පත්වෙන්න පුළුවන් ඇතිවෙන්න තෙල් ටික සහ පොහොර ටික අපේ රටේ තියෙනවා. මොකද්ද මේ ඇති කරගෙන තියෙන කලබලය ?…

රසායනික ගෙන්වන්න බලපත්‍ර ක්‍රමයක් !

බලපත්‍ර ක්‍රමයක් යටතේ රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට අවසර දීම සඳහා ගැසට් නිවේදනයක් අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 6 දා දාතම යටතේ නිකුත් කොට ඇත. සියලු රසායන ද්‍රව්‍ය ගෙන්වීමේ තහනම මෙමගින් ලිහිල් කොට ඇති අතර රසායනික ගෙන්වීමේ බලපත්‍ර ලබා දෙන්නේ කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බව ද සඳහන් ය. එමෙන් ම, මැයි 5 දා…

කොවිඩ් මරණ 800 පනී ; අද දිනයේ 15 ක්

කොවිඩ් ආසාදිත මරණ 15ක් අද දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 801 ක් වෙයි. කොවිඩ් රෝගී වුව ද, වෙනත් රෝග තිබී මියයන අයගේ සංඛ්‍යා කොවිඩ් මරණ ලෙස වාර්තා කිරීම නවතා දමා ඇත. මේ වනවිට කොවිඩ් මරණ ලෙස වාර්තා කරන්නේ, වෙනත් රෝග නොමැතිව, කොවිඩ් රෝගය පමණක් ඇතිව මරණයට පත්වන …

අගමැතිගේ මෙවර පක්ෂ නායක සමුළුවට මහ පක්ෂය නෑ !

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අනිද්දා (11 දා ) කැඳවා ඇති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගී නොවන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය වී ඇත්තේ ආණ්ඩුවේ සියලු පක්ෂ සමාන මට්ටමේ සැලකිය නොහැකි බව සහ රටේ විශාල බලයක් හිමි තම පක්ෂයට පක්ෂ නායක රැස්වීමේ දී වැඩි…

කොවිඩ් තව පිම්මක් පනී ; අද දිනට ආසාදිතයින් 2672 ක් ; රට වහන්න සාකච්ඡා !

දිනපතා වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාවේ තවත් වාර්තාගත වැඩිවීමක් සටහන් කරමින් අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 2672 ක් වාර්තා  වී ඇත. මෙය දිනක දී මෙරටින් වාර්තා වූ ඉහළ ම රෝගීන් සංඛ්‍යාව වන අතර මීට පෙර වාර්තා වූ වැඩි ම සංඛ්‍යාව වුයේ පසුගිය 5 වැනි දා වාර්තා වූ 1939 ක් වන සංඛ්‍යාව යි. අද වාර්තා වූ…

කොවිඩ් 19 සංඛ්‍යා කළමනාකරණය හමුදාවෙන් ; නිරෝධායනයේ හමුදාවේ වැඩ අඩපණයි ; සෞඛ්‍ය අංශ අසරණ වෙයි !

දිනපතා වාර්තාවන කොවිඩ් 19 ආවාදිත සංඛ්‍යා රැස්කිරීම, ගණනය කිරීම සහ නිකුත් කිරීමේ සියලු වැඩ කටයුතු යුද හමුදාව විසින් සිදුකරනු ලබන බවත්, සෞඛ්‍යය අංශ එම වගකීම්වලින් ඉවත් කොට ඇති බවත් වාර්තා වෙයි. දිනපතා සිදුවන කොවිඩ් නව ආසාදිතයින් වාර්තා වීම, මියයන සංඛ්‍යා ආදී තොරතුරු වාර්තා හමුදාවෙන් සකස් කොට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ලබාදුන් විට ඒවා නිකුත්කිරීම පමණක් ප්‍රවෘත්ති…

අද කොවිඩ් මරණ 22 ක් ; ඉහළ ම සංඛ්‍යාව වාර්තා වෙයි

අද දිනයේ කොවිඩ් මරණ සංඛ්‍යාවේ මෙතෙක් දෛනික ඉහළ ම අගය වන මරණ 22 ක් වාර්තා වී ඇත. මේ අනුව රටේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 786 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙඅර දිනක උපරිම සංඛ්‍යාව වුයේ ඊයේ වාර්තා වූ මරණ 19 ක සංඛ්‍යාව යි.

අදත් නව කොවිඩ් ආසාදිතයින් 1896 ක්

අද දිනයේ ද තවත් කොවිඩ් ආසාදිතයින1896 දෙනෙකු අලුතින් වාර්තා වී ඇත. ඒ අතරින් 1890 ක් ශ්‍රී ලංකාව තුල කොවිඩ් ආසාදනය වුවන් වන අතර 6 දෙනෙක් විදේශවල පැමිණියෝ වෙති. මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 123,234 ක් වශයෙනි.

ආණ්ඩුව තවත් ගැසට්ටුවක් ගහයි ! පොල්තෙල්වලට වෙන තෙල් දාන්න බැහැ

  ආහාර මිල පාලනයට සහ තත්ත්ව පාලනයට ගැසට නිවේදන ගණනාවක් පසුගිය කාලයේ නිකුත් කළ රජය තවත් ගැසට්ටුවක් නිකුත් කොට ඇත. මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග කලවම් කිරීම සම්බන්ධයෙනි එම ගැසට් නිවේදනය අනුව, ආහාරයට ගන්නා පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කිරිමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන…