විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට හා බිරිඳට කොවිඩ්

විපක්ෂනායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි. ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත යොමුකර ඇති බව දැනගන්නට ඇත. සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් සඳහා එන්නත් තවමත් ලබා නොගත් බව පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්…

අවන්ගාඩ් සේනාධිපතිට තවත් නඩු 36 ක් !

ගාලු වරායේ නීති විරෝධී අවි ගබඩාවක් පවත්වාගෙන ගියේ යයි පවරා  තිබු නඩුවෙන් අවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා නිදහස ලැබුව ද ඔහුට එරෙහිව තවත් නඩු 36 ක් විභාගයේ පවතින බව වාර්තා වෙයි. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් විවිධ චෝදනා යටතේ වෙන වෙන ම මෙම නඩු පවරා ඇති බව කියති .ඉදිරි කාලයේ වරින් වර මෙම…

කොවිඩ් මරණ 48 ක් , ආසාදිතයින් 2906 ක් වාර්තා වෙයි

එක දිනක සිදුවන කොවිඩ් මරණ වාර්තාව නැවත වතාවක් අලුත් කරමින් ඊයේ දිනයේ මරණ 48 ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1178 ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ මෙරටින් වාර්තා වූ නව ආසාදීතයින් සංඛ්‍යාව 2906 කි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 161,239 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පොහොර නැති රටක ගොවිතැන – අනුර සූරියබණ්ඩාර

මෙරට ගොඩ මඩ ගොවිතැනට රසායනික පොහොර හඳුන්වාදී තවම දසක කිහිපයකට වඩා ගෙවී නැත .ඉතිහාසයක් පුරා ගොවිතැනට හුරුව සිටි මෙරට ජනතාවට අතීතයේදී රසායනික පොහොර අවශ්‍ය නොවූයේ වගාබිම් බහුල වීම යැපෙන්නන් අඩුවීම වැනි දේ හේතුවෙනි . එකම භෝගය කාලයක් පුරා එක බිමක වවද්දී පිටතින් පොහොර වගා භූමියට යෙදීමට සිදුවේ .එහිදී ගත හැකි පියවර වන්නේ එක්කෝ කාබනික පොහොර…

ඩොලර් බිලියන ගාණකුත් රැකියා 25000කුත් නැති කරපු රාජිතට, චම්පිකට, අනුරට, අර්ජුනට සතුටුයිද ? – නිශ්ශංක සේනාධිපති

ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂණ සමාගමට එරෙහිව අසාධාරණ ලෙස නඩු පැවරීම හේතුවෙන් ගතවූ වසර පහක කාලය තුළ රටට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආදායමක් ද 25000ක පමණ පිරිසකට රැකියා ද අහිමි වූ බව එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි. “අවුරුදු පහක් තිස්සේ මේ නඩුව ඇස්සෙව්වා. ඒ වගේම මම කියන්න ඕනෙ, මේ රටට එන්න තිබ්බ ඩොලර් බිලියන ගාණක්…

කොවිඩ් දිනක මරණ වාර්තාව 44 ට නගී : අලුත් ආසාදිතයින් 3547 ක්

ආණ්ඩුවේ නිල සංඛ්‍යා ලේඛන අනුව ඊයේ දිනයේ අලුතින් වාර්තා වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 44 කි. ඒ අනුව මෙරට කොවිඩ් නිසා මියගිය සමස්ත ආසාදිත සංඛ්‍යාව 1132 ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් නිසා වෙනත් රෝග උත්සන්න වීමෙන් මියගිය සංඛ්‍යා මෙයට ඇතුළත් නැත. ආණ්ඩුව නිල වශයෙන් වාර්තා කළේ ඊයේ හමු වූ ආසාදිත සංඛ්‍යාව 3547 ක් වශයෙනි….

සජිත්ට එරෙහි සජබ කැරැල්ලක්; පක්ෂයේ තීරණ නොතකා රජයේ රණවිරු සමරුවට ගියැයි විරෝධය

සමගි ජන බලවේගය පක්ෂය තුළ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ඇති විරෝධය මේ වනවිට තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. පක්ෂ නායකයන්ගේ පොදු තීරණ නොසලකා රජයේ රණවිරු සමරු උළෙලට සහභාගී වීම ඔහුට එරෙහිව බරපතළ විරෝධයක් වර්ධනය වීමට හේතු වී තිබේ. කොවිඩ් වසංගතය උපරිම ලෙස වර්ධනය වී ඇති මේ මොහොතේ සමරු උත්සව පැවැත්වීම අනුමත…

එජාපයෙන් නෙරපීමට එරෙහිව පළාත් පාලන නියෝජිතයින් ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දමයි

පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනා මත එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ඊට එරහිව ගොනු කොට තිබු පෙත්සම් අධිකරණය විසින් අද විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කරනු ලැබී ය. මෙලෙස,ඉකුත් මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය පළ කළ  කිරීම නිසා සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 38ක් ගොනු…

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු දෙනා නිදොස් කොට නිදහස් කෙරේ

මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද  නියෝග කළේ ය. ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව එම තීන්දුව ලබා…

සෞඛ්‍ය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ හා නිලධාරීන් වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට බලපාන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් උපුටා දක්වමින්, එම විධිවිධාන නොසලකා සෞඛ්‍ය සේවාවට අදාලව  මාධ්‍ය වෙත තොරතුරු සපයන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමේ ලිපියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ සහ නිලධාරීන් වෙත නිකුත් කර තිබේ. කොවිඩ් 19 වසංගතය බරපතල ලෙස වර්ධනය වෙමින්…

මාධ්‍යයට ඇත්ත කීම වෛද්‍ය සංගමයට, පී එච් අයි ලා ට තහනම් කරයි

මාධ්‍යයට තොරතොරු ලබාදීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන්ට තහනම් කරමින් සෞඛ්‍ය අමාතත්‍යයංශය චක්‍රලේඛයක් නිකුත් කොට ඇත. රජය විවේචනය වන ලෙස මාධ්‍යයට කරුණු දැක්වීම සෞඛ්‍ය සේවයේ සියලු නිලධාරීන්ට තහනම් කොට ඇති එමගින් වැඩිදුරටත් ප්‍රකාශ  කොට ඇත්තේ එලෙස තොරතුරු දෙන නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය යටතේ විනය පියවර ගන්න බව යි. වෛද්‍ය සංගම්, පී එච් අයි සංගම් සහ සෞඛ්‍ය…

දිනක මියගිය කොවිඩ් වාර්තාව 38 ට නගී ; නව අසාදිතයින් 3441 ක්

දිනක දී මියගිය කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ යලිත් අලුත් වෙමින් 38 දක්වා ඉහළ ගියේ ය. ඒ අනුව මෙරට කොවිඩ් නිසා මියගිය සංඛ්‍යාව 1089 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව කොවිඩ් ආසාදිතයින් 3441 ක් ඊයේ දිනයේත් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් අසාදිත සංඛ්‍යාව 154,784 ක් දක්වා ඉහළ ගොස් තිබේ