නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් නව නීතිපති ලෙස දිවුරුම් දෙයි

නීතිපති තනතුරට පත්වීම් ලැබූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද ( 26 )පස්වරුවේ දිවුරුම් දුන් බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. රාජරත්නම් මහතා මෙරට 48 වැනි නීතිපතිවරයාය. නීතිපති ධූරයේ මෙතෙක් කටයුතු කළ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා එම ධූරයෙන් පසුගිය 24…

අතුරුගිරිය – කැළණි පාලම ගුවන් මාර්ගය ඉදිකිරීමත් අයිතියත් චීන සමාගමකට

අතුරුගිරියේ අධිවේගී පිවිසුමේ සිට කැළණි පාලම දක්වා වන ගුවන් පාලම ඉදිකොට වසර 18 ක් අයිතිය දැරීම සඳහා චීන සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. මෙම මාර්ගය ලබාදෙන්නේ කොළඹ වරාය  නගරයේ ඉදිකිරීම් කටයුතු කරන චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට ය. බී ඕ ටී හෙවත් ඉදිකොට මෙහෙයුම් කොට භාරදීමේ පදනම යටතේ ඉදිවන මෙහි අයිතිය වසර 18…

තවත් කොවිඩ් මරණ 28 ක් ;ආසාදිතයින් 2706 ක්

තවත් කොවිඩ් ආසාදිත මරංඅ28 ක් අද වාර්තා වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරට සිදු වී ඇති සම්පුර්ණ කොවිඩ් මරණ සංඛ්‍යාව 1269 ක් බවට පත්වෙයි. අද මෙරටින් වාර්තා වූ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2706 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 169,868 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වීල් බැරෝවක් රැගෙන කඩේ ගිය අයෙක් අත් අඩංගුවට

වීල් බැරෝවක් රැගෙන ගෙදරට බඩු ගෙන්න ගිය අයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට වන චෝදනා මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුකොට ඇත්තේ ඔහු මුව ආවරණයක් පැළඳ නොසිටි බව කියමිනි. අලුත්ගම ධර්ගා නගරයේ දී මෙම අත් අඩංගුවට ගැනීම සිදුකොට තිබිණි. අද දිනයේ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැනීම සඳහා නිරෝධායන නීති…

රට වැසීම කළ යුත්තේ සැලසුම් ඇතිවයි – එජාප සභාපති වජිර අබේවර්ධන

  රට වැසීම සිදු කළ යුතු වන්නේ මහජනයාට ජන ජීවිතය පවත්වාගෙන යන්නට යම් ඉඩක්  සහ පහසුකම් සපයමින් සැලසුමකට අනුව බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ ගැන මාධ්‍යයට කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් ය. රට දින 14ක් සම්පූර්ණයෙන්ම වසා තබන්න පෙර මහජනතාව දැනුවත් කර ඒ අයට දින දෙකක් පමණ ලබා දී අවශ්‍ය…

ඊයේ කොවිඩ් මරණ වාර්තාව 33 යි; ආසාදිතයින් 2970 යි

ඊයේ දිනය තුළ වාර්තා වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 33කි. එයින් මරණ 5 ක් ඊයේ සිදු වූ ඒවා බවත්, 28 ක් මැයි 17 – 22 අතර සිදු වූ බවත්, රජයේ නිවේදනයේ සඳහන් ය. මෙම වාර්තා අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1243 කි. අලුතින් කොවිඩ් ආසාදිතයින් 2971 ක් ද ඊයේ හඳුනාගෙන ඇත….

පයිං ගිහිං බඩු ගැනීමේ තීන්දුව විකාරයක් – ඩිලාන් පෙරේරා

පයිං ගිහිං බඩු ගැනීමේ තීන්දුව විකාරයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලයිස්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි. ඔහු මේ බව පැවසූවේ අද (24) හිරු රූපවාහිනී නාලිකාවේ පැවති සලකුණ වැඩසටහනට එක්වෙමිණි. එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ඩිලාන් පෙරේරා… “හෙට දිනයේදී මිනිස්සුන්ට බඩු ගන්න අවස්ථාව ලබලා දීලා, වාහනයක බඩු ගන්න සුපර් මාර්කට් එකකට යන්න එපා…

” මම එනකොටත් පාරේ වාහන වැඩියි; මේවා නතර කරන්න” ; ජනපති නියමයෙන් වාහනවලින් ගමන් තහනම් !

” අද මම එනකොටත් පාරේ වාහන වැඩියි. දොස්තරලගේ ලාංචන ගහගෙන ගොඩක් වාහන යනවා . මෙච්චර දොස්තරලා ඉන්නවා ද ? මේ වාහන ගමන් නතර කරන්න ” යි කොවිඩ් මර්දන කමිටුවට ජනාධිපති අද දුන් උපදෙස් අනුව නිවෙසට අවශ්‍ය බඩු භාණ්ඩ මිල දී ගැනීමට ද වාහනවලින් යාමට ඉඩ නොදෙන බව රජය අද නිවේදනය කළේ ය. ඒ අනුව සංචරණ…

පොහොර: විද්‍යාත්මක විමසුමක් – ආචාර්ය රනිල් වැලිවිටිය

මෙතෙක් කල් ශ්‍රී ලංකාව තුළ භාවිතා කළ රසායනික පොහොර වර්ග ආනයනය සහ භාවිතය තහනම් කරමින් ගන්නාලද තීරණයේ විනාශකාරී ප්‍රතිඵල දැක මේ ලිපිය ලියන්නට මට සිත්විය. විද්‍යාඥයකු ලෙස, ශාක සහ කෘෂිකර්මයට අදාළ විද්‍යාත්මක තතු පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් කිරීමේ වගකීමක් හා බැඳීමක් මා හට ඇතැයි මම සිතමි. මෙම තහනම නිසා රට පුරා පැතිරෙන ආහාර හිඟයක් සහ…

“කොවිඩ් ගැන කලබල වෙන්න එපා, ඉබේ ම අවසන් වෙනවා” – ආණ්ඩුවේ ව්‍යාපාරිකයෙක් ආණ්ඩුවට ලනුවක් දීලා !

කොරෝනා මර්දනයට පමණට වඩා වෙහෙස වීම අවශ්‍ය නැති බවත්, එය ඉබේ ම තුරන් වී යනු ඇති බවත්, මේ රජයට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකු ආණ්ඩුවේ ප්‍රබලයින්ට උපදෙස් දී තිබු බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. කොවිඩ් වර්ගයේ මෙම වෛරස පැතිරී ටික දිනකින් ඉබේ විනාශ වී යන බව මෙම ව්‍යාපාරිකයා තම පරීක්ෂණ වල සොයාගැනීමක් ලෙස පෙන්වා දී…

පරිපාලන සේවයේ චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ නව ස්වරූපයක් –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය හමුවේ කල් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ නව ආකාරයක තර්ජනයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි.  වින්දිත චමිල ජයසිංහ පවසන අන්දමට ඔහුගේ අත්අඩංගුවට ගැනීම…

ඊයේ කොවිඩ් මරණ 32ක් ; 27 ක් කලින් මරණ ; ආසාදිතයින් 2945 ක්

ඊයේ දිනයේ කොවිඩ් රෝගී මරණ 32 ක් වාර්තා  වී ඇත. එයින් 27 ක් අප්‍රේල් 23 න පසුව පෙරේදා දක්වා කාලය තුළ සිදු වූ මරණ බව රජය වාර්තා කරයි. එම මරණ මෙතෙක් කොවිඩ් මරණ ගණනට ඇතුළත් කොට නොතිබිණි. මේ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1210 කි . මෙයින් මරණ 600 ක් ම පසුගිය අවුරුදු…